ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/14 12-13 පි.
  • විලියම් විස්ටන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විලියම් විස්ටන්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විස්ටන් විශ්වාස කළ දේවල්
  • විද්වතෙක් ලෙස සැලකුවත් පසුව උපහාසයට ලක් කළා
  • විලියම් හ්විස්ටන් මිථ්‍යාවාදියෙක්ද නැතහොත් අවංක පඬිවරයෙක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2014 පිබිදෙව්!
  • ඒක ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යය වෙනුවෙන් නොබියව කතා කළ තෝමස් එම්ලින්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 8/14 12-13 පි.
විලියම් විස්ටන්

අතීතයෙන් සටහනක්

විලියම් විස්ටන්

ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, දේවගැතිවරයෙක් සහ දක්ෂ ලේඛකයෙක්. ඒ වගේම ඔහු ගණිතඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක් වන සර් අයිසැක් නිව්ටන්ගේ සහායකයෙක් ලෙසත් වැඩ කළා. 1702දී නිව්ටන්ට පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳව ලුකේසියන් මහාචාර්යවරයා ලෙස තේරී පත් වුණේ ඔහුයි. එම පදවිය ලැබෙන්නේ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳව හසළ දැනුමක් තිබෙන අයටයි.

ඔහු පළමු ශතවර්ෂයේ ඉතිහාසඥයෙක් වූ ෆ්ලේවියස් ජොසීෆස්ගේ ලේඛන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ නිසා බයිබලය අධ්‍යයනය කරන අය අතරත් ප්‍රසිද්ධ චරිතයක්. ජොසීෆස්ගේ ලේඛනවලින් යුදෙව් ඉතිහාසය ගැනත් මුල් ක්‍රිස්තියානීන් ගැනත් අවබෝධයක් ලබාගැනීමට හැකි වුණා.

විස්ටන් විශ්වාස කළ දේවල්

බුද්ධිමත් කෙනෙක් වූ ඔහු විද්‍යාව සහ ආගම ඇතුළු විවිධ විෂයන් ගැන හැදෑරුවා. විශ්වය නිර්මාණය කළ ආකාරය ගැන බයිබලයේ තිබෙන වාර්තාව නිවැරදි බව ඔහු විශ්වාස කළා. ඔහු කියා සිටියේ අවට ලෝකයේ තිබෙන නිර්මාණාත්මක බව, සුන්දරත්වය සහ පිළිවෙළ වැනි දේවල් දෙවියන් මේ ලෝකය නිර්මාණය කළා කියන්න සාක්ෂි සපයන බවයි.

මෙතරම් ක්‍රිස්තියානි ආගමික නිකායන් බිහි වෙන්න හේතුව පූජකයන් බයිබලයේ ඉගැන්වීම්වලින් ඈත් වී බයිබලයට පටහැනි ඉගැන්වීම් සහ සම්ප්‍රදායන්වලට මුල් තැන දීමයි කියා ඔහු පැවසුවා.

බයිබලය දෙවියන් පිළිබඳ සත්‍ය තොරතුරු ඇතුළත් පොතක් ලෙස සැලකූ විස්ටන්, දෙවියන් මිනිසුන්ව නිරයක දමා සදාකාලයටම වධ දෙනවා යන ඉගැන්වීම ප්‍රතික්ෂේප කළා. ඔහු එය සැලකුවේ දෙවිට අපහාස කරන, කෲර ඉගැන්වීමක් ලෙසයි. පියා පුත්‍රයා සහ ශුද්ධාත්මය යන තුන්දෙනාම එක්කෙනෙක් යන ත්‍රිත්ව ඉගැන්වීමත් ඔහු ප්‍රතික්ෂේප කළ නිසා පල්ලියෙන් ඔහුට දැඩි විරුද්ධත්වයක් එල්ල වුණා.

විද්වතෙක් ලෙස සැලකුවත් පසුව උපහාසයට ලක් කළා

ත්‍රිත්වය මුල් ක්‍රිස්තියානි ඉගැන්වීමක් නොවන බවත් පසු කාලයකදී දර්ශනවාදී අදහස් ක්‍රිස්තියානි ධර්මයට ඈඳාගත් නිසා බිහි වූ ඉගැන්වීමක් බවත් ඒ පිළිබඳව හොඳින් තොරතුරු සොයා බැලූ විස්ටන් කියා සිටියා.a ඔහුගේ මිතුරන් කිව්වේ ඔහු සොයාගත් දේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අවදානම් සහිත දෙයක් කියායි. ඒත් යේසුස් දෙවියන්ගේ පුත්‍රයා කියාත් දෙවියන් යේසුස්ව නිර්මාණය කළා කියාත් තමන් දන්න සත්‍යය, ත්‍රිත්ව ඉගැන්වීම නිසා විකෘති වෙනවා දකින්න ඔහු කැමති වුණේ නැහැ.

