ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 10 ලිපිය
  • තාක්ෂණයට වහල් වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තාක්ෂණයට වහල් වෙන්න එපා
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?
    2021 පිබිදෙව්!
  • රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • මේ සඟරාවෙන් දැනගන්න
    2021 පිබිදෙව්!
  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 10 ලිපිය
කෑම කන අතරතුර සැමියෙක් සහ බිරිඳක් ෆෝන් එක පාවිච්චි කරනවා.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | සැමියාට සහ බිරිඳට

තාක්ෂණයට වහල් වෙන්න එපා

ෆෝන්, ටැබ් වගේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන විදිහ නිසා විවාහ බැඳීම ශක්තිමත් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒක දුර්වල වෙන්නත් පුළුවන්. ඔයාගේ විවාහයට ඒක බලපාලා තියෙන්නේ කොහොමද?

  • දැනගන්න ඕන දේ

  • කරන්න පුළුවන් දේ

  • විවාහක යුවළයන් කියන දේ

  • සාකච්ඡාවට මඟ පෙන්වීම්

දැනගන්න ඕන දේ

  • ෆෝන් ටැබ් වගේ දේවල් ඥානවන්තව පාවිච්චි කරනවා නම් ඒක විවාහයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයකට සමහර යුවළයන් දවසේ වැඩකටයුතු නිසා එකිනෙකාගෙන් වෙන් වෙලා ඉන්න අවස්ථාවලදී කතාබහ කරන්න ඒවා පාවිච්චි කරනවා.

    බිරිඳ ළඟ නැති වෙලාවක එයාව මතක් වෙලා සැමියා එයාට මෙසේජ් එකක් යවනවා.

    “තමන්ගේ සැමියාගෙන් හරි බිරිඳගෙන් හරි ‘මං ඔයාට ආදරෙයි’ නැත්නම් ‘ඔයාව මට මතක් වුණා’ වගේ පුංචි මෙසේජ් එකක් ලැබුණාම ලොකු සතුටක් දැනෙනවා.”—ජොනතන්.

  • හැම වෙලේම ෆෝන් එකේ, ටැබ් එකේ එල්ලිලා හිටියොත් ඒකෙන් විවාහ බැඳීම දුර්වල වෙන්න පුළුවන්. මොකද බිරිඳ එක්ක, සැමියා එක්ක ගත කරන්න තියෙන කාලය ඒකෙන් අඩු වෙනවා.

    “මගේ මහත්තයාට මාත් එක්ක කතා කරන්න හිතුණත් මං නිතරම වගේ ෆෝන් එකේ හිටිය නිසා එයා කතා නොකර හිටපු අවස්ථා ඕනෙ තරම් ඇති.”—ජුලීසා.

  • සමහරු කියනවා ෆෝන් එක, ටැබ් එක පාවිච්චි කරන ගමන්ම තමන්ගේ බිරිඳ හෝ සැමියා එක්ක හොඳ අදහස් හුවමාරුවක් කරන්නත් පුළුවන් කියලා. සමාජ විද්‍යාඥයෙක් වන ෂෙරී ටර්කල් ඒ ගැන මෙහෙම කියනවා. “හුඟක් අය හිතුවාට එකම වෙලාවේ වැඩ කීපයක්ම කරන්න පුළුවන් කියලා ඒක ඇත්තක් නෙමෙයි. එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න ගියාම එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ.”a

    “මගේ මහත්තයාත් එක්ක කතා කරන්න මං ආසයි. ඒත් එයා තව වැඩක් කරකර ඉද්දී නම් මං එයාත් එක්ක කතා කරන්න ආස නැහැ. වෙන වැඩක් කරකර මාත් එක්ක කතා කරද්දී මට හිතෙන්නේ මං හිටියත් නැතත් එයාට ගානක් නැහැ කියලා.”—සාරා.

මේක මතක තියාගන්න: ෆෝන්, ටැබ් වගේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන විදිහ නිසා විවාහ බැඳීම ශක්තිමත් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒක දුර්වල වෙන්නත් පුළුවන්.

කරන්න පුළුවන් දේ

වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා තීරණය කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.” (ෆිලිප්පි 1:10) ඒ නිසා මෙහෙම හිතලා බලන්න. ‘ෆෝන් එක, ටැබ් එක අපි ගොඩක් වෙලා පාවිච්චි කරන නිසා අපි දෙන්නාට එකට ගත කරන්න කාලයක් නැද්ද?’

