ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 2 4-5 පි.
  • තමන්වම පාලනය කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තමන්වම පාලනය කරගන්න
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තමන්වම පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද?
  • තමන්වම පාලනය කරගන්න එක වැදගත් ඇයි?
  • තමන්ව පාලනය කරගන්න උගන්වන්න
  • තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න
    2015 පිබිදෙව්!
  • ආත්ම දමනය නමැති ඵලය වර්ධනය කර ගැනීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ත්‍යාගය දිනාගැනීමට ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 2 4-5 පි.
දරුවෙක් ටොපියක් ගන්න යද්දී අම්මා එයාව වළක්වමින්

1වෙනි පාඩම

තමන්වම පාලනය කරගන්න

තමන්වම පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද?

තමන්වම පාලනය කරගන්න කෙනෙක්

  • තමන්ට ඕන දේ ලැබෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා

  • තමන්ගේ ආශාවන් පාලනය කරගන්නවා

  • කරන්න අකමැති වැඩක් ලැබුණත් ඒක සම්පූර්ණයෙන්ම ඉටු කරනවා

  • තමන් ගැන හිතනවාට වඩා අනිත් අය ගැන හිතනවා

තමන්වම පාලනය කරගන්න එක වැදගත් ඇයි?

තමන්වම පාලනය කරගන්න ඉගෙනගෙන තියෙන දරුවන් වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ දේ කරලා සතුටක් ලබන්න පුළුවන් වගේ පෙනුණත් ඒක කරන්නේ නැහැ. හැබැයි තමන්ව පාලනය කරගන්නේ නැති දරුවන් හුඟක් වෙලාවට

  • දරුණු විදිහට හැසිරෙනවා

  • මානසික අවපීඩනයෙන් පෙළෙනවා

  • දුම්පානයට නැත්නම් මත්පැන්වලට ඇබ්බැහි වෙනවා

  • පෝෂ්‍යදායි කෑම කන්නේ නැහැ

පුංචි කාලේ ඉඳන් තමන්ව පාලනය කරගන්න ඉගෙනගෙන තියෙන අයට හුඟක් දුරට සෞඛ්‍ය ගැටලු, ආර්ථික ප්‍රශ්න අඩුයි කියලත් එයාලා රටේ නීතියට ගරු කරනවා කියලත් අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා. මහාචාර්යවරියක් ඒ ගැන කිව්වේ “තමන්වම පාලනය කරගන්න එකෙන් කවදාවත් හානියක් වෙන්නේ නෑ” කියලයි.

තමන්ව පාලනය කරගන්න උගන්වන්න

කියපු දේ වෙනස් කරන්න එපා.

බයිබල් ප්‍රතිපත්තිය: “එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.”—මතෙව් 5:37, පැරණි අනුවාදය.

සමහර දරුවන් අනිත් අය ඉස්සරහා වුණත් යටි ගිරියෙන් කෑගහලා තමන්ට ඕන දේ කරගන්න හදනවා. ඒ වගේ වෙලාවට එයාලට ඕන දේ කරන්න යන්න එපා. එහෙම කළොත් එයාලා හැමදාමත් ඒ විදිහට ඔයා ‘එපා’ කියලා තියෙන දේවල් ලබාගන්න උත්සාහ කරයි.

ඔයා කියපු දේ වෙනස් නොකර ඉද්දී දරුවා තේරුම්ගන්නවා මට ඕන දේ හැම වෙලේම ලැබෙන්නේ නැහැ කියලා. “ඇත්තටම සතුටින් ඉන්නේ තමාව පාලනය කරගන්න අය මිසක් තමන් කැමති කැමති දේ ලබාගන්න උත්සාහ කරන අය නෙවෙයි” කියලත් “ඕන හැම දේම ලබාගන්න පුළුවන් කියලා දරුවන්ට ඉගැන්නුවොත් ඒකෙන් එයාලට වෙන්නේ ලොකු හානියක්” කියලත් වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් වෝල්ෂ් කියලා තියෙනවා.a

දරුවා ඉල්ලන ඉල්ලන දේ නොදී ඉද්දී පස්සේ කාලෙක එයාටම ලේසි වෙයි තමන්ව පාලනය කරගන්න. උදාහරණෙකට මත්ද්‍රව්‍ය ගන්න එක, විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වගේ හානිකර දේවලින් වළකින්න දරුවාට පුළුවන් වෙයි.

