ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/10 29 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • භයානක භූමිකම්පා
  • අනතුරුදායක රැකියා
  • ලාභ බඩු හොරුන්ට පාඩුයි
  • මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?
    බයිබලයෙන් උත්තර
  • භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ
    2002 පිබිදෙව්!
  • ස්වාභාවික විපත්—කාලවල ලකුණක් ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 12/10 29 පි.

දස දෙසින්

සර්බියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම රටේ ලියාපදිංචි වීම සඳහා කළ ඉල්ලීම, එහි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය පිළිගෙන තිබෙනවා. වර්ෂ 1930 සිට සාක්ෂිකරුවන් එම රටේ සිටින බව රජයේ වාර්තාවල පෙන්නුම් කරනවා.

වර්ෂ 2009දී අන්තර්ජාලයෙන් ලබාගත් ගීතවලින් සියයට 95ක්ම ලබාගෙන තිබෙන්නේ නීති විරෝධී ලෙසයි.—TIME, U.S.A.

භයානක භූමිකම්පා

“පසුගිය දශකය තුළ සිදු වූ දරුණුතම ව්‍යසන අතරින් ප්‍රධාන තැන හිමි වන්නේ භූමිකම්පාවලට” බව එක්සත් ජාතීන්ගේ ව්‍යසන පිළිබඳ සංවිධානයේ වාර්තාවකින් හෙළි වුණා. විවිධ ව්‍යසනවලින් මිය ගිය මුළු සංඛ්‍යාවෙන් සියයට 60ක්ම මිය ගොස් තිබෙන්නේ භූමිකම්පා නිසයි. දැනට ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින නගර දහයෙන් අටක්ම පිහිටා තිබෙන්නේ භූමිකම්පා සිදු වන ස්ථානවලයි. පසුගිය වසර දහය තුළ විවිධ ව්‍යසන 3,852කින් 7,80,000කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

අනතුරුදායක රැකියා

මාධ්‍යවේදීන් අද්දුටු දරුණුතම වසර වූයේ 2009 වසරයි. එම වසරේදී මාධ්‍යවේදීන් 110දෙනෙකුව මරා දැමූ බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමය පැවසුවා. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය, පකිස්තානය, ඉරාකය සහ සෝමාලියාව වැනි ගැටුම් පවතින රටවල මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට තර්ජනයක් තිබෙනවා. ඔවුන් එවැනි ස්ථානවලට යෑමට අකමැත්තක් දක්වන නිසා, එවැනි ප්‍රදේශවල සිදු වීම් ගැන ප්‍රමාණවත් තොරතුරු දැනගැනීමට බැරි වී තිබෙනවා. පසුගිය දශකය තුළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට වැඩිම තර්ජනයක් තිබුණේ ඉරාකයේයි. පසුව පිළිවෙළින් පිලිපීනය, කොලොම්බියාව, මෙක්සිකෝව සහ රුසියාවත් එම තත්වයටම පත් වී තිබෙනවා.

ලාභ බඩු හොරුන්ට පාඩුයි

“ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා අඩු මුදලකට ලබාගත හැකි නිසා බ්‍රිතාන්‍යයේ සිටින සොරුන්ට ඒවා සොරකම් කිරීමෙන් කිසිම පලක් නැහැ” කියා රොයිටර් පුවත් සේවය වාර්තා කළා. උදාහරණයකට DVD යන්ත්‍රයක් ඉතා සුළු මුදලකට ලබාගත හැකි නිසා ඒවා සොරකම් කිරීම ඔවුන්ට පාඩුයි. ඒ නිසා ඔවුන් ගෙවල්වලට පැන සොරකම් කරනවා වෙනුවට මඟතොටේදී ජංගම දුරකථන වැනි දේවල් මංකොල්ල කෑමට පුරුදු වී සිටිනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න