ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 4 කොටස 1-2 කොටස්
  • ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 සැලැස්මක් ඕනෙමයි
  • 2 අවංක වෙන්න, ආදායමට අනුව ජීවත් වෙන්න
  • මුදල් පරිහරණය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • මුදල්
    2014 පිබිදෙව්!
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 4 කොටස 1-2 කොටස්
අරපිරිමැස්මෙන් මුදල් පාවිච්චි කරන විදිහ ගැන යුවළක් සැලසුම් කරනවා

4වෙනි කොටස

ලැබෙන ගාණෙන් පිරිමහගන්න නම්

“එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.”—හිතෝපදේශ 13:10

ජීවත් වෙන්න අපි කාටත් සල්ලි ඕනේ. (හිතෝපදේශ 30:8) ඇත්තම කියනවා නම් “මුදල ආරක්ෂාවක්.” (දේශනාකාරයා 7:12) එත් ඔය දෙන්නා අතරට ප්‍රශ්න ගේන්න නම් සල්ලිවලට ඉඩ දෙන්න එපා. (එෆීස 4:32) අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද කියලා දෙන්නම එකතු වෙලා සැලසුම් කරන්න. ඒක කරන්න දෙන්නා අතරේ හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ.

1 සැලැස්මක් ඕනෙමයි

බයිබලයේ මෙහෙම කියනවා: “කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) ආදායමට සරිලන විදිහට වියදම් පිරිමහගන්නේ කොහොමද කියලා දෙන්නා එකතු වෙලා ගණන් බලන්න. (ආමොස් 3:3) ඕන කරන්නේ මොනවද, ඒවා ගන්න කීයක් වැය කරන්න පුළුවන්ද කියලා හිතන්න. (හිතෝපදේශ 31:16) යමක් ගන්න අතේ සල්ලි තිබුණු පලියට ඒක ගන්න ඕනෙමයි කියලා හිතන්න එපා. ණය නොවී ඉන්න බලන්න. අතේ තියෙන ගාණට වැඩියෙන් වියදම් කරන්න එපා.—හිතෝපදේශ 21:5; 22:7.

මෙහෙම කරලා බලන්න:

  • මාසේ අන්තිමට අතේ වැඩිපුර ගාණක් ඉතුරු වුණොත් ඒකෙන් මොනවද කරන්නේ කියලා දෙන්නාම එකතු වෙලා තීරණය කරන්න

  • ආදයමට වඩා වියදම සැරයි නම් වියදම් කපන්න පුළුවන් සැලැස්මක් ගැන හිතන්න. උදාහරණෙකට කඩ කෑමවලට නිකරුණේ වියදම් කරන්නේ නැතුව ගෙදරම කෑම ටික හදාගන්න

ගන්න ඕනෙ මූලික දේවල් මොනවද කියලා යුවළක් කල්පනා කරනවා

2 අවංක වෙන්න, ආදායමට අනුව ජීවත් වෙන්න

බයිබලයේ මෙහෙම කියනවා: “යෙහෝවා දෙවි ඉදිරියේ පමණක් නොව මිනිසුන් ඉදිරියෙහිත් අවංකව කටයුතු කිරීම ගැන සැලකිලිමත් වෙමු.” (2 කොරින්ති 8:21) කීයක් හම්බ කරනවද, කීයක් වියදම් කළාද කියලා එයාට ඇත්තම කියන්න.

ලොකු ගාණක් යට කරන්න, වැඩි ගාණක දෙයක් මිල දී ගන්න ඉස්සෙල්ලා ඒ ගැන එයාත් එක්ක කතා කරන්න. (හිතෝපදේශ 20:18) කතාබහ කරලා වියදම් කරනවා නම් හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ලැබෙන පඩිය ඔයාට අයිති එකක් කියලා හිතනවා වෙනුවට පවුලටම අයිති එකක් කියලා හිතන්න.—1 තිමෝති 5:8.

යුවළක් බඩු ගන්න කලින් ලියාගෙන ආපු ලැයිස්තුව බලනවා

මෙහෙම කරලා බලන්න:

  • හැම පොඩි වියදමක්ම අනිත් කෙනාගෙන් අහලා කරන්න බැරි නිසා තනියම කොච්චර ගාණක් වියදම් කරන්න පුළුවන්ද කියලා කතා කරගන්න

  • කතාබහ කරලා තීරණයකට එන්න ප්‍රශ්නයක් ඇති වෙනකල්ම ඉන්න එපා

සල්ලි ගැන හිතන්න ඕන විදිහ

සල්ලි ඕනේ. ඒත් ජීවිතේම සල්ලි කියලා හිතන්න එපා. ඔය දෙන්නාගේ සතුට නැති කරන්න ඒකට ඉඩ දෙන්නත් එපා. (මතෙව් 6:25-34) සතුටින් ඉන්න සල්ලි ගොඩක් ඕනෙ නැහැ. බයිබලයේ කියන්නේ “විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න” කියලයි. (ලූක් 12:15) ඔය දෙන්නා අතරේ තියෙන බැඳීම, ආදරේ කවදාවත් සල්ලිවලට ගන්න පුළුවන්ද? ඒ නිසා තියෙන දෙයින් සතුටු වෙන්න ඉගෙනගන්න. දෙවියන් එක්ක තියෙන බැඳීම අනිත් හැම දේටම වඩා වටිනවා කියලා මතක තියාගන්න. එහෙම කරනවා නම් ඔය දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන්ව සතුටු කරන්නත් පුළුවන් වෙනවා.—හෙබ්‍රෙව් 13:5.

මේ ගැන හිතන්න

  • ණය නොවී ඉන්න පවුලක් විදිහට අපිට කරන්න පුළුවන් මොනවද?

  • අපේ වියහියදම් ගැන එයාත් එක්ක මං අන්තිමට කතා කළේ කවදාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න