ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/13 4-5 පි.
  • යාළුකම දුර දිග ගිහින්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාළුකම දුර දිග ගිහින්ද?
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • සමාදාන වීමට හැකිද?
    1999 පිබිදෙව්!
  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 10/13 4-5 පි.

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

යාළුකම දුර දිග ගිහින්ද?

ප්‍රශ්නය

ඔයාට හොඳ යාළුවෙක් ඉන්නවා. හැබැයි එයා විරුද්ධ ලිංගයේ කෙනෙක්. “එයා එක්ක ඕනෙ ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. එයා මාව තේරුම්ගන්නවා. අපි හොඳ යාළුවො විතරයි.” එහෙම තමයි ඔයා හිතන්නේ. ඒත් ඔයාගේ සැමියා හෝ බිරිඳ ඒ යාළුවා ගැන හිතන්නෙත් ඒ විදිහටමද?

පෙනෙන විදිහට නම් ඔයාගේ සම්බන්ධෙ දුර දිග ගිහිල්ලා වගේ. ඔක්කොටම කලින් ඒ වගේ සම්බන්ධයකට පැටලෙන්න මුල් වුණේ මොකක්ද කියලා හොයලා බලමු.

ඇයි එහෙම වෙන්නේ?

අඩුව පුරවගන්න. ඕනෙම කෙනෙක්ට විරුද්ධ ලිංගයේ කෙනෙක්ගේ අවධානය ලැබදේදී හොඳ හැඟීමක් ඇති වෙනවා. මාවත් අනිත් අයට අගෙයිනෙ, මටත් හොඳ පෙනුමක් තියෙනවානෙ කියලා හිතලා තමන් ගැන පුංචි ආඩම්බරයක් ඇති වෙනවා. ඒත් විවාහ වෙලා කාලයක් ගියාට පස්සෙ විරුද්ධ ලිංගයේ කෙනෙක්ගේ අවධානය ඔයාට ලැබෙද්දී ඔයාට සහනයක් දැනෙනවා නම් ඒක භයානකයි. ඒ සහනය පිටස්තරයෙක්ගෙන් ලැබෙද්දී ඒක මුල පුරන්නේ ප්‍රශ්න ගැටලුවලට. ඔයා මේ විදිහට විවාහයෙන් පිට කෙනෙක් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගත්තොත් ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම දුර්වල වෙනවා. වෙන විදිහකින් කියනවා නම් ඔයාගෙ සැමියාට හෝ බිරිඳට ලැබෙන්න ඕනෙ සෙනෙහස දැන් ලැබෙන්නෙ වෙන කෙනෙකුටයි.

• මෙහෙම හිතන්න. “මම පිට කෙනෙක්ගෙන් ලබා ගන්න හදන දේ මගෙ විවාහය තුළින් ලබාගන්න බැරිද?”

ගැටලු මතු වෙලා. බයිබලයේ කියනවා විවාහ වුණු අයට යම් “දුෂ්කරතාවලට” මුහුණ දෙන්න වෙනවා කියලා. (1 කොරින්ති 7:28) සමහරක් වෙලාවට ඔයාට දැනෙනවා ඇති ඔයාව ගණන් ගන්නේ නැහැ, ඔයා කරන දෙයක් අගය කරන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් දෙන්නා අතරෙ ඇති වුණු ප්‍රශ්නයක් තාමත් විසඳිලා නැති නිසා හිතේ තරහක් ඇති. සැමියා හෝ බිරිඳ ඒ දේවල් කතා කරලා විසඳගන්නත් කැමති නැහැ. මේ වගේ දේවල් වෙද්දී ඔයා කලකිරිලා පිට කෙනෙක්ට ළං වෙන්න පුළුවන්. විවාහ ජීවිතේ ප්‍රශ්න විසඳගන්නෙ නැත්නම් සතුට අහිමි වෙන්නත් විවාහය දික්කසාදෙන් කෙළවර වෙන්නත් ඉඩ තියෙනවා කියලා විද්වතුන් පවා කියනවා.

• මෙහෙම හිතන්න. “මං විවාහයෙන් බලාපොරොත්තු වෙන දේ නොලැබෙන නිසාද මම වෙන කෙනෙක්ට ළං වෙන්න හදන්නේ?”

මොනවද කරන්න පුළුවන්?

