ස්වාභාවික විපත්—කාලවල ලකුණක් ද?
“ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය.” දැනට සියවස් 19කට පෙර මෙම වදන්වලින්, යේසුස් වහන්සේ සිය ගෝලයන්ට පැහැදිලි කරමින් සිටියේ, නොපනත්කමේ වැඩි වීමක් ද, දේව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලෝක ව්‍යාප්ත ව දේශනා කිරීමක් ද සමඟින්, මෙවන් විපත්තිදායක සිද්ධීන් “මේ දේවල පිළිවෙළේ සමාප්තිය” [NW] සලකුණු කරන්නා වූ සංයුක්ත ලකුණක් හඳුන්වා දෙනු ලබන බව ය.—මතෙව් 24:3-14.
මෙය සැලකිල්ලට ගනිමින්, අපට මෙවන් ප්‍රශ්න අසන්නට පුළුවන: පසු ගිය පරම්පරාවන්ට වැඩියෙන් අප විනාශකාරී භූමිකම්පා, සැඩ කුණාටු, ජල ගැලීම්, නියඟයන් හා සාගතයන් අත්දකිමින් සිටිනවා ද? එමෙන් ම විද්‍යාවේ හා තාක්ෂණයේ ප්රවර්ධනයන් තිබියදීත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සමානුපාතික ව වඩා වැඩි ජන සංඛ්‍යාවක් වේදනා විඳිමින් සිටිනවා ද?
බොහෝ දෙනෙක් ඔව් කියා පිළිතුරු දෙනු ඇත. උදාහරණයක් වශයෙන්, නිව් සයන්ටිස්ට් නම් සඟරාව, “පසුගිය දශකයන්ට වඩා 1990 ගණන් තුළ වැඩි විපත් සංඛ්‍යාවක් ලෝකයට බලාපොරොත්තු වන්නට පුළුවන” කියා අනතුරු අඟවයි. යූඑන් ක්‍රොනිකල් සඟරාවේ 1991 ජූනි කලාපයේ, ලෝක කාලගුණ සංවිධානයේ අධ්‍යක්ෂක සමානාකාරයෙන්, මෙසේ පැවසී ය: “කාරණා සිදු වන්නට යන ආකාරය ඉතා පැහැදිලි ය. එක් දහස් නවසිය හැට ගණන්වල පටන් 1980 ගණන් දක්වා . . . ප්‍රබල ස්වාභාවික විපත් සංඛ්‍යාවේ පස්ගුණයක වැඩි වීමක් හා පූර්ණ ආර්ථික අලාභයේ තුන්ගුණයක වැඩි වීමක් සිදු වී ඇත.” විෂය සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක සැබෑ දර්ශනයක් සපයමින්, එක්සත් ජාතීන්ගේ ජගත් සෞඛ්‍ය සංවිධානයේ සඟරාව වන, වර්ල්ඩ් හෙල්ත් නිරීක්ෂණය කළේ මෙලෙසයි: “ස්වාභාවික විපත් මෙන් ම ඒවායේ විනාශකාරී බලපෑම් හා සම්බන්ධ උදාහරණ ඉතිහාසය පුරා ම දක්නට ලැබේ. කෙසේ වෙතත්, 21වන සියවස වඩ වඩාත් සමීපවෙත් ම, ජන විකාශයේ, පරිසර හා තාක්ෂණ තත්ත්වයන්හි වෙනස් වන්නා වූ සම්මිශ්‍රණයකට අප මුහුණ දී සිටින අතර, මේ නිසා බොහෝ ජන පිරිසක් ස්වාභාවික මෙන් ම මිනිසා ඇති කරන විපත්තිවල බලපෑමට වඩාත් පහසුවෙන් ගොදුරු විය හැකි තත්ත්වයනට පත්වෙති.
