ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/10 21 පි.
  • ලොව පුංචිම වවුලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොව පුංචිම වවුලා
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සීමිත වාසභූමියක්
  • අඳුරෙත් ඉලක්කය නොවරදින වවුලා
    නිර්මාණයක්ද?
  • වන පෙත සුරකින අපේ යාළුවෝ
    2014 පිබිදෙව්!
  • සත්ව ලෝකයේ විස්මිත සංවේද ඉන්ද්‍රියයන්
    2003 පිබිදෙව්!
  • පියා සලන්නේ කෙලෙසද මෙලෙසින්
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 2/10 21 පි.

ලොව පුංචිම වවුලා

● ජීව විද්‍යාඥ කිටී ටෝන්ක්ලෝංයා සහ ඔහුගේ කණ්ඩායම 1973දී තායිලන්තයේ සා යෝක් දිය ඇල්ල අසල ගුහාවකින් වවුලන් 50කට වැඩි ගණනක් අල්ලාගත්තා. ඒ වන විට එම විශේෂය හඳුනාගෙන තිබුණේ නැහැ. පසුව ඔහු උන්ගෙන් කිහිපදෙනෙකුව පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ ආචාර්ය ජේ. ඊ. හිල් වෙත යැව්වා. නමුත් තමන් නව වවුල් විශේෂයක් සොයාගෙන ඇති බව දැනගැනීමට පෙර කිටී මිය යෑම කනගාටුවට කරුණක්. කෙසේනමුත් හිල් විසින් කිටීට ගෞරව පිණිස එම වවුල් විශේෂය ක්‍රාසිඕනිස්ටරිස් ටෝන්ක්ලෝංයා ලෙස නම් කළා.

අඟල් 1.25ක් පමණ දිග මෙම වවුලා පියාපත් දිගහැරිය විට උගේ පළල අඟල් පහක්වත් නැති තරම්. උන් වවුලන්ගෙන් කුඩාම විශේෂය වන අතර කුඩාම ක්ෂීරපායි සතුන්ගෙන්ද එකෙක්. උගේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ උගේ නහය ඌරෙකුගේ හොම්බට සමාන වීමයි. එමෙන්ම ඌට වල්ගයක් නැති අතර කන් කුහර ආවරණය (ආලිය) ඉදිමී ඇති බවක් දිස් වෙයි.

සීමිත වාසභූමියක්

මෙම වවුල් විශේෂය දකින්න ලැබෙන්නේ තායිලන්තයේ සා යෝක් ජාතික වනෝද්‍යානයේ සහ මියන්මාරයේ සමහර ප්‍රදේශවලයි. අනිකුත් විශේෂයන් මෙන් මොවුන්ද කෘමීන්ව ගොදුරු කරගන්නේ ශබ්ද පරාවර්තන උපයෝගී කරගෙනයි. තම ශරීරයට වඩා විශාල පියාපත් ඇති නිසා ගුවනේ රැඳී සිටිමින් ගස් කොළන්වල වසා ඇති කෘමීන්ව ගොදුරු කරගැනීමට උන්ට හැකියි. උන් ලගින්න වැඩි කැමැත්තක් දක්වන්නේ උණුසුම් වාතාවරණයක් පවතින හුණුගල්පර ගුහාවලයි. උන් එහි මුදුනේ ඇති කුහරවල වාසය කරන අතර එය උන්ට ආරක්ෂාවක් වගේම ශරීර උෂ්ණත්වය නිසි අයුරින් පවත්වා ගැනීමටද උපකාරවත් වෙනවා. මෙම කුඩා සත්වයාට උගේ නිර්මාණකරු ලබා දී ඇත්තේ මොන තරම් පුදුමාකාර හැකියාවක්ද!—එළිදරව් 4:11.

ක්‍රාසිඕනිස්ටරිස් ටෝන්ක්ලෝංයා යන වවුල් විශේෂය ඉතාමත් දුර්ලභ වන අතර උන් වාසය කරන්නෙත් ඉතාමත් සීමිත ප්‍රදේශයකයි. එමනිසා උන්ගේ ආරක්ෂාව සඳහා පියවර නොගතහොත් උන් වඳ වී යෑමේ දැඩි තර්ජනයකට මුහුණ දිය හැකියි. උන්ව සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබුණත් මිනිසුන්ගේම ක්‍රියාකාරකම් නිසා කැලෑ එළි කිරීම්, මහාමාර්ග ඉදි කිරීම් හා සංචාරක කටයුතු වැනි දෑ හේතුවෙන් මේ පුංචි වවුලන්ගේ ජීවිත තර්ජනයට ලක් වී තිබෙනවා.

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ලොකුම හා පොඩිම වවුලා

වවුලන් විශේෂ 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ක්ෂීරපායි සත්වයන් අතරින් පියාසර කරන එකම සත්වයා වවුලයි. විශාලතම වවුල් විශේෂය හඳුන්වන්නේ (1) ඉගිලෙන වෘකයන් යන නමිනුයි. (Pteropus vampyrus) ඊට හේතුව උන්ගේ මුහුණ වෘකයෙකුගේ මුහුණට සමාන වීමයි. උන් පියාපත් දිගහැරිය විට එහි සම්පූර්ණ දිග අඩි පහකටත් වඩා වැඩි වන අතර බර කිලෝග්‍රෑම් එකක් පමණ වෙයි. නමුත් කුඩාම වවුල් විශේෂය වන (2) ක්‍රාසියෝනිස්ටරිස් ටෝන්ක්ලෝංයා නමැති වවුලා පියාපත් දිගහැරිය විට එහි පළල අඟල් පහක්වත් නැති තරම්. ඒ වගේම උගේ බර ග්‍රෑම් දෙකක් පමණ වෙයි.

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photos: © Merlin D. Tuttle, Bat Conservation International, www.batcon.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න