ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 2 10-12 පි.
  • තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • ඔයාලගේ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන යෝජනා මොනවාද කියලා සාකච්ඡා කරන්න. ඔයාලට තවත් යෝජනා තියෙනවා නම් ඒවා පහළින් ලියන්න.
  • තාක්ෂණයට වහල් වෙන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • සතුටින් එකට කාලය ගත කරන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 2 10-12 පි.
ගුවන් තොටුපොළේ ඉන්න කෙනෙක් ගෙදර ඉන්න එයාගේ නෝනාට වීඩියෝ කෝල් එකකින් කතා කරනවා.

තාක්ෂණය කොහොම බලපායිද? විවාහයට

යුවළකට එයාලගේ බැඳීම ශක්තිමත් කරගන්න තාක්ෂණය ගොඩක් උදව් වෙනවා. උදාහරණෙකට දවස පුරා විටින් විට අනිත් කෙනා එක්ක කතාබහ කරන්න, හොඳින් ඉන්නවාද කියලා හොයලා බලන්න ඒ නිසා දැන් පුළුවන්.

හැබැයි යුවළක් ඉලෙක්ට්‍රෝනික උපකරණ හරි විදිහට පාවිච්චි කළේ නැත්නම් . . .

  • එකට ගත කරන්න තියෙන කාලය නැති වෙනවා.

  • අනවශ්‍ය විදිහට රස්සාවේ වැඩ ගෙදර අරන් එනවා.

  • සැකයන් ඇති වෙන්නත් විවාහයෙන් පිට සම්බන්ධකම් ඇති කරගන්නත් ඉඩ තියෙනවා.

දැනගන්න ඕන දේ

ගොඩක් රෑ වෙලා නෝනායි මහත්තයායි දෙන්නාම ස්මාට්ෆෝන් අතේ තියාගෙන ඇඳේ ඉන්නවා.

එකට කාලය ගත කරද්දී

මයිකල් මෙහෙම කියනවා. “මං මගේ නෝනා ළඟ හිටියත් එයාට මං ඉන්නවා කියලා ගාණක්වත් නෑ. මොකද කොයි වෙලේ බැලුවත් එයා ෆෝන් එකේමයි. හැබැයි එයා නම් කියන්නේ ‘දවසටම දැනුයි ෆෝන් එක අතට ගත්තේ’ කියලා.” “සමහර වෙලාවට යුවළක් එක වහලක් යට හිටියත් එයාලා ඉන්නේ ලෝකවල් දෙකක” කියලා ජොනතන් කියනවා.

මේ ගැන හිතන්න: දෙන්නා එකට කාලේ ගත කරද්දී ඔයාට එන කෝල්, මෙසේජ් නිසා කී සැරයක් විතර ඔයාලගේ කතාව නතර වෙනවාද?—එෆීස 5:33.

රස්සාවේ වැඩ

සමහර අය කරන රස්සාව නිසා එයාලට පැය 24ම ෆෝන් එක ඔන් එකේ තියාගන්න වෙනවා. තවත් අයට තියෙන වැඩ කන්දරාව ඉවර කරගන්න බැරි වෙන නිසා ගෙදර ගිහිල්ලත් ඒවා කරන්න වෙනවා. ලී මෙහෙම කියනවා. “මං මගේ නෝනාත් එක්ක කතා කරකර ඉන්න වෙන් කරලා තියෙන වෙලාවේ වැඩපොළෙන් එන කෝල්, මෙසේජ් නොබලා ඉන්න එක ලේසි නෑ.” බිරිඳක් වන ජෝයි මෙහෙම කියනවා. “මං වැඩ කරන්නේ ගෙදර ඉඳන්. ඒ නිසා හරියටම වැඩ කරලා ඉවර වෙන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා හිතාගන්න හරිම අමාරුයි. ඒ නිසා රස්සාවේ වැඩයි අනිත් වැඩයි සමබරව කරගෙන යන්න ලොකු සටනක් දෙන්න වෙනවා.”

මේ ගැන හිතන්න: ඔයාගේ මහත්තයා හරි නෝනා හරි ඔයාත් එක්ක කතා කරද්දී ඔයා එයාට සම්පූර්ණ අවධානය දෙනවාද?—ලූක් 8:18.

විශ්වාසවන්තකම

සැමියා හරි බිරිඳ හරි අනිත් කෙනාට සැක හිතෙන විදිහට සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරන නිසා ගොඩක් පවුල්වල රණ්ඩු ඇති වෙනවා කියලා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒකට සහභාගි වුණ අයගෙන් 10%ක්ම එයාලා ඔන්ලයින් දාන සමහර දේවල් විවාහ වෙලා ඉන්න කෙනාගෙන් හංගනවා කියලා පිළිගත්තා.