වත්මන් සිද්ධීන් කෙරෙහි අවධානය යොමු කරන්නා වූ ඕනෑ ම කෙනෙක් එවන් ප්‍රකාශයන් ගැන පුදුම වන්නට යන්නේ නැත. පිලිප්පීනයේ ගිනි කන්දක පිපිරීමක්, කැලිපෝනියාවේ භූමි කම්පාවක්, බංග්ලාදේශයේ ජල ගැලීමක්, සෝමාලියාවේ සාගතයක්, හවායි හි සැඩ කුණාටුවක්, නැතහොත් නිකරාග්වාවේ උදම් රළක් යනාදි උද්වේගකාරී පුවත් ජනමාධ්‍යයන්හි කිසි අඩුවකින් තොර ව දක්නට ලැබේ. ලෝකයේ එක් කොටසක හෝ වෙනත් කොටසක විපතක් පිළිබඳ වාර්තාවක් නොමැති ව මාසයක් ගත වන්නේ කලාතුරකින් ය.
මෙය නොවැදගත් යමක් හැටියට සමහරෙක් නොසලකා හරිති. අපගේ කාලයේ විපත්වල වැඩි වීමක් දක්නට තිබෙන්නේ වඩා හොඳ වාර්තා කිරීමක් නැතහොත් වඩා හොඳ ලේඛන තැබීමක් නිසා යයි ඔවුහු තර්ක කරති. වැඩි ජනගහණයක් විපත්වලින් වේදනා ලබන්නේ අද දවසේ අධි ජනගහණයක් ජීවත් ව සිටින නිසා යයි ද ඔවුහු වැඩිදුරටත් තර්ක කරති. මෙම තර්ක මගින් යථා තත්ත්වය පැහැදිලි වේ ද?
ඉහත උපුටා දක්වන ලද නිව් සයන්ටිස්ට් ලිපියේ පවසා ඇති දෙය සිතට ගන්න. “විපත් 523ක් 1960 ගණන්වල වාර්තා වූ අතර 1970 ගණන්වල 767ක් වාර්තා විය. වර්ෂ 1980 ගණන්වල එම සංඛ්‍යාව 1387 දක්වා වැඩි වී ඇත.” “පසුගිය දශකයේ පෙනෙන්නට තිබූ වර්ධනයෙන් කොටසක්, චීනයේ හා සෝවියට් සංගමයේ විපත් වඩාත් විවෘත ව වාර්තා කිරීම නිසා සිදු වන්නට ඇත” යයි ද එය වැඩිදුරටත් පැහැදිලි කරයි. අනතුරුව එය පවසනුයේ, “එසේ වුවත්, විපත් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී” යනුවෙනි. විපත් සංඛ්‍යාවේ වේගවත් වැඩි වීම වඩා හොඳ වාර්තා කිරීම් හෝ වඩා හොඳ ලේඛන තැබීම් නිසා පමණක් සිදුවන බව පවසමින් එය නොසලකා හැරිය හැකි යමක් නොවන්නේ ය.
තවදුරටත්, 1992 මාර්තු මාසයේ යූඑන් ක්‍රොනිකල් මෙසේ වාර්තා කරයි: “පසුගිය දශක දෙක තුළ, ස්වාභාවික විපත් නිසා, දළ වශයෙන් මිලියන 3ක් පමණ දෙනා මිය ගොස් ඇති අතර, මිලියන 800කට පමණ ‘විනාශයන්ගෙන්, දුෂ්කරත්වයන්ගෙන් හා වේදනාවන්ගෙන්’ හානි සිදු වී ඇත.” පොළොව මත ජීවත් වන සෑම 7 දෙනෙකුගෙන් ම එක් අයෙක් යම් ආකාරයක විපතකින් හෝ ඛේදවාචකයකින් පහර ලබා ඇති බව මෙය අදහස් කරයි. එය සැබවින් ම දරාගත නොහැකි විස්මිත දෙයක් වන අතර, අපගේ කාලයේ මහත් කම්පාවන් හා නොසන්සුන් තත්ත්වයන් තිබෙන බව සැක කිරීමට කිසිසේත් ඉඩ නොහරී.
මහත් විපත්තිදායක මෙවන් කාලයක් ගැන බයිබලය පුරෝකථනය කරන බැවින්, විපත්ති සහ එයින් ඇතිවන වේදනාවන් සඳහා දෙවියන් වහන්සේ වගකිව යුතු බව එය අදහස් කරයි ද? එය එසේ යයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් සාධක පෙන්වන්නේ කුමක් ද? එමෙන් ම වඩාත් වැදගත් ලෙසින්, බයිබලය පෙන්වන්නේ කුමක් ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: W. Faidley/Weatherstock
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Middle Photo: Mark Peters/Sipa Press
WHO/League of Red cross