ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජනපදය
  • ලොව වටා
  • මිඩ්වේ දූපත්
  • දකුණු අප්‍රිකාව
  • “මිහිමත සුපිරි ගුවන් යානය”
    2010 පිබිදෙව්!
  • ඇල්බත්‍රසාට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?
    1997 පිබිදෙව්!
  • සුළං රොදක් සේ පාවෙන ඇල්බට්‍රොස්
    2013 පිබිදෙව්!
  • ලෝකය දෙස බැලීම
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 4/14 3 පි.

දස දෙසින්

එක්සත් ජනපදය

සමගාමීව ක්‍රියාත්මක වෙන ආලෝක සංඥා

ලොස් ඇන්ජලීස් නගරයේ වර්ග කිලෝමීටර් 1,215ක පමණ ප්‍රදේශයක් පුරා සවිකර ඇති ආලෝක සංඥා 4,500ක් පමණ එකිනෙකට සමගාමීව ක්‍රියාත්මක වීමට සලස්වා තිබෙනවා. “විශාල නගරයක් තුළ මෙවැනි දෙයක් සිදු කළ මුල්ම වතාව මෙයයි” කියා එක් පුවත්පතක සඳහන් වෙනවා.—The New York Times.

ලොව වටා

ජාත්‍යන්තරව සිදු කළ පර්යේෂණයකට අනුව 1990 සිට 2010 දක්වා කාලය තුළ ස්ථූලභාවයෙන් පෙළෙන අයගේ සංඛ්‍යාව සියයට 82කින් වැඩි වී තිබෙනවා. එයින් මිය යන අයගේ සංඛ්‍යාව මන්දපෝෂණයෙන් මිය යන සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් වැඩියි. “අවුරුදු 20කට කලින් මිනිසුන්ට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඒත් දැන් මිනිස්සු පමණට වඩා ආහාර ගන්න නිසාත් සෞඛ්‍යයට අහිතකර ආහාර ගන්න නිසාත් ලෙඩ්ඩු වෙලා. මේක දියුණු වෙමින් පවතින රටවලත් තියෙන ගැටලුවක්” කියා පර්යේෂකයෙක් වන මජිඩ් එසාටි පවසනවා.

මිඩ්වේ දූපත්

ලේසන් ඇල්බට්‍රොස්

“ලෝකයේ වයස්ගතම කිරිල්ලිය” ලෙස නම් දරා ඇති ලේසන් ඇල්බට්‍රොස් වර්ගයේ කිරිල්ලිය ආයෙත් අම්මා කෙනෙක් වෙලා! 1956දී පර්යේෂකයන් ඇයව හඳුනාගැනීමට සලකුණක් දමද්දී ඇගේ වයස අඩුම තරමින් අවුරුදු 5ක්වත් වෙන්න ඇතැයි කියා සිතනවා. එසේ නම් දැන් ඇගේ වයස අවුරුදු 60කටත් වැඩියි. මේ කිරිල්ලිය ඇගේ ජීවිත කාලය පුරා කිලෝමීටර් මිලියන 3ත් 4ත් අතර දුර ප්‍රමාණයක් පියාසර කර තිබෙනවා. එය 6 වතාවක් පමණ හඳට ගොස් පොළොවට එනවා හා සමාන දුරක්.

දකුණු අප්‍රිකාව

සම පැහැපත් කරන ක්‍රීම් ආලේප කරන දකුණු අප්‍රිකාවේ කාන්තාවක්

දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සම පැහැපත් කරන සබන් හා ක්‍රීම් වර්ග පාවිච්චි කරන බව එක් අධ්‍යයනයකින් හෙළි වුණා. ඒවායින් පිළිකා, මානසික අවපීඩනය, කාන්සාව, සමේ රෝග සහ වකුගඩුවලට හානි වීම වැනි අනතුරු සිදු වන නිසා බොහෝ රටවල එම ක්‍රීම් හා සබන් වර්ග තහනම් කර තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න