ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 2 12-13 පි.
  • හිතේ කරදරෙන් ඉන්න එක

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතේ කරදරෙන් ඉන්න එක
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හිතේ කරදරෙන් ඉන්න එකේ වරදක් නැද්ද?
  • කනස්සල්ලක් දැනෙද්දි ඒකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද?
  • හිතේ කනස්සල්ලක් නැති කාලයක් එයිද?
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
    තවත් ලිපි
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 2 12-13 පි.

බයිබලයෙන් පිළිතුරක්

හිතේ කරදරෙන් ඉන්න එක

අපි හැමෝම යම් දේවල් ගැන හිතෙන් කරදර වෙනවා. ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒ පැති දෙක හොඳින් අවබෝධ කරගන්න බයිබලය අපිට උදව් වෙනවා.

හිතේ කරදරෙන් ඉන්න එකේ වරදක් නැද්ද?

සැබෑ තත්වය:

හිතේ කරදරෙන් ඉන්න අයට සාමාන්‍යයෙන් බයක්, සැකක් දැනෙනවා. හෙට මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැති නිසා ඕනම කෙනෙක්ට ඒ වගේ දැනෙන්න පුළුවන්.

බයිබලයේ කියන දේ:

දාවිත් රජටත් ඒ වගේ හැඟුණා. ඒ නිසා “දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද” කියලා එයා දෙවියන්ගෙන් ඇහුවා. (ගීතාවලිය 13:2) කනස්සල්ලෙන් ගොඩ එන්න එයා හිතට දැනෙන හැම දෙයක්ම දෙවියන්ට කිව්වා. දෙවියන් තමන්ට නමස්කාර කරන අයට ආදරෙයි කියලා එයා දැනගෙන හිටියා. (ගීතාවලිය 13:5; 62:8) දාවිත් රජ වගේ හිතේ කරදර ගැන දෙවියන්ට කියන්න අපිටත් පුළුවන්. මොකද බයිබලයේ කියන්නේ ‘දෙවියන් ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න’ කියලයි.—1 පේතෘස් 5:7.

වයසක කාන්තාවකට ආදරෙන් සලකන තරුණ අය

අනිත් අයට අපි උදව් කරනවා නම් එයාලා ගැන කනස්සලු වෙන එකෙන් මිදෙන්න පුළුවන්

බයිබල් ලේඛකයෙක් වුණු පාවුල්මෙහෙම කිව්වා. “සභාවන් ගැන සිතන විට මගේ සිතට මහත් බරක් දැනේ.” (2 කොරින්ති 11:28) එයා හිටියේ ඒ සභාවල අය ගැන හිතේ කරදරෙන්. ඒ නිසා ඒ අයට උදව් කරන්න එයා මහන්සි වෙලා වැඩ කළා. ඒ වෙලාවේ එයා සභාවේ අය ගැන හිතපු එකෙන් වුණේ හොඳක්. පාවුල්ට වගේ අපිටත් අනිත් අය ගැන හැඟෙනවා නම් හොඳයි. මොකද ඒකෙන් තේරෙන්නේ අපි එයාලා ගැන සැලකිලිමත් කියන එකයි.—හිතෝපදේශ 17:17.

“ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

කනස්සල්ලක් දැනෙද්දි ඒකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද?

සැබෑ තත්වය:

ඉස්සර කරපු වැරදි ගැන, අනාගතය ගැන සහ සල්ලි ගැන ඕනෑවට වඩා වධ වෙන නිසා හුඟක් අය ඉන්නේ කනස්සල්ලෙන්.a

බයිබලයේ කියන දේ:

