ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/13 12-13 පි.
  • මහා සයිරස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහා සයිරස්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙහෙයුම දියත් කළ හැටි
  • පුදුමාකාර බයිබල් අනාවැකි
  • නොසිතූ ලෙස ගැලවෙයි
  • ඇයි මෙය වැදගත් වෙන්නේ?
  • දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • මේද පර්සියාව ගැන බයිබල් වාර්තාව
    2011 පිබිදෙව්!
  • යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • බිත්තියේ ලියපු අකුරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 5/13 12-13 පි.

සයිරස්ගේ සොහොන් ගෙය

අතීතයෙන් සටහනක්

මහා සයිරස්

ක්‍රිස්තු පූර්ව 539 ඔක්තෝබර් 5/6 දින රාත්‍රියේ සිදු වූයේ කිසිදා කිසිවෙක් නොසිතූ දෙයක්. ඒ මහා බලසම්පන්න බැබිලෝනිය අධිරාජ්‍යය බිඳ වැටීමයි. මේදියාවේ සහ පර්සියාවේ සෙබළුන් පර්සියානු රජ වූ මහා සයිරස්ගේ යුධ සැලසුමකට අනුව බැබිලෝනියේ අධිරාජ්‍යයේ බලය අත් පත් කරගත්තා. ඒ යුධෝපාය සැලකෙන්නේ ඉතාම විශිෂ්ට ගණයේ එකක් ලෙසයි.

මෙහෙයුම දියත් කළ හැටි

“සයිරස් බැබිලෝනිය අත් පත් කරගන්න තීරණ කරන විටත් එය මැද පෙරදිග තිබූ නගර අතරින් ඉහළින්ම වැජඹුණ නගරයක්. සමහරවිට එදා ලෝකයේ ඉහළින්ම වැජඹුණ නගරයත් එය විය හැකියි” කියා පොතක සඳහන් වෙනවා. බැබිලෝනිය අපරාජිත නගරයක් ලෙස සැලකීමට හේතු වුණේ නගරය හරහා ගලා ගිය යුප්‍රටීස් ගඟ සහ නගරයේ සද්දන්ත පවුරු වටා සාදා තිබූ ඇළ මාර්ගයි.—Ancient World Leaders—Cyrus the Great.

ග්‍රීක ඉතිහාසඥයන් දෙදෙනෙක් වන හෙරෝඩටස් සහ සෙනෆන් පැවසූ ආකාරයට බැබිලෝනියේ වැසියන්ට තම නගරයේ ආරක්ෂාව ගැන කොතරම් විශ්වාසයක් තිබුණාද කියනවා නම් එහි රජ ඇතුළු බොහෝදෙනෙක් එදින රාත්‍රිය ගත කළේ උත්සව පවත්වමින්. සයිරස් රජ මුලින්ම කළේ බැබිලෝනිය හරහා ගලා ගිය යුප්‍රටීස් ගඟේ ජල කඳ වෙනත් දිසාවකට හැරවීමයි. එයින් ගඟේ ජල මට්ටම පහත වැටුණ නිසා සෙබළුන්ට ගං පතුළ හරහා ඇවිදගෙන යන්න හැකි වුණා. නගරයේ දොරටුත් විවෘත කර තිබූ නිසා සටනකින් තොරවම නගරයට ඇතුල් වෙන්න සෙබළුන්ට හැකි වුණා. (“බිත්තියේ ලියවුණු අත් අකුරු” යන කොටුව බලන්න.) සයිරස්ගේ මේ ජයග්‍රහණය මගින් බයිබල් අනාවැකි අකුරටම ඉටු වීම සිත්ගන්නාසුලු කාරණයක්.

සයිරස් බැබිලෝනිය අත් පත් කරගන්නා බව බයිබලයේ අනාවැකි පළ කර තිබුණා

පුදුමාකාර බයිබල් අනාවැකි

බයිබල් ලේඛකයෙක් වූ යෙසායා ඒ අනාවැකි ලිව්වේ අවුරුදු දෙසීයකට විතර කලින්. සමහරවිට සයිරස් ඉපදෙන්න අවුරුදු 150කටත් කලින්! පහත තිබෙන්නේ ඉන් කිහිපයක්.

  • සයිරස් නම් මිනිසා බැබිලෝනිය අත් පත් කරගෙන යුදෙව්වන්ව නිදහස් කරයි.—යෙසායා 44:28; 45:1.

  • සයිරස්ගේ සෙබළුන්ට මාර්ගය විවෘත කරමින් යුප්‍රටීස් ගඟ සිඳී යයි.—යෙසායා 44:27.

  • නගරයේ දොරටු විවෘත වී තිබෙයි.—යෙසායා 45:1.

  • බැබිලෝනියේ දක්ෂ සෙබළුන් සටනින් පසුබසියි.—යෙරෙමියා 51:30; යෙසායා 13:1, 7.

නොසිතූ ලෙස ගැලවෙයි

ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් යෙරුසලම මුළුමනින්ම විනාශ කර දැමූ අතර බේරුණු අයව වහලුන් ලෙස ගෙන ගියා. එම වැසියන් කොතරම් කාලයක් එහි වහලුන් ලෙස සිටියිද? ඊට පිළිතුරක් ලෙස දෙවියන් යෙරෙමියා මාර්ගයෙන් මෙසේ පැවසුවා. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.’—යෙරෙමියා 25:12.

