ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 3 14-15 පි.
  • උත්තරේ දැනගන්නම ඕනෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උත්තරේ දැනගන්නම ඕනෙද?
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සතුටින් ජීවත් වෙන්න අවස්ථාව
  • ජීවිතේට හොඳ මඟ පෙන්වීම්
  • ඔයාගේ ප්‍රශ්නවලට උත්තර
  • අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක්
  • දෙවි කෙනෙක් ඉන්නවද? හොයලා බලන්න ඕන ඇයි?
    2015 පිබිදෙව්!
  • සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - බයිබලය ගැන ඉගෙනගන්න
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 3 14-15 පි.
යාළුවන් කට්ටියක් ගහක් උඩ ඉන්න කුරුල්ලෝ දිහා බලනවා.

උත්තරේ දැනගන්නම ඕනෙද?

හැම දේම හදපු කෙනෙක් ඉන්නවාද කියලා දැනගන්න එක වැදගත් ඇයි? සියලු බලැති දෙවි කෙනෙක් ඉන්නවා කියලා සාක්ෂිවලින් ඔප්පු වුණාම බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක්ද කියලා හොයලා බලන්න ඔයා පෙලඹෙයි. බයිබලේ තියෙන දේවල් විශ්වාස කළොත් ඔයාට ලැබෙන ප්‍රයෝජන කීපයක් බලන්න.

සතුටින් ජීවත් වෙන්න අවස්ථාව

බයිබලේ කියන දේ: ‘දෙවියන් බොහෝ යහපත් දේවල් කළේ ඔබට වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.’—ක්‍රියා 14:17.

ඒකෙන් අදහස් වෙන දේ: අවට පරිසරයේ තියෙන අපි භුක්ති විඳින හැම දෙයක්ම නිර්මාතෘගෙන් අපිට ලැබිලා තියෙන තෑගි. නිර්මාතෘ ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා තේරුම්ගද්දී ඔහු දීලා තියෙන දේවල් ගැන ඔයාට තියෙන අගය තවත් වැඩි වෙයි.

ජීවිතේට හොඳ මඟ පෙන්වීම්

බයිබලේ කියන දේ: “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.”—හිතෝපදේශ 2:9.

ඒකෙන් අදහස් වෙන දේ: සතුටින් ඉන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ඔයාගේ නිර්මාතෘ දන්නවා. ඔයා බයිබලේ කියෙව්වොත් ජීවිතේට ප්‍රයෝජනවත් වෙන හුඟක් මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන්.

ඔයාගේ ප්‍රශ්නවලට උත්තර

බයිබලේ කියන දේ: ‘ඔබ දෙවිව දැන හඳුනා ගනු ඇත.’—හිතෝපදේශ 2:5.

ඒකෙන් අදහස් වෙන දේ: ‘ජීවිතේ අරමුණ මොකක්ද? ඇයි අපි දුක් විඳින්නේ? මැරුණාට පස්සේ වෙන්නේ මොනවාද?’ ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලෙන් හොයාගන්න ඔයාට පුළුවන්. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න එක ඒ වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාට උදව් වෙයි.

අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක්

බයිබලේ කියන දේ: “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.’”—යෙරෙමියා 29:11.

jw.org වෙබ් අඩවියෙන් ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ සහ ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ කියන වීඩියෝ බලන්න. “සොයන්න” කියන කොටුවේ “බයිබලයේ තියෙන දේවල්” නැත්නම් “බයිබලය කාගෙන්ද” කියන යෙදුම් ටයිප් කරලා ඒ වීඩියෝ හොයාගන්න පුළුවන්.

ඒකෙන් අදහස් වෙන දේ: අද අපි අද්දකින දුක, වේදනාව, මරණය වගේ හැම දෙයක්ම ළඟදීම නැති කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඔයා ඒ දේවල් විශ්වාස කරද්දී අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියාගන්න ඔයාට පුළුවන්. හැම දවසකම අද්දකින්න වෙන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න ඒක ඔයාට උදව් වෙයි.

නිර්මාතෘව විශ්වාස කරන අයට ලැබිලා තියෙන ප්‍රයෝජන

සින්ඩි.

“දෙවියන් මට උදව් කරන විදිහ ගැන හිතද්දී පුදුම හිතෙනවා. ජීවිතේ වැදගත් දේවල් මොනවාද කියලා තේරුම්ගන්න, අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්න, දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔහු මට උදව් කරලා තියෙනවා.”—ඇමරිකා එක්සත් ජනපදයේ සින්ඩි.

එලීස්.

“අපිව නිර්මාණය කරපු දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන එක සතුටින් ඉන්න මට උදව් වුණා. දෙවියන් ගැන, ඔහුගේ නිර්මාණ ගැන, ඔහුගේ වචනය ගැන ඉගෙනගන්න තව හුඟක් අලුත් දේවල් තියෙනවා.”—ප්‍රංශයේ එලීස්.

පීටර්.

“නිර්මාතෘ බයිබලේ දීලා තියෙන උපදෙස් මං පිළිපැද්ද නිසා අනිත් අයගේ වැරදිම දකින්නේ නැතුව ඉන්න, පුළුවන් විදිහට අනිත් අයට උදව් කරන්න, තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳ තාත්තා කෙනෙක් වෙන්නත් මට පුළුවන් වුණා. ඇත්තටම මං දැන් ඉන්නේ ඉස්සරට වඩා හුඟක් සතුටින්.”—නෙදර්ලන්තයේ පීටර්.

ලීස්.

“ඉස්සර මගේ ජීවිතේ කිසි සතුටක් තිබුණේ නෑ. කන එකයි, බොන එකයි, නිදාගන්න එකයි තමයි ජීවිතේ වෙලා තිබුණේ. වෙලාවට වැඩට යන්නත් මං ලොකු සටනක් කළා. හැබැයි දැන් මං ඉන්නේ හරිම සතුටින්. ජීවිතේ කියන්නේ කොච්චර වටින තෑග්ගක්ද කියලා දැන් මං දන්නවා.”—එස්තෝනියාවේ ලීස්.

ආඩ්‍රියන්.

“මිනිසුන්ගේ දුෂ්ටකම්, අසාධාරණකම්, අහිංසක මිනිස්සු දුක් විඳින විදිහ දැකලා මං හුඟක් කලකිරිලා හිටියේ. හැබැයි ළඟදීම ඒ දේවල් නැති වෙනවා කියලා දැන් මං දන්නවා.”—ප්‍රංශයේ ආඩ්‍රියන්.

ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට බයිබලේ දීලා තියෙන උත්තර දැනගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව’ කියන වීඩියෝ එක බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න