ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 6-7 පි.
  • සාමයෙන් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමයෙන් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම්
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමාව දෙන්න
  • අනිත් අයට ගරු කරන්න, නිහතමානී වෙන්න
  • හැමෝටම එක වගේ සලකන්න
  • මෘදු, සන්සුන් කෙනෙක් වෙන්න
  • ස්තුතිවන්ත වෙන්න, ත්‍යාගශීලී වෙන්න
  • ත්‍යාගශීලී අය සන්තෝෂවත්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තියෙන දේ බෙදාගන්න
    2025 පිබිදෙව්!
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හද පත්ලෙන්ම සමාව දෙමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 6-7 පි.
පවුලක් එයාලගේ ගෙදරට ආපු අමුත්තන්ට කෑම වේලක් දෙනවා.

සාමයෙන් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම්

පවුලේ අය එක්ක, වැඩපොළේ අය එක්ක, යාළුවෝ එක්ක සාමයෙන් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් අපේ නිර්මාතෘ අපිට දීලා තියෙනවා. හුඟදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන ඒ මඟ පෙන්වීම් කීපයක් ගැන දැන් අපි බලමු.

සමාව දෙන්න

“අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

අපි හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙනවා. අපි කරන කියන දෙයක් නිසා කෙනෙක්ගේ හිත රිදුණොත් අපි කැමතියි එයා අපිට සමාව දෙනවාට. ඒ වගේම තව කෙනෙක් කරන කියන දේවල් නිසා අපේ හිත රිදුණොත් අපිත් කැමැත්තෙන්ම සමාව දෙන්න ඕනේ. අපි “නපුරට නපුර” කරන්නේවත් කෙනෙක් කරපු වරදක් හිතේ තියන් ඉන්නේවත් නැහැ. ඒ වෙනුවට අපි මුළු හදවතින්ම සමාව දෙනවා නම් අපේ හිතේ ඒ කෙනා ගැන කිසිම කහටක් තියෙන්නේ නැහැ. (රෝම 12:17) ඒත් කෙනෙක් කරපු දෙයක් නිසා අපේ හිත හොඳටම පෑරිලා නම්, එයා කරපු දේ හැම තිස්සෙම මතක් වෙනවා නම් මොකද කරන්නේ? ඒ කෙනාව තනියම හම්බ වෙලා ඒ ගැන කතා කරන්න. හැබැයි ඒ වෙලාවේදී ඔයා උත්සාහ කරන්න ඕනෙ කවුද හරි, කවුද වැරදි කියලා ඔප්පු කරන්න නෙවෙයි, එයාත් එක්ක සමාදාන වෙන්නයි.—රෝම 12:18.

අනිත් අයට ගරු කරන්න, නිහතමානී වෙන්න

“නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

අපි මිනිසුන්ට ගරු කරන, නිහතමානී අය නම් අනිත් අය අපිව ආශ්‍රය කරන්න කැමති වෙයි. මොකද නිහතමානී කෙනෙක් අනිත් අය ගැන සැලකිලිමත් වෙනවා. කාවවත් හිතාමතා රිද්දන්නෙත් නැහැ. හැබැයි අපි හිතනවා නම් අපි අනිත් අයට වඩා හොඳයි, හැම දේම වෙන්න ඕනෙ අපි කැමති විදිහට කියලා කවුරුත් අපිව ආශ්‍රය කරන්න කැමති වෙන එකක් නැහැ. අපිට යාළුවෝ හොයාගන්නත් අමාරු වෙයි.

හැමෝටම එක වගේ සලකන්න

“දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

අපේ නිර්මාතෘ ජාතිය, භාෂාව, සමාජ මට්ටම, හමේ පාට වගේ දේවල් බලලා කාටවත් විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ නැහැ. මොකද ඔහු එක මිනිසෙක්ගෙන් තමයි හැම ජාතියක්ම බිහි කළේ. (ක්‍රියා 17:26) එහෙම බලද්දී අපි හැමෝම එක පවුලක්. හැමෝටම ආදරෙන්, ගෞරවෙන් සලකද්දී ඒකෙන් අනිත් අයට වගේම අපිටත් සතුටක් ලැබෙනවා. අපේ නිර්මාතෘත් ඒ ගැන සතුටු වෙනවා.

මෘදු, සන්සුන් කෙනෙක් වෙන්න

“මෘදුකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12.

අපි ඉක්මනට කේන්ති ගන්නේ නැති, සන්සුන් අය නම් අනිත් අයට අපිත් එක්ක වැඩ කරන්න ලේසියි. අපි ඉක්මනින් කලබල වෙන්නේ නැහැ කියලා දන්න නිසා අපිත් එක්ක කතා කරන්න, වරදක් පෙන්නලා දෙන්න එයාලට අමාරු නැහැ. මෘදු විදිහට, සන්සුන්ව වැඩ කරන කෙනෙක්ට තව කෙනෙක්ගේ කේන්තිය වුණත් නිවන්න පුළුවන්. ඒකයි හිතෝපදේශ 15:1 මෙහෙම කියන්නේ. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”

ස්තුතිවන්ත වෙන්න, ත්‍යාගශීලී වෙන්න

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

අද වැඩි හරියක් ඉන්නේ ලෝභ, තමන් ගැන විතරක් හිතන අය. හැබැයි අනිත් අය වෙනුවෙන් දේවල් කරන අය හැම තිස්සෙම ඉන්නේ සතුටින්. (ලූක් 6:38) මොකද ඒ වගේ අය සල්ලිවලට, බඩු මුට්ටුවලට වඩා ආදරේ කරන්නේ මිනිසුන්ට. අනිත් අය කරන කියන දේවල්වලට එයාලා ස්තුතිවන්ත වෙනවා. (කොලොස්සි 3:15) මෙහෙම හිතන්න. ‘මං කිට්ටුවෙන් ආශ්‍රය කරන්න කැමති කිසි දෙයක් අගය කරන්නේ නැති ලෝභ අයවද? නැත්නම් අනිත් අය වෙනුවෙන් කැමැත්තෙන්ම දේවල් කරන, අනිත් අයව අගය කරන අයවද?’ අනිත් අය කොයි වගේ වෙනවාටද ඔයා කැමති, ඔයාත් ඒ වගේ කෙනෙක් වෙන්න.—මතෙව් 7:12.

මං දැන් අනිත් අයව පහත් කරලා සලකන්නේ නෑ

“ශුද්ධ ලියවිල්ලේ කියනවා ‘තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න. ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න’ කියලා.” (රෝම 12:16) “ඒ මඟ පෙන්වීම මට උදව් වුණා වෙනස් විදිහට හිතන්න. ඉස්සර මං හරි ආඩම්බරයි. අනිත් අයව පහත් කරලයි සැලකුවේ. ඉස්සර මං හිතුවේ මගේ සංස්කෘතිය අනිත් ඒවාට වඩා උසස් කියලා. ඒ කාලේ මං අනිත් ආගම්වල අයව සත පහකටවත් ගණන් ගත්තේ නෑ. ඒත් දැන් මං එහෙම නෑ. මට දැන් හැමෝම එක වගේ.”—ආශා.

ආශා.

තවත් දැනගන්න:

අනිත් අයත් එක්ක සාමයෙන් ඉන්න උදව් වෙන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය > හොඳ බැඳීම් යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න