ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/13 14-15 පි.
  • රොබට් බොයිල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රොබට් බොයිල්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විද්‍යාවට ළැදියි
  • දෙවියන්ටත් ළැදියි
  • පටුන
    2013 පිබිදෙව්!
  • බෙඩෙල්ගේ බයිබලය - පුංචි වුණත් වැදගත් පියවරක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ ආගම වුණේ විද්‍යාවයි
    2003 පිබිදෙව්!
  • අදදින පවතින ආගමික අසාධාරණය
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 3/13 14-15 පි.

අතීතයෙන් සටහනක්

රොබට් බොයිල්

ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අය රොබට් බොයිල්ව හඳුනන්නේ බොයිල්ගේ නියමය එනම් වායුවල පරිමාව සහ පීඩනය අතර සම්බන්ධය ලොවට හඳුන්වා දුන් විද්‍යාඥයා ලෙසයි. ඒ සොයාගැනීම ඉන්පසු සිදු වූ බොහෝ විද්‍යාත්මක සොයාගැනීම්වලට දායක වුණා. ඔහු විද්‍යාඥයෙක් පමණක් නෙමෙයි. කවුරුත් ඔහුව සලකන්නේ දෙවියන් කෙරෙහි අචල විශ්වාසයක් හා දෙවිගේ වචනය ගැන ඉමහත් භක්ත්‍යාදරයක් තිබූ කෙනෙක් ලෙසයි.

බොයිල් ඉපදුණේ ධනවත් පවුලකට දාව අයර්ලන්තයේ ලිස්මෝර් මාලිගාවේ. ඒ 1627දී. ඉතිහාසඥයන් පවසන ආකාරයට මිනිසුන් සියවස් ගණනාවක් මිථ්‍යා මතවලට වහල් වී සිටි යුගය අවසන් වී පුළුල්ව හා තර්කානුකූලව සිතන්න පටන්ගත්තෙත් මේ කාලයේදීමයි. මිනිසුන් එලෙස සිතනවාට ඔහුත් කැමති වුණා. ඔහුගේ ජීවිත කතාව ඇතුළත් පොතේ තමාව හඳුන්වා තිබෙන්නේ “සාරධර්මවලට ළැදි කෙනෙක්” ලෙසයි.

සත්‍යය සෙවීමටත් සොයාගත් තොරතුරු අනුන් සමඟ බෙදාගැනීමටත් බොයිල්ට තිබුණේ අසීමිත ආශාවක්. ඔහු දක්ෂ ලේඛකයෙක් වූ අතර ඔහු ලියූ පොත පත ඔහුගේ සමකාලීනයන්ට ප්‍රබල බලපෑමක් වුණා. සුප්‍රකට විද්‍යාඥයෙක් වූ සර් අයිසෙක් නිව්ටන් එවැනි කෙනෙක්. පසු කාලයේදී එනම් 1660දී ලන්ඩන් නුවර ආරම්භ කර අදටත් පවතින විද්‍යා පර්යේෂණ ආයතනයක් වූ රාජකීය සංගමයේ මුල් සාමාජිකයෙක් ලෙසත් බොයිල් කටයුතු කළා.

විද්‍යාවට ළැදියි

බොයිල්ව හඳුන්වන්නේ රසායන විද්‍යාවේ පියා ලෙසයි. එවකට සිටි පර්යේෂකයන් තමන් සොයාගත් තොරතුරු රහසිගතව තබාගත් අතර ඒවා වාර්තා කළේ තමන්ට පමණක් තේරුම්ගත හැකි යෙදුම්වලින්. ඒත් බොයිල් තමන් සොයාගත් සෑම තොරතුරක්ම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. ඔහු එවකට පිළිගෙන තිබූ බොහෝ කාලයක් පුරා පැවති මතිමතාන්තර නිකම්ම පිළිනොගෙන ඒවා පියවරෙන් පියවර පර්යේෂණය කර ඒවායේ සත්‍ය සොයා බැලුවා.

පදාර්ථ සෑදී ඇත්තේ ඉතාම කුඩා අණුවලින් බවත් ඒවා පිහිටා ඇති ආකාරය අනුව පදාර්ථයේ හැඩය හා ස්වභාවය වෙනස් වෙනවා කියන අදහස බොයිල්ගේ සොයාගැනීම්වලිනුත් තහවුරු වුණා.

විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙන විට කෙනෙකුට තිබිය යුතු ආකල්පය ගැන බොයිල් ලියූ සුප්‍රසිද්ධ පොතක සඳහන් කරන්නේ විද්‍යාඥයන් කිසිවිටකත් අහංකාර වී තමන්ගේම මතයේ එල්බගෙන නොසිටිය යුතු බවයි. ඒ වෙනුවට තමන්ගේ සොයාගැනීම්වල යම් අතපසු වීමක් සිදු වුණා නම් ඒවා නොවළහා පිළිගත යුතුයි කියාත් ඔහු පැවසුවා. එවැනි දැඩි මත දැරූ අයට බොයිල් තරයේ කියා සිටියේ නිවැරදියි කියා දන්නා දේ සහ නිවැරදියි කියා සිතන දේ අතර ඇති වෙනස පැහැදිලිව තේරුම්ගත යුතුයි කියායි.—එම පොත The Sceptical Chymist.