විවාහ වුණ අය සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරන එක හරියට බිම් බෝම්බ වළලපු පිට්ටනියක ඇවිදිනවා වගේ කියලා සමහර අය කියනවා. ඒ වෙබ් අඩවි නිසා විවාහයෙන් පිට සම්බන්ධකම් ඇති කරගන්නත් ලේසි වෙලා තියෙනවා කියලා ඒ අය කියනවා. අද ගොඩක් විවාහයන් දෙකඩ වෙන්න සමාජ ජාලා වෙබ් අඩවි හේතුවක් වෙලා තියෙනවා කියලා දික්කසාද නඩු කතා කරන නීතිඥයන් කියන එක පුදුමයක් නෙවෙයි.

මේ ගැන හිතන්න: ඔයා වෙන කෙනෙක් එක්ක කතාබහ කරන දේවල් සැමියාගෙන් හරි බිරිඳගෙන් හරි හංගනවාද?—හිතෝපදේශ 4:23.

කරන්න පුළුවන් දේ

වැදගත් දේවල්වලට මුල් තැන දෙන්න

පෝෂදායක ආහාර ගත්තේ නැත්තම් ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා. ඒ වගේ සැමියා හරි බිරිඳ හරි එක්ක ඔයා කාලේ ගත කළේ නැත්නම් ඔයාලගේ විවාහ බැඳීම දුර්වල වෙනවා. —එෆීස 5:28, 29.

බයිබල් ප්‍රතිපත්තිය: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

ඔයාලගේ බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන යෝජනා මොනවාද කියලා සාකච්ඡා කරන්න. ඔයාලට තවත් යෝජනා තියෙනවා නම් ඒවා පහළින් ලියන්න.

  • දවසකට එක වේලක් හරි එකට කෑම ගන්න

  • ෆෝන්, ටැබ් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න වෙලාවක් වෙන් කරගන්න

  • ඔයාලා දෙන්නා විතරක් විනෝදයෙන් කාලේ ගත කරන්න නැත්නම් මොකක් හරි විශේෂ දෙයක් කරන්න සැලසුම් කරන්න

  • රෑට ෆෝන් ඕෆ් කරලා වෙන තැනකින් තියලා නිදාගන්න

  • ෆෝන්, ටැබ් පැත්තකින් තියලා දවසකට විනාඩි 15ක්වත් කතා කරකර ඉන්න කාලය වෙන් කරගන්න

  • කලින් තීරණය කරගත්ත වෙලාවකදී ඉන්ටර්නෙට් ඕෆ් කරන්න

සැමියාටයි බිරිඳටයි කතා කරගන්න දෙයක්

මේ ප්‍රශ්න ගැන තනි තනියම හිතලා බලන්න. ඊටපස්සේ ඒ ගැන සාකච්ඡා කරන්න.

  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්න ඉලෙක්ට්‍රෝනික උපකරණ පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

  • දෙන්නා කාලය ගත කරද්දී ඒකට ඉලෙක්ට්‍රෝනික උපකරණ කොච්චර දුරකට බාධා වෙනවාද?

  • ඔයාලා දෙන්නාට කරගන්න පුළුවන් මොන වගේ වෙනස්කම්ද?

  • ඔයාගේ ඔෆිස් එකේ වැඩ ගෙදරට ගේන්නම ඕනෙද? ඔයා දුන්න උත්තරේට ඔයාගේ නෝනා හරි මහත්තයා හරි එකඟ වෙනවාද?

  • ඔයාගේ සැමියාගෙන් නැත්නම් බිරිඳගෙන් කාලය, අවධානය බලාපොරොත්තු වෙද්දී සාධාරණ වෙන්න පුළුවන් කොහොමද?

    බයිබල් ප්‍රතිපත්තිය: “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

Jason and Alexandra.

“මං වැඩ කරන්නේ ගෙදර ඉඳලා. ඉතින් කලින් තීරණය කරපු වෙලාවක වැඩ නවත්තන්න මං උත්සාහ කරනවා. වැඩපොළෙන් ඊමේල් ආවා කියලා දන්වන මෙසේජ් ඕෆ් කරනවා. ඒ නිසා ෆෝන් එක මම වෙන දේවල්වලට පාවිච්චි කළත් රස්සාවේ වැඩවලට අවධානය යන්නේ නෑ.”—ජේසන් සහ එයාගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න