“යුවළක් රෙස්ටුරන්ට් එකකට ඇවිල්ලත් එයාලගේ ෆෝන්වල එල්ලිලා ඉන්නවා දකිද්දී දුකත් හිතෙනවා. ෆෝන් එකට වහල් වුණොත් වැඩියෙන්ම වැදගත් දේ අපිට අමතක වෙන්න පුළුවන්. ඒ තමයි අපේ බැඳීම.”—මැතිව්.

සීමාවක් දාන්න. “ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” කියලා බයිබලයේ කියනවා. (එෆීස 5:15, 16) මෙහෙම හිතන්න. ‘එන හැම මෙසේජ් එකක්ම ඒ වෙලාවේම බලලා ඒවාට රිප්ලයි කරනවා වෙනුවට හදිසි නැති මෙසේජ්වලට පස්සේ වෙලාවක රිප්ලයි කරන්න මට පුළුවන්ද?’

“මං කරන්නේ ෆෝන් එක සයිලන්ට් දාලා මට පහසු වෙලාවක මෙසේජ් බලලා ඒවාට රිප්ලයි කරන එක. හදිසි කෝල්, මෙසේජ්, ඊ-මේල් එන්නේ හරිම කලාතුරකින්නේ.”—ජොනතන්.

පුළුවන් නම් රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.” (දේශනාකාරයා 3:1) මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මගේ රස්සාවට සම්බන්ධ සමහර දේවල් මං ගෙදර ආවාට පස්සේ ෆෝන් එකෙන් කරන නිසා පවුලේ අය එක්ක ගත කරන්න තියෙන වෙලාව ඒකෙන් අඩු වෙනවාද? ඒක අපි දෙන්නා අතරේ තියෙන බැඳීමට බලපාලා තියෙන්නේ කොහොමද? මගේ බිරිඳට, මහත්තයාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?’

“තාක්ෂණය දැන් ගොඩක් දියුණු වෙලා තියෙන හින්දා දවසේ ඕනෑම වෙලාවක අපිට වැඩ කරන්න පුළුවන්. මමයි, නෝනායි එකට කාලේ ගත කරන වෙලාවලදී ෆෝන් එක චෙක් කරකර රස්සාවට සම්බන්ධ දේවල් නොකර ඉන්න මං ලොකු වෑයමක් දරනවා.”—මැතිව්.

තාක්ෂණික උපකරණ පාවිච්චි කරන එක ගැන දෙන්නත් එක්ක කතා කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.” (1 කොරින්ති 10:24) ඔය දෙන්නා ෆෝන්, ටැබ් පාවිච්චි කරන විදිහ ගැනත් පාවිච්චි කරන විදිහේ, වෙලාවේ යම් වෙනස්කම් කරන්න ඕනද නැද්ද කියන එක ගැනත් කතා කරන්න. මේ ලිපියේ තියෙන සාකච්ඡාවට මඟපෙන්වීම් කියන කොටස ඒකට පාවිච්චි කරන්න පුළුවන්.

“මගේ මහත්තයයි, මායි හංගන්නේ නැතුව හැම දෙයක්ම කතා කරනවා. දෙන්නාගෙන් එක් කෙනෙක් ෆෝන් එක නැත්නම් ටැබ් එක ඕනෑවට වඩා පාවිච්චි කරනවා කියලා දැනුණෙත් අපි ඒ ගැන කතා කරනවා. මේක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාරණයක් කියලා අපි දෙන්නාම දන්නවා. ඒ නිසා අපි එකිනෙකාගේ අදහස් සැලකිල්ලට ගන්නවා. —ඩැනියෙල්.

මේක මතක තියාගන්න: තාක්ෂණික උපකරණ තියෙන්නේ අපේ ජීවිත පාලනය කරන්න නෙමෙයි අපේ ජීවිතය පහසු කරන්න.

විවාහක යුවළයන් කියන දේ

ට්‍රිස්ටා සහ එයාගේ සැමියා ජෝජෙල්.

