ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලොව වටා
  • බ්‍රිතාන්‍යය
  • චීනය
  • යුරෝපය
  • ලොවම වෙළාගත් කාන්තා හිංසනය
    2008 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • සිත කම්පා කරන අපරාධ!
    2012 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 9/14 3 පි.

දස දෙසින්

ලොව වටා

හිංසනයට ලක් වූ කාන්තාවක්

කාන්තා හිංසනය “අද ලෝකය පුරාම තියෙන ගැටලුවක්. කාන්තාවන්ගෙන් සියයට 35ක් විතර විවාහ සහකරුගෙන් හෝ වෙන කෙනෙකුගෙන් හිංසනයට ලක් වෙනවා. ඉන් සියයට 30ක්ම හිංසනයට ලක් වෙන්නේ තමන්ගේ සහකරුගෙන්” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යය

පල්ලියක්

සමීක්ෂණයකදී 64,303දෙනෙක්ගෙන් සියයට 79ක්ම කිව්වේ “ලෝකය පුරාම ප්‍රශ්න ගැටලු වැඩි වෙන්න ප්‍රධාන හේතුව ආගම” කියලයි. 2001දී එංගලන්තයේ සහ වේල්ස්වල ක්‍රිස්තියානීන්යයි කියාගන්නා අය සියයට 72ක් හිටියත් 2011දී එය සියයට 59ක් දක්වා අඩු වෙලා කියලා තවත් සමීක්ෂණයකින් හෙළි වුණා. ඒ කාල වකවානුවේදීම කිසිම ආගමක් අදහන්නේ නැති අයගේ ගණන සියයට 15 සිට සියයට 25 දක්වා වැඩි වෙලා.

චීනය

චීනයේ මහලු අය

වැඩිහිටි දරුවන්, තම වයසක දෙමව්පියන්ව බලන්න යන්න ඕනේ කියලත් ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන්න ඕනේ කියලත් නීතියක් පනවා තියෙනවා කියා මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඒත් ඒ වාර්තාවලට අනුව එහෙම නොකරන අයට “ලැබෙන දඬුවමක් ගැන නීතියේ සඳහන් වී නැහැ.”

යුරෝපය

ප්‍රමිතියෙන් බාල දේවල්

රූපලාවන්‍ය ද්‍රව්‍ය, විෂබීජ නාශක සහ ආහාර ද්‍රව්‍ය වැනි එදිනෙදා භාවිත කරන දේවල් නිපදවන්න ජාවාරම්කරුවන් ප්‍රමිතියෙන් බාල ද්‍රව්‍යයන් යොදාගන්නවා. ආහාරවල ප්‍රමිතිය ගැන සොයා බලන ආයතනයක ප්‍රධානියෙක් කිව්වේ “ඒ තරම් වටිනාකමක් නැති ආහාර ද්‍රව්‍ය පවා බාල කරලා තියෙනවා” කියලයි. සංවර්ධිත රටවල ආහාර ද්‍රව්‍යවලින් සියයට 10ක්ම ප්‍රමිතියෙන් බාල ඒවා කියා විද්වතෙක් සොයාගෙන තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න