ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 6 4-6 පි.
  • නිරෝගීව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිරෝගීව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේ
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 ජලය
  • 2 ආහාර
  • 3 කෘමීන්
  • 4 සතුන්
  • 5 මිනිසුන්
  • සුවබර දිවියකට යෝජනා පහක්
    2015 පිබිදෙව්!
  • 4—පිරිසිදුකම හා ආරක්ෂාව
    2011 පිබිදෙව්!
  • යළි හිස ඔසවා ඇත්තේ ඇයි?
    2003 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය සුරැකීමට ක්‍රම හයක්
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 6 4-6 පි.

මුල් පිටුවෙන් | ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

නිරෝගීව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේ

පුරාණයේ හුඟක් නගර ආරක්ෂා වුණේ ඒ වටේ බැඳ තිබුණු පවුරෙන්. සතුරෙක් පවුරේ පොඩි කොටසක් හරි කඩාගෙන ඇතුළට ආවොත් නගරයම අනතුරේ. ඔයාගේ ශරීරයත් හරියට පවුරකින් වට වුණු නගරයක් වගේ. ශරීරයට විෂබීජ ඇතුල් වෙන්න නොදී ඒක ආරක්ෂා කරගන්නවා නම් ඔයාට නිරෝගීව ඉන්න පුළුවන්. ලෙඩ වෙන්න හේතු වෙන දේවල් පහක් සහ ඒවායින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන අපි දැන් බලමු.

වෙළඳපොළක් මැදින් ඇවිදන් යන අම්මා කෙනෙකුයි දුවෙකුයි

1 ජලය

අනතුර: අපිරිසිදු ජලයෙන් ශරීරයට හුඟක් විෂබීජ ඇතුල් වෙන්න පුළුවන්.

ආරක්ෂිත පියවර: පාවිච්චියට ගන්න ජලයේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. ඔයා ජලය ලබාගන්නා මූලාශ්‍රය අපිරිසිදු වෙලා නම් නිවසේදී ඒ ජලය පිරිසිදු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න.a බීමට ගන්න ජලය පුරවා තබන භාජනය හොඳින් වහලා තියන්න. ඒකෙන් ජලය ගද්දී ඒක අපිරිසිදු වෙන විදිහට ගන්න එපා. පිරිසිදු ජලයට ඔයාගේ අත දාන්නත් එපා. ඒකෙන් ඔයාගේ අතේ තියෙන විෂබීජ ජලයට එකතු වෙන්න පුළුවන්. වතුර ලබාගන්න තැන් අවට පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. ළිං අසල වැසිකිළි වළවල් වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ තැන්වලින් වතුර ගන්න එපා.

2 ආහාර

අනතුර: අපි ගන්න ආහාරවලින් හානිකර විෂබීජ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්.

ආරක්ෂිත පියවර: සමහර කෑම පෙනුමෙන් හොඳ වුණත් ඒවායේ විෂබීජ තියෙන්න පුළුවන්. ඒ නිසා එළවළු, පලතුරු වගේ දේවල් හොඳට සෝදන්න. උයන පිහන භාජන, කුස්සිය පිරිසිදුව තියාගන්න. උයන්න කලින් අත සෝදන්න. සමහර ආහාරවල ඉන්න හානිකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙන්න නම් නිශ්චිත කාලයක් ඒවා උයන්න ඕනේ. ඒ වගේ ආහාර උයද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. වර්ණයේ හෝ රසයේ වෙනසක් වෙලා තියෙන, දුගඳක් හමන ආහාර කෑමට ගන්න එපා. පසුව පාවිච්චියට ගන්න හිතන කෑම පුළුවන් ඉක්මනින් ශීතකරණයට දාන්න. ඔයා අසනීපයෙන් ඉන්නකොට වෙන අයට උයන්න එපා.b

3 කෘමීන්

අනතුර: කෘමීන්ගෙන් හානිකර ක්ෂුද්‍ර ජීවීන් අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්.

ආරක්ෂිත පියවර: කෘමීන් ගෙට ඇතුල් වෙන එක වළක්වන්න පියවර ගන්න. මදුරුවෝ වැඩිපුර ඉන්න වෙලාවට එළියට යන්න එපා. ඒ වගේම ඒ වෙලාවලදී අත් පා වැහෙන විදිහට ඇඳුම් අඳින්න. කෘමීන්ගෙන් ආරක්ෂා වෙන්න මදුරු දැලක්, සුදුසු ආලේපනයක් පාවිච්චි කරන්න. ජලය රැඳෙන තැන්වල මදුරුවන් බෝ වෙන්න පුළුවන් නිසා ඒ තැන් පිරිසිදු කරන්න.c

4 සතුන්

අනතුර: සතුන්ගේ ඇඟේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් අපිට හානිකරයි. සතෙක් ඔයාව හැපුවොත්, සීරුවොත් නැත්නම් උන්ගේ අසූචි ඔයාගේ ඇඟේ ගෑවුණොත් ඒකෙන් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

ආරක්ෂිත පියවර: පුළුවන් නම් සුරතල් සතුන්ව නිවසින් පිට තියන්න. සතෙක්ව ඇල්ලුවාට පස්සේ හොඳින් අත් සෝදන්න. පාරේ ඉන්න බල්ලෝ, පූසෝ වගේ සත්තු අල්ලන්න එපා. සතෙක් ඔයාව හැපුවොත්, සීරුවොත් ඉක්මනින්ම තුවාල වුණ තැන හොඳට හෝදලා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.d

5 මිනිසුන්

අනතුර: කෙනෙක් කහිද්දී, කිවිසුම් අරිද්දී එයාගේ විෂබීජ අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. අතට අත දෙන එක සහ වැලඳගන්න එක වගේ දේවල් නිසාත් රෝග පැතිරෙනවා. දොර අගුල්වල, දුරකථනවල, අත්වැටවල්වල, රිමෝට්වල, පරිගණක තිරවල සහ කීබෝඩ්වල වුණත් තව කෙනෙක්ගේ විෂබීජ තියෙන්න පුළුවන්.

