ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 3 8-9 පි.
  • විද්‍යාඥයන් දන්නේ නැති දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විද්‍යාඥයන් දන්නේ නැති දේ
  • 2021 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කලල විද්‍යාඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි
    2016 පිබිදෙව්!
  • විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 3 8-9 පි.
විද්‍යා ගුරුවරයෙක් පන්තියේ ළමයි කීපදෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනවා.

විද්‍යාඥයන් දන්නේ නැති දේ

විද්‍යාඥයන් මේ වෙද්දී විශ්වය ගැන ගොඩක් තොරතුරු අධ්‍යයනය කරලා තියෙනවා. හැබැයි වැදගත් ප්‍රශ්නවලට උත්තර එයාලා දන්නේ නැහැ.

විශ්වය සහ ජීවය ආරම්භ වුණේ කොහොමද කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවාද? නැහැ. සමහරු හිතනවා විශ්වය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ට විශ්වය ආරම්භ වුණ විදිහ ගැන පැහැදිලි කරන්න පුළුවන් කියලා. හැබැයි දෙවි කෙනෙක් ඉන්නවාද කියන එක ගැන සැක කරන තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් වන මාසිලෝ ග්ලීසර් මෙහෙම කියනවා. “විශ්වය ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන අපි මේ වෙන කල් කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ.”

ඒ වගේම අදහසක් විද්‍යා සඟරාවක මෙහෙම තිබුණා. “පෘථිවියේ ජීවය ආරම්භ වුණේ කොහොමද කියලා හරියටම තීරණය කරන්න ගොඩක් අමාරු වෙයි. මොකද ඒකට උදව් වෙන පාෂාණ, ෆොසිල වගේ භූගෝලීය සාක්ෂි දැන් හොයාගන්නත් නැහැ.” (Science News) විශ්වයෙත් ජීවයෙත් ආරම්භය ගැන විද්‍යාවෙන් තවම හොයාගෙන නැහැ කියලා ඒකෙන් පැහැදිලියි නේද?

සමහරවිට ඔයාට මෙහෙම හිතෙයි. ‘පොළොවේ ඉන්න ජීවීන්ව කවුරු හරි කෙනෙක් නිර්මාණය කළා නම් ඒ කවුද? අපි ගැන සැලකිලිමත් වෙන බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නවා නම් මිනිසුන්ට මෙච්චර දුක් විඳින්න ඔහු ඉඩ දීලා තියෙන්නේ ඇයි? මෙච්චර ආගම් ඇති වෙන්න ඔහු ඉඩ දීලා තියෙන්නේ ඇයි? ඔහුව අදහන අයට මෙච්චර දුෂ්ට දේවල් කරන්න ඉඩ දීලා තියෙන්නේ ඇයි?’

ඒ ප්‍රශ්නවලට උත්තර අපිට විද්‍යාවෙන් හොයාගන්න බැහැ. හැබැයි උත්තර හොයාගන්න පුළුවන් විදිහක් තියෙනවා. හුඟක් අය ඒ ප්‍රශ්නවලට පිළිගන්න පුළුවන් උත්තර බයිබලෙන් හොයාගෙන තියෙනවා.

බයිබලේ තියෙන තොරතුරු ගැන අධ්‍යයනය කරපු සමහර විද්‍යාඥයනුත් පිළිගන්නවා හැම දෙයක්ම හදපු කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ තොරතුරු ගැන දැනගන්න කැමති නම් jw.org වෙබ් අඩවියේ ‘නොදුටු පැත්ත හෙළි වෙයි’ කියන කොටස බලන්න.

විශ්වාස කරන්න පෙලඹුණ හේතුව කියයි

රසායන විද්‍යාඥයෙක් වන ජියෝර්ජි එන්. කොයිඩන්

“රසායනික ද්‍රව්‍ය එකතු කරලා අණු ‘හදන වැඩේ’ හරිම සංකීර්ණයි. පොඩ්ඩක් හරි ගැස්සුණොත් ඔක්කොම ඉවරයි. හරියට චෙස් සෙල්ලම් කරනවා වගේ. ඒත් අණුවක් ඇතුළේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය ගැන හිතද්දී මං කරන වැඩේ මොකක්ද කියලා හිතෙනවා. අපිට වඩා රසායන විද්‍යාව ගැන හොඳටම දන්න නිර්මාතෘ කෙනෙක් මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න ඕනෙ කියලා විශ්වාස කරන්න මං පෙලඹුණේ ඒ නිසයි.

“බයිබලේ තියෙන තොරතුරු ඉගෙනගද්දී මට තේරුණා ඒක නිකම්ම පොතක් නෙමෙයි කියලා. ඒක ලියලා ඉවර කරලා තියෙන්නේ මීට අවුරුදු 2,000කට විතර කලින්. ඒ වුණත් අදටත් ඒකේ තියෙන මඟ පෙන්වීම් අපිට අදාළ වෙනවා. පවුලේ අයත් එක්ක, වැඩපොළේ අයත් එක්ක, අසල්වැසියන් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම් හරියටම හරි. අන්තිමේදී මං තේරුම්ගත්තා ඒ වගේ විශ්වාසවන්ත මඟ පෙන්වීම් දෙන්න පුළුවන් අපිට වඩා හුඟක් බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ කෙනෙක්ට විතරයි කියලා.”

කලල විද්‍යාඥයෙක් වන මහාචාර්ය යන්-ඩේ ක්සූව්

“කලලයක් වර්ධනය වෙද්දී ඒකේ තියෙන සෛල ඔක්කොම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි සමහර සෛල අස්ථි, පේශි, ස්නායු සහ රුධිර සෛල බවටත් තවත් සෛල පටක බවටත් පත් වෙන්නේ. අන්තිමේදී ඒවා ඔක්කොම එකතු වෙලා අංග සම්පූර්ණ දරුවෙක් හැදෙනවා. ඒ විදිහට සෛල ඔක්කොම එකතු වෙලා කලලයක් හැදෙන්නේ කොහොමද කියලා තාමත් අපිට තේරුම්ගන්න බැහැ. ඒකෙන් මං තේරුම්ගත්තා ජීවය හදන්න බුද්ධිමත් නිර්මාණකරුවෙක් ඉන්නම ඕනෙ කියලා.

“අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ කලලයක් වර්ධනය වෙන විදිහ ගැන බයිබලේ ගීතාවලිය 139:15, 16 කියලා තියෙන දේ නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන දේට එකඟයි. ජීවයේ නිර්මාතෘ ඒ ගැන දැනුම් දුන්නේ නැත්නම් අවුරුදු ගාණකට කලින් හරියටම ඒ ගැන වාර්තා කරන්න ඒ ලේඛකයන්ට පුළුවන් වුණේ කොහොමද?”

‘රොසියෝ පිකාඩෝ හෙරිරෝ: රසායන විද්‍යා ගුරුවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි’ කියන වීඩියෝ එක බලන්න. ඒක jw.org වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න