ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 3 14-15 පි.
  • දේවදූතයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවදූතයන්
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේවදූතයන් කියන්නේ කාටද?
  • අතීතයේදී දේවදූතයන් කළේ මොනවාද?
  • මේ කාලයේ දේවදූතයන් කරන්නේ මොනවාද?
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • දේවදූතයන් කියන්නේ මොන වගේ අයද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 3 14-15 පි.
ගිනි ගනිමින් තිබුණු කටු පඳුරක් තුළින් දේවදූතයෙක් මොසෙස්ට කතා කළා

බයිබලයෙන් පිළිතුරක්

දේවදූතයන්

පොත් පත්වල, චිත්‍රපටිවල දේවදූතයන්ගේ පින්තූර අපි දැකලා තියෙනවා. ඇත්තටම දේවදූතයන් කියන්නේ කාටද? එයාලා මොනවාද කරන්නේ?

දේවදූතයන් කියන්නේ කාටද?

බයිබලයේ කියන දේ:

සියලු බලය ඇති දෙවියන් මේ පොළොවත් මිනිසුන්වත් හදන්න කලින් මිනිසුන්ට වඩා උසස්, බලවත්, බුද්ධිමත් ජීවීන් පිරිසක් නිර්මාණය කළා. එයාලා ජීවත් වෙන්නේ මිනිසුන්ට නොපෙනෙන ස්වර්ගයේ, දෙවියන් එක්ක. (යෝබ් 38:4, 7) ඒ බලවත් ජීවීන්ව බයිබලයේ හඳුන්වන්නේ “දේවදූතයන්” කියලයි.—හෙබ්‍රෙව් 1:7.a

දේවදූතයන් කීදෙනෙක් ඉන්නවාද? දෙවියන්ගේ සිංහාසනය වටේට දේවදූතයන් “බොහෝදෙනෙක්” ඒ කියන්නේ “දසදහස් වර දසදහසක්ද දහස් වර දහසක්ද” ඉන්නවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 5:11) දේවදූතයන්ගේ ගණන බයිබලයේ ඒ විදිහට විස්තර කරලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා දේවදූතයන් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා. මොකද ඒ බයිබල් පදේ සඳහන් සංඛ්‍යාව ගණන් කරලා බැලුවත් එතැනම මිලියන සිය ගාණක් දේවදූතයන් ඉන්නවා.

‘සිංහාසනය වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬ මට ඇසිණ. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද දහස් වර දහසක්ද විය.’—එළිදරව් 5:11.

අතීතයේදී දේවදූතයන් කළේ මොනවාද?

බයිබලයේ කියන දේ:

දෙවියන්ගේ පණිවුඩකරුවන් හැටියට හුඟක් වෙලාවට දේවදූතයන් සේවය කරලා තියෙනවා.b ඒ වගේම දෙවියන් දේවදූතයන් යොදාගෙන ආශ්චර්යයනුත් කරලා තියෙනවා. ආබ්‍රහම් එයාගේ පුතා වන ඊසාක්ව පූජා කරද්දී ඒක වළක්වන්නත් එයාට ආශීර්වාද කරන්නත් දෙවියන් යොදාගත්තේ දේවදූතයෙක්වයි. (උත්පත්ති 22:11-18) දෙවියන් මෝසෙස්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරන පැවරුම ලබා දුන්නෙත් දේවදූතයෙක් මාර්ගයෙන්. (නික්මයාම 3:1, 2) දානියෙල්ව සිංහ ගුහාවකට දාපු වෙලාවේ දෙවියන් “දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල්” වහලා දැම්මා.—දානියෙල් 6:22.

“ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා [මෝසෙස්ට] පෙනිණ.”—නික්මයාම 3:2.

මේ කාලයේ දේවදූතයන් කරන්නේ මොනවාද?

බයිබලයේ කියන දේ:

මේ කාලයේ දේවදූතයන් කරන දේවල් ගැන හැම තොරතුරක්ම අපිට දැනගන්න විදිහක් නැහැ. ඒත් අවංක මිනිසුන්ට දෙවියන් ගැන දැනගන්න උදව් කිරීමේ කාර්යයට දේවදූතයන් හවුල් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 8:26-35; 10:1-22; එළිදරව් 14:6, 7.

යෙහෝවා දෙවියන් යාකොබ්ට දකින්න සලස්වපු සිහිනයකදී එයා දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය දක්වා තිබුණු “ඉණිමඟක්” දිගේ දේවදූතයන් නඟිමින් බහිමින් ඉන්න විදිහ. (උත්පත්ති 28:10-12) යෙහෝවා දෙවියන් පොළොවේ ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට උදව් කරන්න දේවදූතයන්ව යොදාගන්නවා කියන දේ ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. යාකොබ් පවා ඒ දේ තේරුම්ගන්න ඇති.—උත්පත්ති 24:40; නික්මයාම 14:19; ගීතාවලිය 34:7.

“පොළොවේ සිට ස්වර්ගය දක්වා උස් වූ ඉණිමඟක් තිබූ අතර දේවදූතයන් එම ඉණිමඟ දිගේ නඟිමින් බසිමින් සිටියා.”—උත්පත්ති 28:12.

a ඒ දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් දෙවියන්ට අකීකරු වුණා. එයාලාව හඳුන්වන්නේ “භූතයන්” කියලයි.—ලූක් 10:17-20.

b බයිබලයේ “දේවදූතයා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල තේරුම “පණිවුඩකරු” යන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න