ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 1 8-9 පි.
  • සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මහන්සි වෙලා වැඩ කරන්න
  • අවංක වෙන්න
  • සල්ලි ජීවිතේ කරගන්න එපා
  • උසස්ම අධ්‍යාපනය තෝරගන්න
  • ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    2015 පිබිදෙව්!
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
  • මුදල්
    2014 පිබිදෙව්!
  • මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 1 8-9 පි.
ඉන්දියාවේ කඩසාප්පු පිරුණු පාරක මිනිස්සු ලොකු ලොකු ගණන්වලට බඩු ගද්දී අම්මෙකුයි පුතෙකුයි තියෙන දෙයින් සෑහීමට පත් වෙලා සතුටින් ඇවිදන් යනවා.

සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්

අපි විවාහ වෙලා ඉන්න අය වුණත් තනිකඩ අය වුණත් යෞවන අය වුණත් මහලු අය වුණත් අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒකට අපේ නිර්මාතෘත් කැමතියි. ඒ නිසයි ඔහු අපිට හොඳ මඟ පෙන්වීම් දීලා තියෙන්නේ.

මහන්සි වෙලා වැඩ කරන්න

“සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.”—එෆීස 4:28.

මහන්සි වෙලා වැඩ කරන එක අපි හොඳ දෙයක් විදිහට සලකනවාට අපේ නිර්මාතෘ කැමතියි. මහන්සි වෙලා වැඩ කරන එකෙන් ලොකු සතුටක් ලැබෙනවා. මොකද ඒකෙන් තමන්ට අවශ්‍ය දේවල් ගන්නත් පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්නත් පුළුවන්. නැති බැරි කෙනෙක්ට උදව් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැඩපොළේ ස්වාමියාගේ හිත දිනාගන්නත් පුළුවන්. ඒ නිසා ලේසියෙන් එයාට රස්සාව නැති වෙන්නෙත් නැහැ. කෙනෙක් වෙහෙස මහන්සි වෙලා හම්බ කරන දේවලින් සතුටක් ලබන එක “දෙවිගෙන් ලද ආශීර්වාදයක්” කියලයි ශුද්ධ ලියවිල්ලේ කියන්නේ.—දේශනාකාරයා 3:13.

අවංක වෙන්න

“අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි.”—හෙබ්‍රෙව් 13:18.

අපි හැම දේකදීම අවංකව වැඩ කරනවා නම් අපිට අපි ගැනම හොඳ හැඟීමක් තියෙනවා. හිතට බරක් නැතුව සැනසීමෙන් නිදාගන්න පුළුවන්. ඒ වගේම අපි අවංක නම් අනිත් අය අපිට ගරු කරනවා, අපිව විශ්වාස කරනවා. හැබැයි හැම තිස්සෙම බොරුවෙන්, වංචාවෙන් ජීවත් වෙන කෙනෙක්ට ඒ කිසි දෙයක් නැහැ. එයා කරන දේවල් ගැන එයාගේ හිත වධ දෙන්න පුළුවන්. එයා කරන දේවල් කවදා හරි අහු වෙයි කියලා එයා ඉන්නේ බයෙන්.

සල්ලි ජීවිතේ කරගන්න එපා

“ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”—හෙබ්‍රෙව් 13:5.

කෑම බීම වගේ අත්‍යවශ්‍ය දේවල් ගන්න අපිට සල්ලි ඕනේ. හැබැයි “මුදල්වලට තිබෙන දැඩි ආශාව” හරිම භයානකයි. ඒ වගේ ආශාවක් තියෙන කෙනෙක් එයාගේ කාලය, ශක්තිය පාවිච්චි කරන්නේ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. ඒ නිසා එයාට පවුලේ අය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් දෙන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. අන්තිමේදී එයා අසනීප වෙන්නත් පුළුවන්. (1 තිමෝති 6:9, 10) භයානකම දේ තමයි ඒ වගේ කෙනෙක් සල්ලිවලට එයාගේ අවංකකමත් විකුණන්න ඉඩ තියෙනවා. ඒකයි ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියලා තියෙන්නේ. “විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ. නමුත් පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.”—හිතෝපදේශ 28:20.

උසස්ම අධ්‍යාපනය තෝරගන්න

“ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.”—හිතෝපදේශ 3:21.

වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් වෙන්න, හොඳ දෙමාපියන් වෙන්න අධ්‍යාපනය අපිට උදව් වෙනවා. හැබැයි කෙනෙක් හොඳට ඉගෙනගත්තා කියලාම එයා හිතපු හැම දේම ලැබෙයි කියලවත් එයා සතුටින් ඉඳියි කියලවත් කියන්න බැහැ. අපි කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න නම් දෙවියන් දෙන උසස්ම අධ්‍යාපනය අපි ලබාගන්න ඕනේ. කෙනෙක් දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී එයා “කරන සෑම දෙයක්ම සාර්ථක වෙනවා” කියලයි ශුද්ධ ලියවිල්ලේ කියන්නේ.—ගීතාවලිය 1:1-3.

මං දැන් ඉන්නේ ඇත්තටම සතුටින්!

“අපේ පැත්තේ අයට ඕනෙ හොඳට ඉගෙනගෙන අනිත් අයට වඩා කැපිලා පේන්න. හැබැයි එහෙම වුණා කියලා එයාලගේ ජීවිතවල කිසි සතුටක් නෑ. ඒත් බයිබලේ ඉගෙනගද්දී මට තේරුණා සමාජයේ හොඳ පිළිගැනීමක්, හොඳ අධ්‍යාපනයක් ලබන එකට වඩා වැදගත් දේවල් තියෙනවා කියලා. සල්ලි ඕනෙ තමයි. ඒත් නියම සතුට, ආදරේ සල්ලිවලට ගන්න බෑ. මං දැන් දන්නවා සල්ලිවලට, රස්සාවට දෙන්න ඕනෙ මොන වගේ තැනක්ද කියලා. මං දැන් ඉන්නේ ඇත්තටම සතුටින්.”—කිෂෝර්.

කිෂෝර්.

තවත් දැනගන්න:

රස්සාව, සල්ලි, අධ්‍යාපනය ගැන හොඳ තීරණ ගන්න උදව් වෙන තවත් තොරතුරු දැනගන්න jw.org වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න