ප්‍රතිඵල ගැන හිතන්න දරුවන්ට උදව් කරන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

කරන හැම දේකම ප්‍රතිඵල විඳින්න වෙනවා කියන දේ දරුවාට තේරුම් කරලා දෙන්න. උදාහරණෙකට ඔයාගේ දරුවාට ඉක්මනින්ම කේන්ති යනවා නම් අනිත් අය එයාව ආශ්‍රය කරන්න කැමති වෙන එකක් නැහැ. ඒත් එයා තමන්ව පාලනය කරගෙන ඉවසීමෙන් වැඩ කරනවා නම්, අනිත් අය කතා කරකර ඉද්දී මැද්දට පනින්නේ නැත්නම් හුඟක් අය එයාව ආශ්‍රය කරන්න කැමති වෙයි. තමන්ව පාලනය කරගන්න ඉගෙනගත්තොත් ප්‍රයෝජන ලැබෙන්නේ එයාටමයි කියලා දරුවාට තේරුම් කරලා දෙන්න.

වඩා වැදගත් දේට මුල් තැන දෙන්න දරුවන්ට උගන්වන්න.

බයිබල් ප්‍රතිපත්තිය: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

තමන්ව පාලනය කරගද්දී වැරදි දේවලින් වැළකිලා ඉන්න විතරක් නෙවෙයි කරන්න අකමැති වැඩක් වුණත් සතුටින් කරන්න පුළුවන් වෙනවා. මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හඳුනගෙන ඒවාට මුල් තැන දෙන්න දරුවාට උගන්වන්න. වැදගත් දේට මුල් තැන දීලා ඊටපස්සේ අනිත් දේවල් කරන්න කියලා දරුවාට කියන්න. උදාහරණෙකට දරුවා ඉස්කෝලේ වැඩ ඉවර කරන කල් එයාට සෙල්ලම් කරන්න දෙන්න එපා.

හොඳ ආදර්ශයක් වෙන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.”—යොහන් 13:15.

කේන්ති යන දෙයක් වුණාම ඔයා හැසිරෙන්නේ කොහොමද කියලා දරුවා දකිනවා. තමන්ව පාලනය කරගද්දී කොයි තරම් හොඳ ප්‍රතිඵල ලැබෙනවාද කියලා ඔයා කටයුතු කරන විදිහෙන් දරුවාට පෙන්වන්න. උදාහරණෙකට දරුවා වැරදි දෙයක් කළාම ඔයා හුඟක් කේන්ති ගන්නවාද? නැත්නම් සන්සුන්ව ඉන්නවාද?

a No: Why Kids​—of All Ages—​Need to Hear It and Ways Parents Can Say It කියන පොතෙන්.

දරුවෙක් ටොපියක් ගන්න යද්දී අම්මා එයාව වළක්වමින්

දැන් ඉඳන්ම පුහුණු කරන්න

දරුවා ඉල්ලන ඉල්ලන දේ නොදී ඉද්දී පස්සේ කාලෙක එයාටම ලේසි වෙයි තමන්ව පාලනය කරගන්න. උදාහරණෙකට මත්ද්‍රව්‍ය ගන්න එක, විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වගේ හානිකර දේවලින් වළකින්න දරුවාට පුළුවන් වෙයි

ආදර්ශයෙන් උගන්වන්න

  • අසීරු තත්වයන්වලට මුහුණ දෙද්දීත් මං සන්සුන්ව කටයුතු කරනවා කියලා මගේ දරුවා දකිනවාද?

  • ප්‍රශ්න එද්දී මං ඒවා සන්සුන්ව විසඳගන්න උත්සාහ කරන්නේ ඇයි කියලා දරුවාට පැහැදිලි කරලා තියෙනවාද?

  • දරුවා මාව දකින්නේ පොඩි දේටත් කේන්ති යන, හැඟීම්වලට වහල් වෙලා ඉක්මන් තීරණ ගන්න කෙනෙක් විදිහටද? එහෙමත් නැත්නම් මාවම පාලනය කරගෙන සන්සුන්ව වැඩ කරන කෙනෙක් විදිහටද?

දෙමාපියන් කියන දේ

“දුවට කේන්ති යද්දී, එයා අප්සෙට් ගහලා ඉද්දී අපි එයාට බැන්නේ නෑ. ඒත් ඒ වගේ වෙලාවලදී අනිත් අයට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න ඉඩ දුන්නෙත් නෑ. එයාගේ කේන්තිය පාලනය කරගත්තේ නැති අවස්ථාවලදී සන්සුන් වෙන කල් එයාව අනිත් අයගෙන් වෙන් කරලා තිබ්බා.”—තෙරේසා.

“අපේ දරුවන් හොඳ දෙයක් කරද්දී අපි එයාලව අගය කළා. අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී එයාලා සන්සුන්ව හිටියාමත් අපි එයාලව අගය කළා.”—වේන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න