එංගලන්ත සභාවේ ඉගැන්වීම්වලට පටහැනි අදහස් දරන අයට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තනතුරු දැරීමට අවසර දුන් නැති නිසා විස්ටන්ගේ තනතුර අහිමි වීමේ අවදානමක් තිබුණා. ත්‍රිත්වය වැරදි ඉගැන්වීමක් කියා නිව්ටන් දැන සිටියත් ඔහු එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. ඒත් විස්ටන් නිහඬව සිටියේ නැහැ. “සත්‍යය ප්‍රකාශ කිරීමෙන් මාව වළක්වන්න කිසිම දෙයකට මම ඉඩ දෙන්නේ නැහැ” කියා ඔහු සඳහන් කළා.

ඔහු තම විශ්වාසයන් පාවා නොදුන් නිසා “මුලදී විද්වතෙක් ලෙස සැලකුවත් පසුව උපහාසයට ලක් කළා”

1710දී විස්ටන්ව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කළා. ඔහු තම විශ්වාසයන් පාවා නොදුන් නිසා “මුලදී විද්වතෙක් ලෙස සැලකුවත් පසුව උපහාසයට ලක් කළා.” ඒත් ඔහුව නිහඬ කරන්න බැරි වුණා. ආගමට විරුද්ධව වැඩ කරන කෙනෙක් ලෙස ඔහුට චෝදනා එල්ල වුණත් ඔහු යේසුස්ගේ මුල් ගෝලයන් ඇදහූ ක්‍රිස්තියානි ආගම ගැන ලිපි මාලාවක් ලිව්වා. පසුව ඔහු එම ආගම ප්‍රචලිත කිරීමට සමිතියක් පිහිටෙවූ අතර එහි රැස්වීම් පැවැත්තුවේ ලන්ඩන් නුවර ඔහුගේ නිවසෙයි.

ඔහුගේ මහාචාර්ය ධූරය නැති වුණත් ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නත් ඔහු දිගටම ලිපි ලිව්වා. ලන්ඩන් නුවර දේශන පැවැත්තුවා. මුල් ක්‍රිස්තියානි ආගම ආරම්භ කළ කාලයේ ජන ජීවිතය ගැන මිනිසුන්ට අවබෝධයක් ලබා දීමට ඔහු ජොසීෆස්ගේ ඓතිහාසික වාර්තා 1737දී පරිවර්තනය කර ප්‍රකාශයට පත් කළා. එදා සිට අද දක්වා ඒවා මුද්‍රණය වෙනවා.

විස්ටන්ගේ එඩිතරකමත් සත්‍යය වෙනුවෙන් ඔහු ගත් ස්ථාවරයත් නිසා මිනිසුන් ඔහුව සැලකුවේ “අසාමාන්‍ය චරිතයක්” ලෙසයි කියා කතුවරයෙක් වන ජේම්ස් ඊ. ෆෝස් පැවසුවා. ඒත් තවත් අය ඔහුව සලකන්නේ බයිබල් විශාරදයෙක්, ආගමික සත්‍යය සෙවූ සහ විශ්වාස කළ දේට එකඟව ජීවත් වූ අවංක මිනිසෙක් ලෙසයි.

a දෙවියන් ගැන බයිබලයේ සඳහන් තොරතුරු පැහැදිලියි. තවත් තොරතුරු දැනගන්න www.pr418.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.

තොරතුරු බිඳක්

  • විලියම් විස්ටන් (1667-1752) සර් අයිසැක් නිව්ටන්ව කිට්ටුවෙන් ඇසුරු කළ කෙනෙක්. ඔවුන් දෙදෙනාටම එකම ආගමික විශ්වාසයන් තිබුණා.

  • කාලයක් විස්ටන්ට සහාය දුන් නිව්ටන් පසු කාලයේදී ඔහුගෙන් ඈත් වුණා.

  • පිළිගත් ආගමික විශ්වාසයන්ට පටහැනිව කතා කළා කියාඔහුට චෝදනා කළත් ඔහුව නීතියෙන් වරදකරුවෙක් ලෙස සැලකුවේ නැහැ.

  • “ඔහුගේ කැපී පෙනෙන ගුණාංගයක් වන්නේ අවංකකමයි.”—English Versions of the Bible.

මිනිසුන්ගේ මතයට හසු නොවූ කෙනෙක්

විලියම් විස්ටන් පරිවර්තනය කළ ජොසීෆස්ගේ ඓතිහාසික වාර්තා

“විශ්වාසයන් වෙනුවෙන් තම රැකියාව කැප කරන්න විස්ටන් ඉක්මන් වුණා කියා ඔහුගේ සමකාලීනයන් හිතන්න ඇති. ඒත් විස්ටන් තම සමකාලීනයන් ගැන හිතුවේ තම වාසිය වෙනුවෙන් විශ්වාසයන් පාවා දෙන අය හැටියටයි.”—William Whiston—Honest Newtonian.

“ආගම් ගැන සොයා බැලීමට, ඒවා ගැන ගැඹුරින් සිතා බැලීමට සහ නිගමනවලට එලඹීමට විස්ටන් ඔහු සතු විද්‍යා දැනුම යොදාගත්තා. ත්‍රිත්වය ප්‍රතික්ෂේප කරන්නත් මුල් ක්‍රිස්තියානි ආගම ගැන විශ්වාසයක් ඇති කරගන්නත් ඔහුට උදව් වුණේ බොහෝ පොත් පත් කියවීම සහ කියවූ දේවල් ගැන කල්පනා කර බැලීමයි.”—රොබට් බෘවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න