ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/15 12-13 පි.
  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?
  • මැරුණාම ආත්මය කියලා දෙයක් පිට වෙනවාද?
  • මැරුණු අයට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද?
  • මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • මරණින් පසු ජීවිතයක්—බයිබලය පවසන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 12/15 12-13 පි.

බයිබලයෙන් පිළිතුරක්

මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?

මැරුණාට පස්සේ වෙන දේ ගැන ආගම්වල එක එක දේවල් උගන්වනවා. ඒත් බයිබලයේ මැරුණාට පස්සේ මිනිසුන්ට වෙන දේ ගැන පැහැදිලිව සඳහන් වෙනවා.

මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

කෙනෙක් මැරුණාම වෙනත් තැනක ආයෙත් ඉපදෙනවා. එහෙම නැත්නම් ස්වර්ගයට, දිව්‍යලෝකයට හෝ අපායට යනවා කියලත් කියනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ඒ වගේ ඉගැන්වීමක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ගීතාවලිය 146:4 කියන්නේ “ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය” කියලයි. එහෙමනම් කෙනෙක් මැරුණාම එයාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම දේශනාකාරයා 9:5, 6 කියන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත” කියලයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මිය ගියාම ජීවිතය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා කියන එකයි.

“මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:10.

මැරුණාම ආත්මය කියලා දෙයක් පිට වෙනවාද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

කෙනෙක් මැරුණාම, නොමැරී පවතින ආත්මයක් ශරීරයෙන් පිට වෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යෙහෝවා දෙවියන් මුල් මිනිසාව නිර්මාණය කරපු විදිහ ගැන උත්පත්ති 2:7 කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.” බයිබලය ලියපු මුල් භාෂාවලට අනුව, දෙවියන් මිනිසාව නිර්මාණය කරද්දී ඔහුගේ ශරීරයට ආත්මයක් ඇතුල් කළා කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒත් “ජීව බලය” හා “හුස්ම” විදිහට පරිවර්තනය වෙන්න ඕන හෙබ්‍රෙව් හා ග්‍රීක වචන, සමහර බයිබල්වල “ආත්මය” කියලා වැරදියට පරිවර්තනය කරලා තියෙනවා. මුල් යුවළ දෙවියන්ට අකීකරු වුණ වෙලාවේ දෙවියන් කිව්වේ ඔවුන් දූවිල්ලට හැරී යනවා කියලයි. ඔවුන්ගෙන් ආත්මයක් පිට වෙනවා කියලා කිව්වේ නැහැ.

“ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.

මැරුණු අයට ආයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද?

පිළිතුරු දැනගැනීම වැදගත්ද?

සමහරවිට ඔයාගේ පවුලේ කෙනෙක් නැත්නම් හිතවතෙක් මිය ගිහින් ඇති. ඒ නිසා මැරුණ අය දැන් කොහෙද ඉන්නේ? ඒ අය දුක් විඳිනවා ඇද්ද වගේ ප්‍රශ්න ගැන ඔයා හිතනවා ඇති.

මිනි පෙට්ටියක් ඉස්සරහා දුකින් ඉන්න යුවලක්

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ඔහුගේ මතකයේ ඉන්න මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙනවා. ඒ දේ කරන්න දෙවියන් ඉන්නේ ගොඩක් ආසාවෙන්. අපි ආදරය කරන මැරුණු අයව නැවත නැඟිටුවනවා කියලා දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දුව අපිට මොන තරම් සහනයක්ද!

“ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි.”—ක්‍රියා 24:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න