ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 63 පාඩම 150 පි.-151 පි. 1 ¶
  • බිත්තියේ ලියපු අකුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බිත්තියේ ලියපු අකුරු
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • බිත්තිය මත අත්අකුරු
    මගේ බයිබල් කතන්දර පොත
  • මහා සයිරස්
    2013 පිබිදෙව්!
  • දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ලොව වෙනස් කළ වචන හතර
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 63 පාඩම 150 පි.-151 පි. 1 ¶
බිත්තියේ අකුරු ලියන අතක්

63වෙනි පාඩම

බිත්තියේ ලියපු අකුරු

බැබිලෝනියේ අලුත් රජ විදිහට බෙල්ෂසර් පත් වුණා. දවසක් රෑ රජ පවත්වපු ලොකු උත්සවයකට විශේෂ අමුත්තන් දාහකට ආරාධනා කළා. එදා ආපු අමුත්තන්ට සංග්‍රහ කළේ නෙබුකද්නෙෂර් රජ දේවමාලිගාවෙන් ගෙනාපු යෙහෝවාට අයිති රත්තරන් කෝප්පවල. ඒගොල්ලෝ ඒවාවලින් බීලා එයාලාගේ බොරු දෙවිවරුන්ටත් ප්‍රශංසා කළා. එකපාරටම මිනිසෙක්ගේ අතකින් බිත්තියේ මොනවාදෝ වචන වගයක් ලියන්න පටන්ගත්තා.

බෙල්ෂසර් රජ හොඳටම බය වෙලා එයාගේ පේන කියන්නන්ට කතා කරලා මෙහෙම කිව්වා. ‘කවුරු හරි මේ වචනවල තේරුම කිව්වොත් මම ඒ කෙනාව මේ රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කරනවා.’ ඉතින් හැමෝම ඒ වචනවල තේරුම හොයන්න හැදුවත් එයාලට ඒක කරන්න බැරි වුණා. එතකොට රැජින ඇවිත් මෙහෙම කිව්වා. ‘දානියෙල් කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි නෙබුකද්නෙෂර් රජගේ හීන තෝරලා දුන්නේ. එයාට පුළුවන් වෙයි මේ වචනවල තේරුම කියන්න.’

දානියෙල්, රජ ඉස්සරහට ආවා. බෙල්ෂසර් රජ දානියෙල්ට කිව්වා ‘ඔයා මේ වචනවල තේරුම කිව්වොත් මං රත්තරන් මාලයක් දීලා ඔයාව මේ රාජ්‍යයේ තුන්වෙනි තැනටත් පත් කරනවා’ කියලා. එතකොට දානියෙල් මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, මට තෑගි එපා. මං මේ වචනවල තේරුම කියන්නම්. ඔබේ තාත්තා නෙබුකද්නෙෂර් වැඩ කළේ හරිම උඩඟු විදිහට. හැබැයි යෙහෝවා එයාගේ උඩඟුකම නැති කළා. ඒ හැම දෙයක්ම දැන දැනත් ඔබ දේවමාලිගාවේ බඩු පාවිච්චි කරලා යෙහෝවාට අගෞරව කළා. ඒ නිසයි ඔහු මේ වචන ලිව්වේ: මෙනේ, මෙනේ, තෙකෙල් සහ පර්සීන්. ඒකෙන් කියන්නේ මේදියවරුයි පර්සියානුවරුයි ඇවිත් ඔයාගේ රාජ්‍යය යටත් කරගෙන ඔයාව රජකමෙන් අයින් කරලා දානවා කියන එකයි.’

සයිරස් රජගේ හමුදාව ගඟ හරහා බැබිලෝනියට එමින්

බැබිලෝනිය කාටවත්ම යටත් කරගන්න බැහැ වගෙයි පේන්න තිබුණේ. නගරය වටේ ලොකු බිත්ති වගේම ගැඹුරු ගඟකුත් තිබුණා. හැබැයි එදා රෑ මේදියවරුයි පර්සියානුවරුයි බැබිලෝනිය වට කළා. පර්සියාවේ සයිරස් රජ නගරය ඇතුළට යන්න පුළුවන් වෙන විදිහට ගඟේ වතුර වෙන දිහාවකට හැරෙව්වා. ඊටපස්සේ රජ එයාගේ හමුදාවත් එක්ක ගඟේ බැහැගෙන යද්දී හැම ගේට්ටුවක්ම ඇරලයි තිබුණේ. හමුදාව ලේසියෙන්ම නගරය අල්ලගෙන රජවත් මැරුවා. ඊටපස්සේ සයිරස් රජ බැබිලෝනියේ පාලකයා වුණා.

දවසක් සයිරස් රජ මෙහෙම නිවේදනය කළා. ‘යෙහෝවා මට කිව්වා යෙරුසලමේ දේවමාලිගාව ආයෙත් හදන්න කියලා. කැමති ඕනම කෙනෙක්ට ඒකට උදව් කරන්න පුළුවන්.’ යෙරුසලම විනාශ වෙලා අවුරුදු 70කට පස්සේ යෙහෝවා පොරොන්දු වුණු විදිහටම ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ ගෙවල්වලට යන්න පුළුවන් වුණා. නෙබුකද්නෙෂර් දේවමාලිගාවෙන් ගෙනාපු හැම දෙයක්ම සයිරස් රජ ආයෙත් දුන්නා.

“ඇය වැටිලා! මහ බැබිලෝනිය වැටිලා! ඇය භූතයන් වාසය කරන තැනක් වෙලා.”—එළිදරව් 18:2

ප්‍රශ්න: බිත්තියේ ලියපු වචනවල තේරුම මොකක්ද? යෙහෝවා සයිරස් රජට කිව්වේ මොනවා කරන්න කියලද?

එස්රා 1:1-11; දානියෙල් 5:1-30; යෙසායා 44:27–45:2; යෙරෙමියා 25:11, 12

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න