ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/14 8-9 පි.
  • මුදල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුදල්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හැම නරක දේකටම මුල මුදල්ද?
  • අපිට මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි?
  • ඥානවන්තව මුදල් පාවිච්චි කරන්නේ කොහොමද?
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?
    2007 පිබිදෙව්!
  • ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 3/14 8-9 පි.
සේප්පුවක තියෙන මුදල්

බයිබලයෙන් පිළිතුරක්

මුදල්

හැම නරක දේකටම මුල මුදල්ද?

“සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.”—1 තිමෝති 6:10.

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

හැම නරක දේකටම මුල සල්ලි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“සෑම හානිකර දෙයකටම” මුල මුදල් නෙමෙයි, ‘මුදල්වලට තිබෙන දැඩි ආශාවයි.’ එවැනි අයට අද්දකින්න වෙන හානිකර දේවල් තුනක් ගැන සාලමොන් කියන ධනවත් රජ බයිබලයේ මෙසේ සඳහන් කළා. (1) කනස්සල්ල. “තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.” (දේශනාකාරයා 5:12) (2) සෑහීමට පත් නොවීම. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.” (දේශනාකාරයා 5:10) (3) වංචනික ක්‍රියා කිරීමට පෙලඹීම. “පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.”—හිතෝපදේශ 28:20.

අපිට මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි?

‘මුදල ආරක්ෂාවක්.’—දේශනාකාරයා 7:12.

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

ජීවිතයට රැකවරණය හා සතුට ලැබෙන්නේ සල්ලිවලින්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ජීවිතේ අවශ්‍යතා ඉටු කරගන්න “මුදල් අවශ්‍යයයි.” (දේශනාකාරයා 10:19) උදාහරණයකට, ආහාර සහ බෙහෙත් වැනි දේවල් මිල දී ගන්න අපිට මුදල් ඕනේ. (2 තෙසලෝනික 3:12) නමුත් රැකවරණය හා සතුට ලැබෙන්නේ මුදල්වලින් කියා සිතීම නම් මුළාවක්.—මාක් 4:19.

පවුලේ අවශ්‍යතා ඉටු කරන්නත් මුදල් ඕනේ. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි.”—1 තිමෝති 5:8.

ඥානවන්තව මුදල් පාවිච්චි කරන්නේ කොහොමද?

‘මුලින්ම ඒ සඳහා යන වියදම ගණන් බලන්න.’—ලූක් 14:28.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි මුදල් පරිහරණය කරන විදිහ ගැන දෙවියන් සතුටු වෙයිද කියලා හිතන්න. (ලූක් 16:9) අවංක වීම හා වගකීමෙන් කටයුතු කිරීමත් වැදගත්. (හෙබ්‍රෙව් 13:18) ලැබෙන ආදායමට වඩා වියදම් කරන්න එපා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.”—හෙබ්‍රෙව් 13:5.

ණය ගැනීම බයිබලයේ හෙළා නොදැක්කත් මේ වගේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.” (හිතෝපදේශ 22:7) “දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියාත් බයිබලයේ සඳහන් වෙන නිසා දකින දකින දේ මිල දී ගන්න එපා. (හිතෝපදේශ 21:5) ඒ වෙනුවට අත්‍යවශ්‍ය දේවල් සඳහා “යමක් වෙන් කර” තබන්න කියා බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 16:2.

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන” අයට නිසා “දීමට පුරුදු වන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 9:7; ලූක් 6:38) ඒ නිසා ‘යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක කරන්න එපා. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.’—හෙබ්‍රෙව් 13:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න