ක්‍රිස්තු පූර්ව 539දී බැබිලෝනිය අල්ලා ගත් සයිරස් ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ව නිදහස් කළා. ඒ නිසා අවුරුදු 70ක් පුරා වහල්භාවයේ සිටි යුදෙව්වන්ට නැවත මව්බිමට යෑමට අවස්ථාව ලැබුණා. (එස්රා 1:1-4) ඒ වගේම බයිබල් අනාවැකිවල සත්‍යතාව ඔප්පු කරමින් බැබිලෝනි නගරය අන්තිමට නටඹුන් ගොඩක් බවට පත් වුණා.

ඇයි මෙය වැදගත් වෙන්නේ?

මේ ගැන හිතලා බලන්න. (1) යුදෙව්වන් අවුරුදු 70ක් වහල්භාවයේ සිටින බවත් (2) සයිරස් දක්ෂ යුධ සැලසුමක් ක්‍රියාත්මක කර බැබිලෝනිය අත් පත් කරගන්නා බවත් (3) බැබිලෝනිය නටඹුන් ගොඩක් වන බවත් බයිබලයේ අනාවැකි පළ කර තිබුණා. අනාගතය ගැන මේ තරම් නිශ්චිත විදිහට කියන්න මිනිසුන්ට පුළුවන්ද? එහෙම නැත්නම් ‘අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොව දෙවියන් ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟවයි’ කියා පිළිගැනීම සාධාරණ නැද්ද? (2 පේතෘස් 1:21) ඒ ගැන සොයා බලන එක ඇත්තටම වටිනවා.

තොරතුරු බිඳක්

  • සයිරස් ඉපදුණේ ක්‍රි.පූ. 600දී පමණ කියා සිතනවා. ඔහු මිය ගියේ ක්‍රි.පූ. 530දී යුද්ධ කරමින් සිටියදීයි.

  • සයිරස් විසින් ගොඩනැඟූ පසාර්ගඩි නමැති නගරයේ ඔහුගේ සොහොන් ගෙය දැනටත් දක්නට ලැබෙනවා. ඉරානයට අයිති එම ප්‍රදේශය දැන් වෙන් කර තිබෙන්නේ පුරාවිද්‍යා කටයුතු සඳහායි.

  • සයිරස්ගේ සිලින්ඩරය

    අඟල් නමයක් දිගැති සයිරස්ගේ සිලින්ඩරය ලෙස හඳුන්වන මැටි ලියවිල්ලේ සයිරස් බැබිලෝනිය අත් පත් කරගැනීම සහ යුදෙව්වන් ඇතුළු වහලුන්ව නිදහස් කරගැනීම ගැන සඳහන් වෙනවා. “බයිබල් ඉතිහාසය පිළිබඳව කරන කැනීම්වලින් ලැබුණ වැදගත්ම සොයාගැනීමක්” ලෙසට ඒ සිලින්ඩරය සලකනවා.

  • අදටත් පර්සියානුවන්ට සයිරස් කෙරෙහි ඇත්තේ ඉමහත් ගෞරවාදරයක්.

“බිත්තියේ ලියවුණු අත් අකුරු”

සයිරස් බැබිලෝනිය අල්ලාගත් රාත්‍රියේදී බැබිලෝනියේ රජ වූ බෙල්ෂසර් “අධිපතීන් දහසකට මහා භෝජන සංග්‍රහයක්” පවත්වමිනුයි සිටියේ. ඒ අවස්ථාවෙදි අතක් මතු වෙලා රජ මාලිගාවේ ‘බිත්තියේ’ යමක් ලියවෙන්න පටන්ගත්තා. පැමිණ සිටි අමුත්තන් බලා සිටිද්දීම ඒ අත “මෙනේ, මෙනේ, තෙකෙල් හා පර්සීන්” කියා ලිව්වා.a—දානියෙල් 5:1, 5, 25.

බෙල්ෂසර්ව භීතියට පත් කළ මේ ප්‍රහේලිකාව විසඳුවේ දෙවිගේ සේවකයෙක් වූ දානියෙල්. රජුව ‘තරාදියේ දමා කිරා මැන බලා’ ඔහු නොවටිනා කෙනෙක් බව ඔප්පු වී ඇති නිසා ඔහුගේ රාජ්‍යය ‘අවසන් වෙනවා’ කියලා දානියෙල් කිව්වා. ඒ වගේම රාජ්‍යය ‘මේදියවරුන්ට හා පර්සියානුවරුන්ට දී තිබෙනවා’ කියලත් කිව්වා. (දානියෙල් 5:26-28) ඒ සෑම වචනයක්ම ඒ විදිහටම ඉටු වුණා. “බිත්තියේ ලියවුණු අත් අකුරු” යන කියමන විනාශයක් හෝ අසාර්ථක වීමක් අත ළඟ බව ඇඟවීමට සමහර භාෂාවල අදටත් පාවිච්චි වෙනවා.

a මේ වචන පාවිච්චි කරන්නේ මුදල්වල වටිනාකම මැනීමටයි. මේ ගැන වැඩි විස්තර දැනගන්න දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතේ හත්වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න