ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/11 8-9 පි.
  • දුකෙන් තොර හෙටක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුකෙන් තොර හෙටක්!
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දුක් කම්කටොලුවලට නිමාවක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත් නොමැති කාලයක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 7/11 8-9 පි.

දුකෙන් තොර හෙටක්!

“දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

ඉහත සඳහන් පොරොන්දුව ඉටු වෙයි කියා විශ්වාස කළ හැකිද? ඔව්! දෙවි පවසන කිසිම දෙයක් බොරු වන්නේ නැහැ. ඊට කදිම උදාහරණයක් වන්නේ යෙහෝවා දෙවි ආදම්ට පැවසූ මේ දෙයයි. දෙවි පැවසුවේ ඔහු අකීකරු වුණොත් ‘අනිවාර්යයෙන්ම මැරෙන’ බවයි. (උත්පත්ති 2:17) එය ඒ ආකාරයෙන්ම ඉටු වුණා. මිනිසාගේ දුක් කරදර නැති කර පාරාදීස පොළොවක් ඇති කරන බවටත් දෙවි පොරොන්දු වී තිබෙනවා. එයද ඔහු ඒ ආකාරයෙන්ම ඉටු කරන බව ස්ථිරයි.

දෙවි සතු ගුණාංග ගැන අපි කලින් ලිපියේ සාකච්ඡා කළා. එම ගුණාංග අප සතුවත් තිබෙනවා. යම් කෙනෙකුගේ දුකක් දකින විට ඊට පිහිට වීමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි. දෙවිගේ දයාව, කරුණාව හා ප්‍රේමය නිසා මිනිස් වර්ගයාට සතුටින් ජීවත් විය හැකි කාලයක් ලබා දීමට වූ පොරොන්දුව ඔහු ඉටු කරනවා. ලොව පුරා සිදු වන සිදුවීම්වලින් අපට පෙනී යන්නේ දුක් කරදර අවසන් කිරීමට දෙවි නියම කර ඇති කාලය ඉතා ළඟ බවයි.—“ඒ දේ සිදු වන්නේ කවදාද?” නමැති කොටුව බලන්න.

මිනිසාගේ දුක් කරදරවලට හේතු වන ප්‍රධාන කාරණා තුනක් අප කලින් සාකච්ඡා කළා. ඉන් අපි ඉගෙනගත්තේ මිනිසා විඳින දුක් කරදරවලට හේතුව දෙවි නොවන බවයි. නමුත් යෙහෝවා දෙවි යේසුස් මාර්ගයෙන් ඒ ප්‍රධාන හේතු තුන ඉවත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

මිනිසාගේ වැරදි ක්‍රියා.

මුල් මිනිසා වූ ආදම්ගේ අඥාන ක්‍රියාව නිසා අපි සියලුදෙනාම දුක් විඳිනවා. ඒ ගැන බයිබල් ලේඛකයෙකු වූ පාවුල් පැවසුවේ ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියායි. (රෝම 8:22) ඒ තත්වයෙන් දෙවි අපව බේරාගන්නේ කෙසේද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23.

යේසුස් සෑම අවස්ථාවේදීම දෙවිට කීකරු වුණා. ඔහු තම ජීවිතය පූජා කිරීම තුළින් මුළු මිනිස් වර්ගයාටම දෙවිගෙන් සමාව ලබාගැනීමට මාර්ගය විවෘත කළා. පාරාදීස පොළොවක සදාකාල ජීවනයක් ලබාගැනීමට අපට අවස්ථාව තිබෙන්නේ ඒ නිසයි. ඒ වගේම ‘දුෂ්ටයන් විනාශ කරනු ලබන’ නිසා එදාට අන් අයට කරදර හිරිහැර කරන කිසිවෙක් සිටින්නේ නැහැ.—ගීතාවලිය 37:9.

අනපේක්ෂිත සිදුවීම්.