ඉස්සර කරපු වැරදි ගැන හිතහිතා ඉන්න එක: මුල් සියවසේ හිටපු සමහරු ක්‍රිස්තියානීන් වෙන්න කලින් දුරාචාර ජීවිත ගත කළා. සොරකම් කළා. තවත් අය බේබද්දෝ. (1 කොරින්ති 6:9-11) ඒත් කලින් කරපු වැරදි ගැන හිතහිතා ඉන්නේ නැතුව එයාලා වැරදි හදාගත්තා. ඒ වගේම දෙවියන් එයාලට සමාව දෙයි කියලත් විශ්වාස කළා. මොකද බයිබලයේ යෙහෝවා දෙවියන් ගැන කියන්නේ ‘සමාව දිය හැක්කේ ඔබටය. එබැවින් ඔබ කෙරෙහි අපට ගරුබියක් ඇති වන්නේය’ කියලයි.—ගීතාවලිය 130:4.

අනාගතේ මොනවා වෙයිද කියලා ඕනෑවට වඩා හිතන එක: ‘හෙට දවස ගැන කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි’ කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:25, 34) ඔහු ඒකෙන් අදහස් කළේ අද තියෙන ප්‍රශ්න ගැන හිතනවා ඇරෙන්න හෙට ඇති වෙයි කියලා හිතන ප්‍රශ්න ගැන කරදර වෙන්න එපා කියන එකයි. මොකද එහෙම කළොත් අපිට හොඳ තීරණ ගන්න බෑ. සමහරවිට වෙයි කියලා අපි හිතන දේවල් කවදාවත් ඒ විදිහට නොවෙන්නත් පුළුවන්.

සල්ලි ගැන ඕනෑවට වඩා හිතන එක: ‘මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදෙන්න’ කියලා ඥානවන්ත කෙනෙක් දෙවියන්ට යාච්ඤා කළා. (හිතෝපදේශ 30:8) එයා ලැබෙන දෙයින් සෑහීමට පත් වුණා. දෙවියන් කැමතිත් ඒ වගේ අයටයි. හෙබ්‍රෙව් 13:5 මෙහෙම කියනවා. “මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. . . . මන්ද, ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත.” සල්ලි කියන දේ අද තියෙනවා. හෙට නැති වෙනවා. ඒත් අපි දෙවියන්ව විශ්වාස කරලා සරල ජීවිතයක් ගත කරනවා නම් දෙවියන් අපිව කවදාවත් අතහරින්නේ නැහැ.

“ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.”—ගීතාවලිය 37:25.

හිතේ කනස්සල්ලක් නැති කාලයක් එයිද?

මිනිස්සු කියන දේ:

“ලෝකෙ පුරාම කනස්සල්ල කියන දේ දවසින් දවස වැඩි වෙනවා” කියලා එක් පුවත්පතක සඳහන් වුණා. (The Guardian) ඒ වගේම “ඇමරිකාවේ අය දැන් ඉන්නේ ඉස්සරට වඩා කනස්සල්ලෙන්” කියලා තවත් පුවත්පතක සඳහන් වුණා.—The Wall Street Journal.

බයිබලයේ කියන දේ:

හිතෝපදේශ 12:25 මෙහෙම කියනවා. “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.” ඒ වගේ දිරිගන්වනසුලු, ප්‍රීතිමත් පණිවිඩයක් දේවරාජ්‍යය ගැන ශුභාරංචියේ ඇතුළත්. (මතෙව් 24:14) මොකද කිසිම මිනිසෙක්ට කරන්න බැරි දෙයක් දෙවියන්ගේ රාජ්‍යය තුළින් ළඟදීම කරනවා. ඒ තමයි අසනීප, මරණය වගේ කනස්සල්ලට හේතු වෙන හැම දෙයක්ම නැති කරලා දාන එක. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

‘මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.’—රෝම 15:13.

a අධික කනස්සල්ල නිසා අසනීප වෙන අය වෛද්‍ය උපදෙස් ගන්න අවශ්‍යයි. ‘පිබිදෙව්!’ සඟරාව විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ගැන පාඨකයන්ට නිර්දේශ කරන්නේ නෑ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න