දැඩි මත දැරූ අයට බොයිල් තරයේ කියා සිටියේ නිවැරදියි කියා දන්නා දේ සහ නිවැරදියි කියා සිතන දේ අතර ඇති වෙනස පැහැදිලිව තේරුම්ගත යුතුයි කියායි

දෙවියන්ටත් ළැදියි

බොයිල් දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කරන්න අනුගමනය කළෙත් ඒ ක්‍රමයමයි. ඔහු නිගමනයකට පැමිණියේ තොරතුරු හොඳින් සොයා බලායි. විශ්වය සහ ජීවින් ගැන සොයා බලද්දී ඒ දේවල් නිර්මාණය කරන්න නිර්මාතෘවරයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියා ඔහුට තහවුරු වුණා. දෙවි කෙනෙක් නැහැයි කියා බුද්ධිමතුන් අතර එවකට පැවති මතය ඔහු ප්‍රතික්ෂේප කළා. කෙනෙක් කොතරම් බුද්ධිමත් වුණත් ඔහු අවංක නැත්නම් දෙවි කෙනෙක් සිටින බව ඔහු විශ්වාස කරන්නේ නැහැ කියා බොයිල් පැවසුවා.

මිනිසුන්ට තම බුද්ධිය මත පමණක් රැඳී දෙවියන් පිළිබඳ සත්‍ය සෙවීමට පුළුවන් කියා ඔහු සිතුවේ නැහැ. ඊට දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍ය බව තේරුම්ගත් ඔහු ඒ මඟ පෙන්වීම් තිබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලයේ කියාත් පැවසුවා.

හුඟදෙනෙක්ට බයිබලයේ ඉගැන්වීම් ගැන අවබෝධයක් නැහැ කියාත් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්වලට පදනමක් නැහැ කියාත් ඔහුට තේරුණා. එය ඔහුට වේදනාවක් ගෙන දුන්නා. කෙනෙක් ආගමක් පිළිගන්නේ එය දෙමව්පියන්ගේ ආගම නිසා හෝ රටේ ආගම නිසා හෝ පමණක් නම් ඒ තීරණය හරිද කියා ඔහු ප්‍රශ්න කළා. ඒ නිසා ඔහුට අවශ්‍ය වුණේ බයිබලය ගැන පුළුල් අවබෝධයක් පොදු ජනයාට ලබා දීමටයි.

මේ නිසා ඔහු බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට මිල මුදලින් ආධාර කළා. අරාබි, අයර්ලන්ත, මැලේ, තුර්කි හා උතුරු ඇමරිකාවේ ගෝත්‍රික භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීමට කටයුතු කළා. රොබට් බොයිල් ඇත්තෙන්ම බොහෝ හැකියාවන්ගෙන් පිරිපුන් නිහතමානී මිනිසෙක්. ඔහුට සෑම දෙයක් ගැනම සත්‍ය ඉගෙනගන්නත් ඒ ඉගෙනගත් දේ අන් අය සමඟ බෙදාගන්නත් තිබුණේ නොනිමි ආශාවක්.

තොරතුරු බිඳක්:

  • උපත ලැබුවේ 1627 අයර්ලන්තයේදී.

  • රසායන විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා.

  • ක්‍රමානුකූලව අත්හදා බැලීම් සිදු කර සොයාගත් තොරතුරු සවිස්තරව ප්‍රකාශයට පත් කළ මුල්ම ප්‍රසිද්ධ විද්‍යාඥයා ඔහුයි.

  • සමකාලීනයෙක් වූ ඔහුට වඩා වයසින් බාල සර් අයිසෙක් නිව්ටන්ට ඔහුගේ ලේඛන විශාල බලපෑමක් වුණා.

  • බයිබලය භාෂා කිහිපයකටම පරිවර්තනය කිරීමට මහඟු මෙහෙවරක් කළ කෙනෙක්.

  • වර්ෂ 1691දී ඔහු මිය ගියේ එංගලන්තයේදීයි. එවිට ඔහුගේ වයස අවුරුදු 64යි.

බයිබලය අයර්ලන්ත භාෂාවට

වර්ෂ 1573දී බයිබල් විශාරදයන් පිරිසක් බයිබලය අයර්ලන්ත භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගත් බවත් 1602දී නව ගිවිසුම පමණක් පරිවර්තනය කර මුද්‍රණය කර තිබූ බවත් බොයිල් දැන සිටියා. අයර්ලන්ත භාෂාවට පරණ ගිවිසුම පරිවර්තනය කර අවසන් කළේ 1640දීයි. එය මුද්‍රණය කළේ 1685දීයි. ඒ බොයිල් විසින් මුදල් ආධාර ලබාදීමෙන් පසුවයි. ඒ වන විටත් පරිවර්තනය කර තිබූ ද්විතීය සම්මත ග්‍රන්ථ (බයිබලයේ පිළිගත් සම්මත පොත් 66ට ඇතුළත් නැති පොත්) බයිබලයට ඇතුල් කිරීමට දැරූ වෑයම සත්‍යයට ළැදි කෙනෙක් වූ රොබට් බොයිල් විසින් ප්‍රතික්ෂේප කිරීම සිත්ගන්නා කරුණක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න