ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/10 29 පි.
  • පිළිහුඩුවාගේ හොට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිළිහුඩුවාගේ හොට
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කුරුමානම නොවරදින වර්ණවත් පිළිහුඩුවා
    2010 පිබිදෙව්!
  • පටුන
    2010 පිබිදෙව්!
  • පටුන
    2010 පිබිදෙව්!
  • “දැති” සහිත දුම්රියක්
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 4/10 29 පි.

නිර්මාණයක්ද?

පිළිහුඩුවාගේ හොට

● පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ගමන් කරන බුලට් ට්‍රේන් නමින් හඳුන්වන ජපානයේ මඟී දුම්රිය, ලෝකයේ තිබෙන වේගවත්ම දුම්රියවලින් එකක්. එහි සාර්ථකත්වයට පුංචි කුරුල්ලෙකුත් දායක වී ඇති බව ඔබ දන්නවාද? ඒ කුරුල්ලා නම් පිළිහුඩුවායි. ඒ කොහොමද?

මේ ගැන සිතා බලන්න: ජලය වැඩිපුර කලඹන්නේ නැතුව එතුළට කිමිදී තම ගොදුර ඩැහැගැනීමේ විශේෂ හැකියාවක් පිළිහුඩුවා සතුයි. උගේ එම හැකියාව ජපානයේ දුම්රිය ඉන්ජිනේරුවරයෙක් වන ඊජී නකාට්සුගේ උනන්දුවට හේතු වුණා. ඉහත කී දුම්රියේ ධාවන කටයුතු අධීක්ෂණය කළේ ඔහුයි. ගුවනේ සැහැල්ලුවෙන් පියඹා යන පිළිහුඩුවා ක්ෂණිකව ජලය තුළ කිමිදීම සඳහා සකස් වන්නේ කෙසේද යන්න ගැන ඔහු කල්පනා කළා. ඊට පිළිතුරු සොයාගැනීම මගින් ඉහත කී දුම්රියේ යම් යම් ගැටලු නිරාකරණය කිරීමට ඔහුට හැකි වුණා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “අධි වේගයෙන් ගමන් කරන දුම්රියක් උමං මාර්ගයක් තුළට ඇතුල් වන විට එය තුළ විශාල පීඩනයක් ඇති වෙනවා. ඉන් හටගන්නා තරංග ක්‍රමානුකූලව උදම් රළ තරම් ප්‍රබල වෙනවා. පසුව ඒවා ශබ්දයේ වේගයෙන් උමඟේ කෙළවරින් පිට වෙනවා. එවිට විශාල දෙදරුම්කෑමක් සිදු වන අතර එය මීටර් 400ක් තරම් ඈතින් තිබෙන නිවෙස්වලටත් ඇසෙන බවට පැමිණිලි කර තිබෙනවා.”

ඒ නිසා පිළිහුඩුවාගේ හොටෙහි හැඩයට සමාන උල් හැඩයෙන් යුතුව දුම්රියේ මුහුණත නිර්මාණය කිරීමට තීරණය කෙරුණා. එහි ප්‍රතිඵලය? එම දුම්රිය පෙරට වඩා සියයට දහයක වැඩි වේගයකින් ගමන් කිරීමටත් සියයට 15කින් ඉන්ධන අඩු කරගැනීමටත් හැකි වී තිබෙනවා. එමෙන්ම පෙර මෙන් විශාල දෝංකාර හඬක් නිකුත් නොවන බවද වාර්තා වෙනවා.

කල්පනා කර බලන්න: පිළිහුඩුවාට එම හොට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Kingfisher diving: Woodfall/Photoshot; bullet train: AP Photo/Kyodo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න