ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/10 21-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එය නිවැරදි තීරණයක්ද?
  • යේසුස්ගේ නියෝජිතයෙක් වූ යොහන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 9/10 21-31 පි.

පවුලේ සැමට

එය නිවැරදි තීරණයක්ද?

මාක් 12:41-44 දක්වා කියවා ඔබේ පිළිතුර ලියන්න.

1. මුදල් බඳුන තිබුණේ කොතැනද?

හෝඩුවාව: මාක් 12:35; 13:1 කියවන්න.

.....

2. වැන්දඹුව කළ පරිත්‍යාගය සුළු වුණත් යේසුස් එය අගය කළේ ඇයි?

හෝඩුවාව: මාක් 12:28-30 දක්වා කියවන්න.

.....

3. ‘ජීවත් වීමට තිබුණු සියල්ලම’ දැමුවත් වැන්දඹුව දුක් වින්දේ නැහැ කියා ඔබට ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

හෝඩුවාව: මතෙව් 6:25, 31-33 දක්වා කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

වැන්දඹුව කළ දේ ඥානවන්ත දෙයක් කියා ඔබ සිතනවාද? ඒ ඇයි? පරිත්‍යාග කිරීමේ පුරුද්ද ඔබට තිබෙනවා නම් ඉන් ඔබට ලැබෙන්නේ කුමක්ද?

හෝඩුවාව: ලූක් 6:38; ක්‍රියා 20:35 කියවන්න.

යේසුස්ගේ නියෝජිතයෙක් වූ යොහන් ගැන ඔබ දන්නේ කුමක්ද?

4. ආගමික නායකයන් යොහන්ව සැලකුවේ දක්ෂ කථිකයෙක් හෝ විශාරදයෙක් ලෙසද?

හෝඩුවාව: ක්‍රියා 4:13 කියවන්න.

.....

5. යොහන්ට ලැබුණ විශේෂ වරප්‍රසාදය කුමක්ද?

හෝඩුවාව: එළිදරව් 1:1-3 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

යොහන් බයිබලයේ පොත් කීයක් ලියනු ලැබුවාද? ඔබට යොහන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

9වන පිටුව වැඩි සතුටක් ලැබිය හැකි වන්නේ කුමක් කිරීමෙන්ද? ක්‍රියා 20:...

9වන පිටුව යේසුස්ගේ අනුගාමිකයන්ව හඳුනාගන්නා ලකුණ කුමක්ද? යොහන් 13:...

21වන පිටුව දෙවි ලබා දෙන සමාදානයට කුමක් කළ හැකිද? ෆිලිප්පි 4:...

22වන පිටුව දෙවි සමීපව සිටින්නේ කාටද? ගීතාවලිය 34:...

● පිළිතුරු 21වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. දේවමාලිගාවේ.

2. ඇය තමාට තිබූ සියල්ලම දෙවිට දුන්න නිසා.

3. අපි දෙවිට මුල් තැන දෙනවා නම් දෙවි අපිව බලාගන්නා බවට පොරොන්දු වී තිබෙනවා.

4. නැහැ. ඔවුන් ඔහුව සැලකුවේ වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය කෙනෙක් ලෙසයි.

5. එළිදරව් පොත ඇතුළු බයිබලයේ තවත් පොත් ලිවීමේ වරප්‍රසාදය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න