ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/14 7 පි.
  • 1 තත්වයන් වෙනස් වෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 තත්වයන් වෙනස් වෙනවා
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මැරුණා නම් හොඳයි කියලා හිතෙන්නේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • 4 | බලාපොරොත්තුව රැකගන්න
    2022 පිබිදෙව්!
  • සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?
    බයිබලයෙන් උත්තර
  • වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 4/14 7 පි.

මුල් පිටුවෙන් | ජීවිතය නැති කරගැනීමද විසඳුම?

1 තත්වයන් වෙනස් වෙනවා

“අපව සෑම ආකාරයකින්ම තළාපෙළා දැමුවත් අපගේ ගමන ඉන් නතර වන්නේ නැත. අප කොතරම් ව්‍යාකූල වී සිටියත් අපට ගැලවීමට මඟක් තිබෙන නිසා අපගේ බලාපොරොත්තු සුන් වන්නේ නැත.”—2 කොරින්ති 4:8.

දිවි නසාගැනීම කියන්නේ “තාවකාලික ප්‍රශ්නයකට සදාකාලික විසඳුමක්” කියලයි බොහෝ අය හිතන්නේ. ඒත් විසඳුමක් ඇත්තෙම නැහැයි කියා හිතන ප්‍රශ්නයක් පවා අපි නොහිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්.—“ඔවුන්ගේ තත්වයන් වෙනස් වුණා” යන කොටුව බලන්න.

තත්වය වෙනස් වුණේ නැතත් අද දවසේ ඒ ප්‍රශ්නයට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. හෙට දවසේ වෙන දේ ගැන හිතලා කරදර වෙන්න එපා. යේසුත් කිව්වේ “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි” කියලයි.—මතෙව් 6:34.

ඔබ මුහුණ දෙන තත්වය කොහොමටවත් වෙනස් කරන්න බැරි නම්, උදාහරණයකට ඔබට දරුණු රෝගයක් තියෙනවා නම් විවාහය දෙකඩ වෙලා නම් හෝ ආදරය කළ කෙනෙක් මිය ගිහින් නම් ඔබට මොනවාද කරන්න පුළුවන්?

ඒ වගේ දේවල් ඔබට වෙනස් කරන්න බැරි වුණත් ඒ ගැන ඔබ හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම තත්වය ඔබට වෙනස් කරන්න බැහැයි කියලා පිළිගන්න. එවිට ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් වෙනත් ක්‍රමයක් ගැන හිතන්න ඔබට හැකි වෙයි. (හිතෝපදේශ 15:15) එහෙම හිතුවොත් ජීවිතය නැති කරගන්න උත්සාහ කරනවා වෙනුවට ඒ දේවල් විඳදරාගෙන ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි.—යෝබ් 2:10.

මතක තියාගන්න: විශාල කන්දක් අඩියෙන් දෙකෙන් නඟින්න බැහැ. පියවරෙන් පියවර තමයි නඟින්න ඕනේ. ඒ හා සමානව ඔබට කොයි තරම් ලොකු ප්‍රශ්නයක් තිබුණත් එය ටිකෙන් ටික විසඳගන්න උත්සාහ කරනවා නම් එයින් ජයගන්න පුළුවන්.

අදම කරන්න: හිතට වධ දෙන දෙයක් තියෙනවා නම් මිතුරෙකුට හෝ පවුලේ කෙනෙකුට කියන්න. ගැටලුව දිහා වෙනස්ම විදිහකට බලන්න ඔවුන් ඔබට උදව් කරයි.—හිතෝපදේශ 11:14.

ඔවුන්ගේ තත්වයන් වෙනස් වුණා

මැරුණා නම් මීට වඩා හොඳයි කියලා හිතුණු අය ගැන බයිබලයෙත් වාර්තා වෙනවා. ඉන් හතරදෙනෙක් ගැන සලකා බලන්න.

  • රෙබෙකා: “මේ විදිහට දුක් විඳින්න වෙනවා නම් ජීවත් වෙලා වැඩක් තියෙනවාද?”—උත්පත්ති 25:22.

  • මෝසෙස්: “මාව මරා දමන එක ඊට වඩා හොඳයි. . . . මේ දුකෙන් මාව ගලවාගන්න.”—ගණන් කතාව 11:15.

  • එලියා: “මාව මරා දමන්න. මා ජීවත් වුණා දැන් හොඳටම ඇති! මමත් මගේ මුතුන්මිත්තන් වගේ අසම්පූර්ණයි.”—1 රාජාවලිය 19:4.

  • යෝබ්: “මව්කුස තුළදීම මා මිය නොගියේ මන්ද?”—යෝබ් 3:11.

ඔබ ඒ බයිබල් වාර්තා කියවලා බැලුවා නම් ඔවුන් මුහුණ දෙමින් සිටි තත්වයන් නොහිතූ විදිහට වෙනස් වූ ආකාරය ඔබට දැනගන්න පුළුවන්. ඔබ මුහුණ දෙන තත්වයන්ද ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. (දේශනාකාරයා 11:6) ඒ නිසා ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරින්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න