ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 2 12-13 පි.
  • 4. දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4. දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?
  • මේ ගැන හිතන්න
  • බයිබලයේ කියන දේ
  • දුක් වේදනා
    2015 පිබිදෙව්!
  • පටුන
    2020 පිබිදෙව්!
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 2 12-13 පි.
කඳුකර ප්‍රදේශයක කූඩාරම් ගහගෙන ඉන්න පවුලක්. ඒ අය පසුබිමෙන් කන්ද පේන විදිහට පවුලේ ෆොටෝ එකක් ගන්නවා.

4. දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

ඒකට හරි උත්තරේ දැනගත්තාම ජීවිතේ ගැන අපි හිතන විදිහ වෙනස් වෙනවා.

මේ ගැන හිතන්න

මේ ලෝකය හරිම ලස්සන විදිහට නිර්මාණය කළ දෙවියන් දුක් වේදනා පිරි ජීවිතයක් අපිට දෙන්න තීරණය කළා කියලා හිතන්න පුළුවන්ද?

ආගමක් දහමක් අදහන්නේ නැති අය මිනිසුන් දුක් විඳිද්දී දෙවියන් මොන වගේ කෙනෙක්ද කියන එක ගැනත් දෙවි කෙනෙක් ඉන්නවාද කියන එක ගැනත් ප්‍රශ්න කරනවා. (1) දෙවියන්ට දුක් වේදනා නැති කරන්න හැකියාවක් නැති නිසා, (2) දෙවියන්ට මිනිසුන් ගැන කිසි ගානක් නැති නිසා එහෙමත් නැත්නම් (3) දෙවි කෙනෙක් නැති නිසා තමයි මිනිසුන්ට දුක් විඳින්න වෙලා තියෙන්නේ කියලා එයාලා කියනවා.

ඒත් එයාලා හිතන විදිහ හරිද?

තවත් දැනගන්න

jw.org වෙබ් අඩවියේ ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලයේ කියන දේ

දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්න නෙවෙයි.

ඔහුට ඕනෙ අපි සතුටින් ජීවත් වෙනවා දකින්නයි.

“ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැහැ. . . . මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.”—දේශනාකාරයා 3:12, 13.

දුකක් වේදනාවක් අද්දකින්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්ම දෙවියන් මුල් මිනිස් යුවළට දුන්නා.

එයාලවත් එයාලගෙන් පැවතෙන අයවත් දුක් විඳින එක දෙවියන්ගේ අරමුණට ඇතුළත් වුණේ නැහැ.

“දෙවි ඔවුන්ට . . . මෙසේ කීවේය. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.’”—උත්පත්ති 1:28.

මුල් මිනිස් යුවළ හිතාමතාම දෙවියන්ට අකීකරු වුණා.

එයාලටත් එයාලගෙන් පැවතෙන හැමෝටමත් දුක් විඳින්න සිද්ධ වුණේ ඒ නිසයි.

“එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.a

දෙවියන් අපිව නිර්මාණය කළේ හරි වැරැද්ද තනිව තීරණය කිරීමේ අයිතියවත් හැකියාවවත් ඇතුව නෙවෙයි.

වතුර යට ජීවත් වීමේ හැකියාව දෙවියන් මිනිසුන්ට දීලා නැහැ වගේ මිනිසුන්ට මිනිසුන්වම පාලනය කිරීමේ හැකියාවත් දෙවියන් දීලා නැහැ.

“තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට [මිනිසාට] හැකියාවක් නැත.”—යෙරෙමියා 10:23.

අපි දුක් විඳිනවාට දෙවියන් කැමති නැහැ.

ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරනවා දකින්නයි ඔහු කැමති.

“අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන් . . . වන්නේය.”—යෙසායා 48:18.

a බයිබලයේ පාපය කියන වචනය වැරදි ක්‍රියාවන් විස්තර කරන්න විතරක් නෙවෙයි, මිනිසුන් හැමෝටම උරුම වුණු තත්වයක් විස්තර කරන්නත් යොදාගෙන තියෙනවා.

දෙවියන් අපිව නිර්මාණය කළේ දුක් විඳින්නද?

නැහැ. මිනිසුන් දුක් විඳින එක දෙවියන් අරමුණු කළ දෙයක් නෙවෙයි. අපේ මුල් දෙමව්පියන් දෙවියන්ට අකීකරු වෙන්න තීරණය කරපු නිසයි අද අපි දුක් විඳින්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මිනිසුන්ට හැමදාටම දුක් විඳින්න වෙනවා කියලා.

අපි විඳින දුක් වේදනාවලට නිමාවක් ලැබෙයිද?

5වෙනි ප්‍රශ්නය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න