ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
ප්‍රචණ්ඩකාරී දේවල් නිසා ඔයා හරි ඔයාගේ පවුලේ කෙනෙක් හරි දුක් විඳලා තියෙනවද? ප්‍රචණ්ඩකාරී දේකට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාටත් බයක් දැනෙනවද? ප්‍රචණ්ඩත්වය මුළු ලෝකයටම බලපාන, දවසින් දවස උත්සන්න වන දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ගෘහස්ථ හිංසනය සහ ලිංගික අතවර: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක මෙහෙම තියෙනවා. “ලෝකෙ පුරාම කාන්තාවන් 3දෙනෙක්ගෙන් එක්කෙනෙක් යම් අවස්ථාවකදී තම සැමියා අතින් අතවරයට ලක් වෙනවා. කාන්තාවන් 5දෙනෙක්ගෙන් එක්කෙනෙක්ව දූෂණය කරලා හරි දූෂණය කරන්න තැත් කරලා හරි තියෙනවා.”
මඟ තොටේදී සිදු වන අපරාධ: ඇමරිකාවේ 30,000කට වඩා මැර කල්ලි ඉන්නවා. ලතින් ඇමරිකාවේ හැම 3දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් මඟ තොටේදී මැරයන්ගේ හිරිහැරවලට ලක් වෙලා තියෙනවා.
මිනී මැරීම්: මෑත අවුරුද්දකදී ලක්ෂ 5කට වඩා වැඩිදෙනෙක්ව ඝාතනය කරලා තියෙනවා. ඒක ඒ අවුරුද්දේ යුද්ධ නිසා මිය ගිය අයගේ ගණනට වඩා වැඩියි. මිනී මැරීම්වල වැඩිම අනුපාතයක් වාර්තා වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවෙන් සහ මධ්‍යම ඇමරිකාවෙන්. ඒක ලෝකෙ පුරාම සිදු වෙන මිනී මැරීම්වල අනුපාතය වගේ හතරගුණයකටත් වඩා වැඩියි. අවුරුද්දක් ඇතුළත ලතින් ඇමරිකාවේ 1,00,000ට වැඩිදෙනෙක්වත් බ්‍රසීලයේ 50,000ක් විතර පරිසක්වත් ඝාතනය කරලා තියෙනවා. මේ දරුණු අපරාධ කවදා හරි නිමා වෙයිද?
ප්‍රචණ්ඩත්වය නැති කරන්න පුළුවන්ද?
ප්‍රචණ්ඩත්වය ලෝකෙ පුරාම පැතිරෙන්න විවිධ හේතු බලපානවා. ආර්ථික සහ සමාජ තත්වයන් නිසා මිනිසුන් භේද වෙලා. ඒ වගේම වැඩිහිටියන් ප්‍රචණ්ඩකාරී දේවල් කරන විදිහ, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චි කරන විදිහ, අනිත් අයගේ ජීවිත සතේකටවත් මායිම් කරන්නේ නැති විදිහ සහ අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙන විදිහ දරුවන් අද එළිපිටම දකිනවා.
ප්‍රචණ්ඩකාරී දේවල් අඩු කරන්න සමහර රටවලින් පියවර අරන් තියෙනවා. ප්‍රතිඵලයක් විදිහට පහුගිය අවුරුදු 10 ඇතුළතදී බ්‍රසීලයේ සාඕ පවුලෝවල මිනී මැරීම් 80%කින් අඩු වුණා. ඒත් අදටත් විවිධ අපරාධ සිදු වෙනවා. මිනී මැරීම් නිසා නගරයේ ජනගහනයෙන් 1,00,000ට 10දෙනෙක්ගේ ජීවිත අදටත් නැති වෙනවා. මේ දේවල් කවදා හරි නැත්තටම නැති වෙයිද?
ප්‍රචණ්ඩත්වය නැති වෙන්න නම් මිනිසුන් හිතන විදිහත් හැසිරෙන විදිහත් වෙනස් කරගන්න ඕනේ. උඩඟුකම, තණ්හාව, තමන් ගැනම විතරක් හිතන එක වගේ නරක ගතිගුණ අත්හැරලා අනිත් අයට ආදරේ කරන්න, ගෞරව කරන්න වගේම අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න ඉගෙනගන්න ඕනේ.
ඒ වගේ වෙනස්කමක් කරන්න පුළුවන් කොහොමද? බයිබලයේ තියෙන මේ දේවල් ගැන හොඳට හිතන්න.
“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.”—1 යොහන් 5:3.
“යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.”a—හිතෝපදේශ 8:13.
දෙවියන්ට ආදරේ කරන්නත් ඔහුගේ හිතට දුකක් නොදී ඉන්නත් උත්සාහ කරනවා නම් ප්‍රචණ්ඩකාරී කෙනෙක්ට වුණත් වෙනස් වෙන්න පුළුවන්. ඔව්, පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්.