අනතුර තේරුම්ගන්න. “මිනිසෙකු ගින්දර තම ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?” (හිතෝපදේශ 6:27) විවාහ වෙලා ඉන්න කෙනෙක් හැටියට ඔයා පිටස්තර කෙනෙක් ගැන ආලවන්ත හැඟීමක් ඇති කරගන්න එක අනතුරක් කියලා අමතක කරන්න එපා. (යාකොබ් 1:14, 15) ඒ වගේ හැඟීමක් නිසා ඉස්සරහට මොන වගේ තත්වයක් ඇති වෙයිද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ, දැනටමත් සිදු වෙලා තියෙන දේ තේරුම්ගන්න. ඇත්තටම ඔයා කරන්නේ සැමියාට හෝ බිරිඳට දෙන්න ඕනෙ අවධානය තව කෙනෙක්ට දීමයි.

රැවටෙන්න එපා. කෙනෙක්ට හිත ගියාම ‘අනේ මං එයාව බැන්දා නම් කොච්චර හොඳද කියලා’ හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ සැමියාගේ හෝ බිරිඳගේ දුර්වල පැති හිත ගිය කෙනාගේ හොඳත් එක්ක සන්සන්දනය කරන නිසයි. ඒ වගේ සන්සන්දනයක් කිරීම හරිම අසාධාරණයි. මතකද ඔයාගේ සැමියා හෝ බිරිඳ හමු වෙච්ච මුල් කාලෙ ඔයාට හැඟුණෙත් අද අර පුද්ගලයා ගැන හැඟෙන විදිහටම නේද?—යෙරෙමියා 17:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සීමාවන් තියාගන්න. ඔයාගේ විවාහය ආරක්ෂා කරගන්න ඔයාටත් පියවර ගන්න පුළුවන්. මූලිකම පියවර තමයි “සිත ආරක්ෂා කරගන්න” එක. (හිතෝපදේශ 4:23) ඒ දේ කරන්න ඔයාට පහත තියෙන යෝජනා උදව් වෙයි.

  • ඔයා බැඳපු කෙනෙක් කියලා අනිත් අයට දැනගන්න සලස්වන්න. ඔයාට පුළුවන් සැමියාගේ හෝ බිරිඳගේ පින්තූරයක් වැඩ පොළේ තියාගන්න.—උත්පත්ති 2:24 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

  • විරුද්ධ ලිංගයේ අය එක්ක ආශ්‍රය කරද්දී ඔයා කරන්නේ මොනවද, කරන්නේ නැත්තේ මොනවද කියලා කලින්ම තීරණය කරන්න. උදාහරණයකට කාර්යාලයේ වැඩ කරන විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක පවුලෙ ප්‍රශ්න කතා කරන එක, තනියම කෑමක් බීමක් ගන්න එලියට යන එක වගේ දේවල් සුදුසු නැහැ.

  • ඔයා විරුද්ධ ලිංගයේ කෙනෙක්ට හුඟක් ළං වෙලා නම් පුළුවන් ඉක්මනින් ඈත් වෙන්න. ඒක කරන්න අමාරු නම් ඒ ඇයි කියලා හිතලා බලන්න. ඒ සම්බන්ධය රැකගන්න උත්සාහ කරනවාට වඩා සැමියා හෝ බිරිඳ එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන විවාහය රැකගන්න මහන්සි වෙන්න.—හිතෝපදේශ 5:18, 19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.”—යෙරෙමියා 17:9.

  • ‘මිනිසෙක් තම බිරිඳට ඇලුම් වන්නේය.’—උත්පත්ති 2:24.

  • ‘ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න. ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්න.’ —හිතෝපදේශ 5:18, 19.

“අපි නිකම්ම යාළුවෝ විතරද”?

මේ ගැන හිතන්න.

  • මම එයත් එක්ක මගේ පවුල් ප්‍රශ්න ගැන කතා කරනවද?

  • එයත් එක්ක කතා කරන්න මං අවස්ථා හොයනවද?

  • සැමියාගෙන් හෝ බිරිඳගෙන් අපේ යාළුකම මං හංගනවාද?

  • සැමියා හෝ බිරිඳ ඉන්න තැන එයත් එක්ක කතා කරද්දී මට අපහසුතාවක් දැනෙනවද?

  • අපි කතා කරන දේවල් අහගෙන හිටියොත් සැමියට හෝ බිරිඳට මං ගැන සැක හිතෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න