මුල් පිටුවෙන් | සාර්ථකත්වය කියන්නේ මොකක්ද?
ඔබ සාර්ථකත්වය මනින්නේ කොහොමද?
ඔබ හිතන විදිහ තේරුම්ගැනීමට පහත සඳහන් තත්වයන් ගැන හිතලා බලන්න.
මේ අය අතරින් ඔබ සාර්ථකයි කියලා කියන්නේ කාටද?
අමල්
අමල් ව්‍යාපාරිකයෙක්. ඔහු අවංක, මහන්සි වෙලා වැඩ කරන ගුණ යහපත් පුද්ගලයෙක්. දවසින් දවස ඔහුගේ ව්‍යාපාරය දියුණු වුණා. ඔහුත් ඔහුගේ පවුලේ අයත් ජීවත් වෙන්නේ සතුටින්.
කමල්
කමල්ට තියෙන්නෙත් අමල්ට තියෙනවා වගේ ව්‍යාපාරයක්. ඒත් කමල් අමල්ට වඩා හම්බ කරනවා. ව්‍යාපාර ලෝකයේ තරඟකාරීත්වය නිසා කමල් මුළු කාලයම යොදවන්නේ වැඩවලට. ඔහුට අසනීපත් තියෙනවා.
ජනිතා
ජනිතා පාසැල් ශිෂ්‍යයාවක්. ඇය උනන්දුවෙන් පාඩම් කරනවා. ඒ වගේම ඉගෙනගන්නත් ආසයි. විභාගයේදී හොඳින් ලකුණු ගන්නවා.
එරන්දි
එරන්දි ජනිතාට වඩා ලකුණු ගන්නවා. ඒ වගේම පාසැලේ කැපීපෙනෙන ශිෂ්‍යයාවක්. ඒත් ඇය විභාගයේදී හොර කරනවා. ඉගෙනගන්නත් එච්චර කැමැත්තක් නැහැ.
ඔබ තේරුවේ කමල්ව සහ එරන්දිවද එහෙමත් නැත්නම් ඒ හතරදෙනාවමද? එහෙමනම් ඔබ සාර්ථකත්වය මනින්නේ කෙනෙක් ලබාගෙන තියෙන දේවල්වලිනුයි. ඒ දේවල් ලබාගත්ත විදිහ ඔබට වැදගත් නැහැ.
ඔබ තේරුවේ අමල්ව සහ ජනිතාව නම් ඔබ සාර්ථකත්වය මනින්නේ පුද්ගලයෙකුගේ ගතිගුණ සහ ඒ පුද්ගලයා වැඩ කරන විදිහ අනුවයි. එහෙම හිතන එක වැරදි නැහැ. මේ ගැන හිතන්න.
ජනිතාගේ ජීවිතයට හැමදාටම ප්‍රයෝජනයක් ලැබෙන්නේ, වැඩි ලකුණු ගන්න එකෙන්ද? නැත්නම් ඉගෙනගන්න තියෙන ආසාවෙන්ද?
අමල්ගේ දරුවන්ට වටින්නේ, සල්ලිද? නැත්නම් තමන් සමඟ කාලය ගත කරන තාත්තා කෙනෙක්වද?
නිගමනය: සාර්ථකත්වය කියන්නේ බාහිර දේවල්වලින් මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙක් සාර්ථක වෙන්නේ යහපත් ගතිගුණවලට මුල් තැන දෙමින් තමන්ගේ සිතුම් පැතුම් ඉටු කරගන්නවා නම් විතරයි.