“දවස අවසානයේදී එකට එකතු වෙලා එදා දවසේ වුණ දේවල් කතා කරන්න තියෙන වෙලාවෙත් අපි ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා නම් ඒ වෙලාව අපතේ යනවා. අපි කරන්නම ඕනෙ දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා යුවළක් විදිහට එකට ගත කරන්න හම්බ වෙන වෙලාවෙත් ෆෝන් එකේ හරි ටැබ් එකේ එල්ලිලා ඉඳලා ඒ කාලේ නාස්ති කරන එක අපරාදේ.”—ට්‍රිස්ටා සහ එයාගේ සැමියා ජෝජෙල්.

ජොනතන් සහ එයාගේ බිරිඳ කේට්ලින්.

“සැමියාට, බිරිඳට සම්පූර්ණ අවධානය දෙන එක ගොඩක් වැදගත්. ඕනෙම වෙලාවක බැලුවොත් මෙසේජ් එකක්, ඊමේල් එකක් එහෙමත් නැත්නම් අලුත්ම ප්‍රවෘත්තියක් ෆෝන් එකට ඇවිත් තියෙයි. ඒත් ඒවායින් වැඩි හරියක් ඒ වෙලාවේම බලන්න ඕනෙ නැහැ. මෙහෙම හිතන්න. අනතුරක් වෙන්න පුළුවන් නිසා වාහනයක් එලවන ගමන් ඔයා මෙසේජ් යවන්නේ නැහැ නේද? එහෙම නම් ඔයාගේ විවාහයට හානියක් වෙන්න පුළුවන් විදිහට ඔයාගේ ෆෝන් එක හරි ටැබ් එක පාවිච්චි කරන්නේ මොකටද?”—ජොනතන් සහ එයාගේ බිරිඳ කේට්ලින්.

සාකච්ඡාවට මඟ පෙන්වීම්

මුලින් තනි තනියෙන් මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ඊටපස්සේ ඔයාලගේ උත්තර සාකච්ඡා කරන්න.

  • ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ෆෝන්, ටැබ් වගේ උපකරණ උදව් වෙලා තියෙනවාද? ඒ කොහොමද?

  • ඔයාගේ බිරිඳ, සැමියා ෆෝන් ටැබ් වගේ උපකරණ පාවිච්චි කරන නිසා ඔයාලා අතර ප්‍රශ්න ඇති වෙනවාද? ඒ කොහොමද?

  • ‘ඔයාගේ ෆෝන් පාවිච්චිය නිසා අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇති වෙනවා’ කියලා ඔයාගේ බිරිඳ, සැමියා කියයිද? එයා එහෙම කියන්නේ ඇයි?

  • එන හැම මෙසේජ් එකකටම, ඊමේල් එකකටම ඒක ආපු ගමන්ම උත්තර දෙන එක අත්‍යවශ්‍යද? එහෙමනම් ඒක ඔයාගේ විවාහයට බලපාන්නේ නැති විදිහට කරන්න පුළුවන්ද?

  • ඔය දෙන්නා ඒ උපකරණ පාවිච්චි කරන විදිහේ යම් වෙනස්කම් කරගන්න ඕනෙද? ඒ මොන වගේ වෙනස්කම්ද?

සාරාංශය: තාක්ෂණයට වහල් නොවී ඉන්න නම්. . .

වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා තීරණය කරන්න. ඔයාගේ විවාහය ආරක්ෂා කරගන්න එක වඩා වැදගත් කියලා අමතක කරන්න එපා.

සීමාවක් තීරණය කරන්න. මෙසේජ් ආපු ගමන්ම ඒවාට රිප්ලයි කරන්නේ නැතුව ඒකට වෙන වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද?

පුළුවන් නම් රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා. ඇත්ත, ඔයාට ඕනෑම වෙලාවක වැඩ කරන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් කරනවාද ඔයා හැම වෙලේම වැඩ කරන්න ඕනෙ කියලා?

තාක්ෂණික උපකරණ පාවිච්චි කරන එක ගැන දෙන්නත් එක්ක කතා කරන්න. ෆෝන් ටැබ් වගේ උපකරණ පාවිච්චි කරන විදිහ ඔයාලා දෙන්න අතර තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද? වෙනස්කම් කරන්න ඕන වෙයිද? ඒ මොන වගේ වෙනස්කම්ද?

a Reclaiming Conversation—The Power of Talk in a Digital Age නම් පොත ඇසුරෙන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න