ඇලෙක්ස්ගේb අද්දැකීම බලන්න. ප්‍රචණ්ඩකාරී දේවල් කරපු නිසා එයා අවුරුදු 19ක්ම හිටියේ බ්‍රසීලයේ හිරගෙදරක. 2000දී එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. ප්‍රචණ්ඩකාරී ජීවිතය ගැන පසුතැවුණු ඇලෙක්ස් මෙහෙම කිව්වා. “දෙවියන් මට සමාව දීලා තියෙනවා කියලා දැනුණාම දෙවියන් ගැන මගේ හිතේ ලොකු ආදරයක් ඇති වුණා. යෙහෝවා දෙවියන් ගැන මගේ හිතේ ඇති වුණු ආදරයත් අගයත් නිසා තමයි මං මගේ ජීවිතේ වෙනස් කරගත්තේ.”
බ්‍රසීලයේ සෙයිසර්ගේ අද්දැකීම බලන්න. එයා ගෙවල් බිඳපු, දරුණු ආයුධ ළඟ තියාගෙන හිටිය කෙනෙක්. අවුරුදු 15ක්ම එයා ජීවිතේ ගත කළේ ඒ විදිහට. ජීවිතේ වෙනස් කරගන්න එයා පෙලඹුණේ ඇයි? එයා හිරගෙදරදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තා. සෙයිසර් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ජීවිතේ මුල් වතාවට මං දැනගත්තා මගේ ජීවිතේට අරමුණක් තියෙනවා කියලා. දෙවිට ආදරේ කරන්නත් ඔහුගේ හිත රිදෙන දේවල් නොකර ඉන්නත් මං ඉගෙනගත්තා. දෙවියන් මට පෙන්නපු ආදරේට පයින් ගහන්න මට ඕන වුණේ නෑ. මගේ හිතේ දෙවියන් ගැන ඇති වුණ ආදරයයි, ඔහුගේ හිත රිද්දන්න තිබුණ අකමැත්තයි නිසා තමයි මගේ ජීවිතේ මං වෙනස් කරගත්තේ.”
ප්‍රචණ්ඩත්වය නැති කාලෙක ජීවත් වෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවද කියලා දැනගන්න
හිතන විදිහ වෙනස් කරගෙන ජීවිතේ වෙනස් කරගන්න බයිබලයේ තොරතුරු උදව් වෙන විදිහ ඒ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. (එෆීස 4:23) කලින් සඳහන් කරපු ඇලෙක්ස් මෙහෙම කිව්වා. “බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී මට හැඟුණේ හරියට පිරිසිදු වතුරෙන් මාව සේදෙනවා වගෙයි. කවදාවත් අතහරින්න බැහැයි කියලා හිතපු නරක සිතුවිලි අයින් කරගන්න ඒක මට උදව් වුණා.” බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී නරක සිතුවිලි අයින් කරගන්න පුළුවන්. (එෆීස 5:26) තමන් ගැනම හිතමින් නපුරු විදිහට හැසිරුණු අයට කාරුණික, සාමකාමී අය වෙන්න පුළුවන් වෙනවා. (රෝම 12:18) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී මනසේ සාමය අද්දකින්නත් පුළුවන්.—යෙසායා 48:18.
ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන එක නවත්වන්න පුළුවන් කොහොමද කියලා ලෝකෙ පුරාම රටවල් 240ක ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන 8කට වඩා වැඩිදෙනෙක් ඉගෙනගෙන තියෙනවා. විවිධ ජාතීන්වලටත් සමාජ තත්වයන්වලටත් අයිති මිනිසුන් දෙවිට ආදරේ කරන්න, දෙවිගේ හිතට දුකක් නොදී ඉන්න, එකිනෙකාට ආදරයෙන් සලකන්න වගේම හැමෝත් එක්කම සාමයෙන් ඉන්න ඉගෙනගෙන තියෙනවා. (1 පේතෘස් 4:8) අනාගතයේදී මුළු පොළොවෙම ප්‍රචණ්ඩත්වය නැති කාලෙක ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්න ඒක කදිම සාක්ෂියක් නෙවෙයිද!
ප්‍රචණ්ඩත්වය නැති කාලයක් ළඟදීම!
දෙවියන් ළඟදීම ප්‍රචණ්ඩත්වයට නිමාවක් ගේනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. “විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස” ළඟදීම එනවා. (2 පේතෘස් 3:5-7) එදායින් පස්සේ ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන කිසිම කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රචණ්ඩත්වය නැති කරන්න දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?
දෙවියන් ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කරනවා.’ (ගීතාවලිය 11:5) හැම දෙයක්ම නිර්මාණය කරපු ඔහු ප්‍රේමයටත් යුක්තියටත් ප්‍රිය කරනවා. (ගීතාවලිය 33:5; 37:28) ඒ නිසා තමයි ඔහු ළඟදීම ප්‍රචණ්ඩත්වයට නිමාවක් ගේන්නේ.
ඔව්, සාමය රජයන කාලයක් ළඟදීම එනවා. (ගීතාවලිය 37:11; 72:14) ප්‍රචණ්ඩත්වය නැති ඒ කාලේ ජීවත් වෙන්න නම් කරන්න ඕන දේ ගැන හොයලා බලන එක වැදගත් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?