ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/09 8 පි.
  • හයවැන්න: සමාව දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හයවැන්න: සමාව දෙන්න
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සමාව දෙන්නේ කොහොමද?
    2013 පිබිදෙව්!
  • 4 සමාව දෙන්න
    2018 පිබිදෙව්!
  • යාළුකම දුර දිග ගිහින්ද?
    2013 පිබිදෙව්!
  • සමාදාන වීමට හැකිද?
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 10/09 8 පි.

හයවැන්න: සමාව දෙන්න

“එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.”—කොලොස්සි 3:13.

ඉන් අදහස් කරන දේ. ප්‍රීතිමත් යුගදිවියක් ගත කරන යුවළක් තම අතීත සිදු වීම්වලින් බොහෝ දේ ඉගෙනගන්නවා. නමුත් එකිනෙකා අතින් සිදු වූ අඩුපාඩු මතකයේ තබා ගෙන “ඔයා නම් හැමදාම පරක්කුයි” හෝ “ඔයා ඉතින් කවදද මම කියන දේ ඇහුවේ” කියා පවසමින් සුළු සුළු අඩුපාඩු දෙගුණ තෙගුණ කරමින් චෝදනා කරන්නේ නැහැ. ඒ වෙනුවට ‘වරද අමතක කර දැමීම අලංකාර ගුණාංගයක්’ බව යුවළක් විශ්වාස කරනවා.—හිතෝපදේශ 19:11, NW.

එය වැදගත් වීමට හේතුව. යෙහෝවා දෙවි ‘සමාව දීමට කැමතියි.’ නමුත් මිනිසුන් නම් ඊට වඩා වෙනස්. (ගීතාවලිය 86:5, NW) එකිනෙකා අතින් මීට පෙර සිදු වූ වැරදිවලට සමාව නොදී ඒවා සිතේ තබාගතහොත් ඉදිරියේදී සිදු විය හැකි වැරදිවලට කොහෙත්ම සමාව නොදෙන තත්වයට පත් විය හැකියි. එවිට තමන්ට හැඟෙන ආකාරය ගැන ඔහුට හෝ ඇයට නොපැවසීමටත් අනික් තැනැත්තාගේ හැඟීම් ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීමටත් ඉඩ තිබෙනවා. අවසානයේදී කිසිම ප්‍රේමණීය බැඳීමක් නැති විවාහයක් තුළ තමන් සිර වී සිටින බවක් ඔවුන් දෙදෙනාටම හැඟෙන්න පුළුවන්.

මෙය අත්හදා බලන්න. ඔබ දෙදෙනා විවාහ වීමට පෙර ගත් ඡායාරූප බලන්න. ගැටලු මතු වීමට පෙර අනික් තැනැත්තා කෙරෙහි ඔබට තිබූ ඒ ආදරය නැවත ඇති කරගැනීමට උත්සාහ කරන්න. ඔබේ සිත ඔහු හෝ ඇය වෙත ඇදී ගිය ඒ ගුණාංග ගැන සිතන්න.

◼ ඔබ දැන් වැඩියෙන්ම අගය කරන්නේ ඒවායින් කුමන ගුණාංගද?

◼ ඔබ සමාව දෙන කෙනෙකු බව දරුවන් දකින විට එමගින් ඇති විය හැකි හොඳ ප්‍රතිඵල ගැන සිතන්න.

ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ එකඟ නොවීම් ඇති වන විට පසුගිය වැරදි මතක් නොකර ගැටලු විසඳාගත හැකි ආකාරය ගැන සිතන්න.

ඔහුගේ හෝ ඇයගේ කදිම ගුණාංග ගැන අගය කිරීම හොඳ දෙයක් නොවෙයිද?—හිතෝපදේශ 31:28, 29.

ඔබගේ දරුවන්ට සමාව දිය හැකි ක්‍රම ගැන සිතන්න.

සමාව දීම සහ ඒ තුළින් පවුලේ එක් එක් සාමාජිකයාට ලැබෙන ප්‍රයෝජන ගැන ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කිරීම යහපත් දෙයක් නොවෙයිද?

[8වන පිටුවේ පින්තූරය]

සමාව දීම ණය මුදලක් අමතක කරනවාට සමානයි. ඔබ එය නැවතත් මතක් කරන්න උත්සාහ කරනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න