හැඳින්වීම
අසනීපයක් නිසා, හදිසි අනතුරක් නිසා, ස්වාභාවික විපතක් නිසා එහෙමත් නැත්නම් සාහසික ක්‍රියාවක් නිසා කවදා හරි දවසක අපි හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා.
ඇයි එහෙම වෙන්නේ කියලා හුඟක් අය කල්පනා කරනවා.
අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ දෛවය නිසා කියලත් දුක් විඳින එක වළක්වගන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ කියලත් සමහර අය හිතනවා.
තවත් අය කර්මය විශ්වාස කරනවා. ඒ වගේ අය හිතනවා මේ ජීවිතයේදී හරි කලින් ජීවිතයකදී හරි කරපු වැරදි දෙයක් නිසා අපි දුක් විඳිනවා කියලා.
දුක් විඳින්නේ ඇයි කියන එක ගැන හුඟක් අය කල්පනා කළත් එයාලගේ හිතට එන ප්‍රශ්නවලට එයාලට උත්තර හොයාගන්න පුළුවන් වෙලා නැහැ.