ස්වභාවික බලයන් පාලනය කිරීම සඳහා දෙවි, යේසුස්ට බලය ලබා දී තිබෙනවා. ඊට එක් උදාහරණයක් බලමු. එක් අවස්ථාවක ඔහු ගෝලයන් සමඟ මසුන් අල්ලන ඔරුවක සිටියා. එවිට ඉතා බිහිසුණු කුණාටුවකට ඔවුන් හසු වුණා. ඒ අවස්ථාවේදී යේසුස් සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින් පැවසුවේ “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියායි. එක පාරටම මහත් නිශ්චලතාවක් ඇති වුණා. එය දුටු ගෝලයන් “සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා” කියා පුදුම වුණා.—මාක් 4:37-41.

යේසුස්, දෙවිගේ රාජ්‍යයේ රජයි. ඔහුගේ පාලනයට කීකරු වන සියලු වැසියන් “කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:33) ඒ වගේම පරිසර දූෂණය හා අනාරක්ෂිත ඉදි කිරීම් වැනි අන් අයට හානි වන දේවල් කිසිවෙකු නොකරන නිසා අනපේක්ෂිත අනතුරුවලින් මිනිසාට තවදුරටත් දුක් විඳීමට සිදු වන්නේ නැහැ.

අනපේක්ෂිත සිදුවීම්වලින් බොහෝදෙනෙකුට තම ජීවිත අහිමි වී තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තමා කිරීමට බලාපොරොත්තු වන දේ යේසුස් මෙසේ විස්තර කළා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.” (යොහන් 11:25) මිය ගිය කෙනෙකුට නැවත ජීවිතය දීමට බලය පමණක් නොව එසේ කිරීමට ආශාවක්ද ඔහු තුළ තිබෙනවා. ඇත්තටම යේසුස් එසේ කරයිද? ඔව්. ඔහු මේ පොළොව මත සිටින විට මිනිසුන්ව නැවත නැඟිටෙව්වා. එවැනි අවස්ථා තුනක් ගැන බයිබලයේ වාර්තා වී තිබෙනවා.—මාක් 5:38-43; ලූක් 7:11-15; යොහන් 11:38-44.

“මේ ලෝකයේ පාලකයා.”

යෙහෝවා දෙවි යේසුස්ව පත් කර තිබෙන්නේ ‘මරණය ගෙන ඒමට බලය ඇති යක්ෂයාව නැති කර දැමීමටයි.’ (හෙබ්‍රෙව් 2:14) ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මේ ලෝකය දැන් විනිශ්චයට ලක් වෙනවා. මේ ලෝකයේ පාලකයාව නෙරපා දමනු ලබනවා.” (යොහන් 12:31; 1 යොහන් 3:8) ළඟදීම උදා වන දුක් කරදරවලින් තොර ඒ ප්‍රීතිමත් කාලයේ ඔබත් සිටීම අපේ ආශාවයි.

“ඒ දේ සිදු වන්නේ කවදාද?”

යේසුස්ගේ නියෝජිතයන් වරක් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?” (මතෙව් 24:3) යේසුස් දුන් පිළිතුර හා බයිබලයේ තිබෙන වෙනත් තොරතුරුවලින්, දුක් කරදර නැති වෙන කාලය හඳුනාගැනීමට අපට හැකි වෙනවා.a දැන් අපි එම අනාවැකි සහ ලෝක සිදුවීම් සසඳා බලමු.

  • යුද්ධ—මතෙව් 24:7; එළිදරව් 6:4.

  • ආහාර හිඟකම් හා වසංගත—ලූක් 21:11; එළිදරව් 6:5-8.

  • පරිසර දූෂණය—එළිදරව් 11:18.

  • මුදල් පසුපස හඹා යෑම—2 තිමෝති 3:2.

  • දෙමාපියන්ට අකීකරු වීම—2 තිමෝති 3:2.

  • දෙවිට වඩා විනෝදයට මුල් තැන දීම—2 තිමෝති 3:4.

අපි ඉදිරියේ තිබෙන එම ප්‍රීතිමත් කාලය ගැන වැඩි විස්තර කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතාමත් ආශාවෙන් සිටිනවා. ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ව මුණගැසෙන්න. නැත්නම් 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.

a මේ ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?” යන 9වෙනි පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න