ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/13 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඉතාලිය
  • ආර්මේනියාව
  • ජපානය
  • චීනය
  • පටුන
    2012 පිබිදෙව්!
  • නීතිය හා සම්බන්ධ වාර්තා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • වාහන තදබදයේදී ඉවසීමෙන් සැනසීම
    2007 පිබිදෙව්!
  • නීතිය හා සම්බන්ධ වාර්තා
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 10/13 3 පි.

දස දෙසින්

ඉතාලිය

2011දී කාර්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබුණේ බයිසිකල්වලටයි. මීට ආර්ථිකය බිඳ වැටීම, ඉන්ධන මිල ඉහළ යෑම සහ කාර් නඩත්තු කිරීමට වැඩි මුදලක් වැය වීම වගේ දේවල් හේතු වෙන්න ඇති කියා සිතනවා. ඒත් බයිසිකලයක් නඩත්තු කරන්නත් ලේසියි, සාක්කුවටත් වාසියි, ගමනත් පහසුයි.

ආර්මේනියාව

හමුදා අධීක්ෂණය යටතේ අනිවාර්යය සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 17දෙනෙක්ව ආර්මේනියා රජය විසින් සිරභාරයට ගත්තා. නමුත් මානව හිමිකම් පිළිබඳව යුරෝපීය අධිකරණය එය මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියා තීන්දු කළා. තරුණයන්ට සිදු වූ අලාභය හා නඩු ගාස්තු ගෙවන්න කියාත් ආර්මේනියා රජයට පැවසුවා.

ජපානය

දරුවන් අපරාධවලට ගොදුරු වෙන්න මිතුරු සමාජ වෙබ් අඩවිත් දායක වෙලා. ගොදුරු වූ දරුවන්ගෙන් සියයට 63ක්ම කිව්වේ එවැනි අනතුරු ගැන දෙමාපියන් එයාලව දැනුවත් කළේ නැහැ කියලයි. සොයා බැලූ සිද්ධීන් 599කට අදාළ පුද්ගලයන්ගෙන් සියයට 74ක්ම කිව්වේ එවැනි වෙබ් අඩවිවල ඔවුන් සැරිසරන්නෙ දරුවන්ව ලිංගික අපචාරයට යොදාගන්න කියලයි.

චීනය

අලුතෙන් වාහන ලියාපදිංචිය අවම කිරීමෙන් ප්‍රධාන නගරවල වාහන තදබදය අඩු කිරීමට පියවර අරං. නිදසුනකට බීජිංවල වසරකට වාහන 2,40,000කට වඩා ලියාපදිංචි කරන්නේ නැහැ. ලොතරැයි ක්‍රමයට වාහන ලියාපදිංචි කිරීමට 2012 අගෝස්තු මාසයේ අවස්ථාව ලැබුණේ වාහන 19,926කට විතරයි. නමුත් මිලියනයකට වඩා ඒ සඳහා ඉල්ලුම් කර තිබුණා. ඒ කියන්නෙ වාහන 53කින් එකකටයි අවස්ථා ලැබුණේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න