ආරක්ෂිත පියවර: රේසර්, දත් බුරුසු, තුවා වගේ දේවල් හවුලේ පාවිච්චි කරන්න එපා. මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිරය සහ රුධිරය අඩංගු දේවල් අල්ලන්න එපා. නිතරම අත් සෝදන එක හරිම වැදගත් දෙයක්. ඒක විෂබීජවලින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් පහසුම සහ හොඳම දෙයයි.

ඔයා අසනීප වෙලා ඉද්දී පුළුවන් තරම් නිවසට වෙලා ඉන්න. එක්සත් ජනපදයේ රෝග මර්දනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවා තියෙන ආයතනවලින් කියන්නේ කහිද්දී සහ කිවිසුම් අරිද්දී අත පාවිච්චි කරන්නේ නැතුව ලේන්සුවක් නැත්නම් ටිෂූ එකක් පාවිච්චි කරන්න කියලයි.

පුරාණ පොතක මේ වගේ උපදෙසක් දීලා තියෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) වසංගත රෝගවලින් මුළු ලෝකයම පීඩා විඳින කාලයක ඒක මොන තරම් කාලෝචිත උපදෙසක්ද! ඉතිං නිරෝගීව ඉන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත් වෙමු. පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙමු. එහෙම කළොත් රෝගවලින් ආරක්ෂා වෙන්න ඔයාටත් පුළුවන්.

a නිවසේදීම ජලය පිරිසිදු කරගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය ක්ලෝරිනීකරණය, සූර්ය බලයෙන් පිරිසිදු කිරීම, පෙරීම සහ උණු කිරීම වගේ ක්‍රම අනුමත කරනවා.

b තවත් තොරතුරු දැනගන්න 2012 ජූනි ‘පිබිදෙව්!’ කලාපයේ 3-9 පිටු බලන්න.

c මැලේරියාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදි ගැන දැනගන්න 2015 ජූලි ‘පිබිදෙව්!’ කලාපයේ 14-15 පිටු බලන්න.

d විෂ සහිත සතෙක් ඔයාව කෑවොත් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

වසංගතයක් පැතිරෙද්දී වෙනදාට වඩා පරෙස්සමෙන්

අත් සෝදන කාන්තාවක්

කාගෙත් කතාබහට ලක් වුණ ඉබෝලා වසංගතය 2014 බටහිර අප්‍රිකාව පුරා ළැව් ගින්නක් වගේ පැතිර ගියා. ඒ රටවල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෝගයෙන් ආරක්ෂා වෙන්න මිනිසුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළා. ඒ වැඩසටහන ගැනත් ඔවුන් කළ තවත් දේවල් ගැනත් දැනගන්න.

  • වැඩසටහන

    රෝගයේ බරපතළකම ගැන මිනිසුන්ව දැනුවත් කෙරුවේ කොහොමද?

    අපි වසංගතය පැතිරෙන විදිහ සහ ඒකෙන් ආරක්ෂා වෙන විදිහ ගැන විශේෂ වැඩසටහන් පැවැත්තුවා. රෝගය ගැන මහජනයාට තිබුණු අනවශ්‍ය බිය නැති කරගන්න ඒක ඔවුන්ට උදව් වුණා.

  • අත් සෝදමින්

    සාක්ෂිකරුවන් ගත්තේ මොන වගේ ආරක්ෂිත පියවරද?

    අපි නමස්කාර මධ්‍යස්ථානවලට එන අයගේ ශරීර උෂ්ණත්වය මැන්නා. අතට අත දෙන එක, වැලඳගන්න එක වගේ දේවලින් වැළකුණා. නිතර නිතර අත් හේදුවා. මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල අත් පිරිසිදු කරගන්න විෂබීජ නාශකයක් අඩංගු ජලය තබා තිබුණා.

  • දුරකථනයෙන්

    රැස්වීම් පවත්වන එකටයි, අනිත් ඉගැන්වීමේ වැඩවලටයි බාධාවක් වුණේ නැද්ද?

    රජයෙන් සමහර පැති රෝගීන්ව වෙන් කරලා තියෙන ප්‍රදේශ විදිහට නම් කෙරුවා. ඒ නිසා අපිට ඒ ප්‍රදේශවල සාමාන්‍ය විදිහට රැස්වීම් තියන්න බැරි වුණා. හුඟක් අය රැස්වීම් පැවැත්තුවේ ගෙවල්වල. රෝගය පැතිරෙන එක අඩු කරගන්න බයිබල් පාඩම් පැවැත්තුවෙත් දුරකථනය හරහා.

  • දිනදර්ශනය

    රෝග ලක්ෂණ තියෙන කෙනෙක් හම්බ වුණොත් මොනවාද කරන්නේ?

    ඉක්මනින්ම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඉබෝලා රෝග ලක්ෂණ මතු වෙන්න උපරිම දින 21ක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් රෝගියෙක්ව ස්පර්ශ කරලා තිබුණා නම් නැත්නම් රෝගය නිසා මැරුණු කෙනෙක්ගේ මළ ගෙදරකට ගිහින් තිබුණා නම් එයාට අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න කියලා උපදෙස් දුන්නා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න