ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g23 අංක 1 3-5 පි.
  • මිරිදිය වතුර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිරිදිය වතුර
  • 2023 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිරිදිය වතුරට තර්ජනයක්!
  • තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!
  • තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!
  • තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!
  • ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?
    2001 පිබිදෙව්!
  • ජල අර්බුදය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • අර්බුදය වඩාත් උත්සන්න වන ස්ථාන
    1997 පිබිදෙව්!
  • ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2023 පිබිදෙව්!
g23 අංක 1 3-5 පි.
කාන්තාවක් දිය පහරකින් වතුර අතට ගන්නවා.

පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?

මිරිදිය වතුර

ජීවයේ පැවැත්මට වතුර අත්‍යවශ්‍යයි. ඕනෑම ජීවියෙක්ගේ සැකැස්ම දිහා බැලුවොත් ඒකේ වැඩිපුරම තියෙන්නේ වතුර. ඒ වගේම බොන්නයි, වගා කටයුතුවලටයි වතුර අත්‍යවශ්‍යයි. ඒවා විල්, ගංගා, තෙත් බිම් සහ භූගත ජලය හරහා මිනිස්සුන්ට සහ සත්තුන්ට ලැබෙනවා.

මිරිදිය වතුරට තර්ජනයක්!

පෘථිවියෙන් වැඩි හරියක්ම වැහිලා තියෙන්නේ වතුරෙන්. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියන විදිහට “පාවිච්චියට ගන්න පුළුවන් තත්වයේ තියෙන්නේ පෘථිවියේ ජලයෙන් 0.5%ක ප්‍රමාණයක්.” ඒක පොඩි කොටසක් වගේ පෙනුණත් ජීවයේ පැවැත්මට ඒක හොඳටම ඇති. ඒත් දැන් දැන් පරිසර දූෂණය නිසා, කාලගුණික විපර්යාස නිසා, වැඩි ඉල්ලුම නිසා ඒ ප්‍රමාණයත් අඩු වේගෙන යනවා. විශේෂඥයන් කියන විදිහට අවුරුදු 30කින් බිලියන පහක ජන සංඛ්‍යාවකට ප්‍රමාණවත් ජලය නැති වීමේ අවදානමක් තියෙනවා.

තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!

ජල සැපයුමට තියෙන තර්ජනය වළක්වන ස්වාභාවික ක්‍රියාවලි ඇතුවයි පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පස, ජලජ ජීවීන් සහ හිරු එළිය පවා වතුර පිරිසිදු කරන්න හවුල් වෙනවා. තර්ජනයට පෘථිවිය උත්තර දෙන විදිහ ගැන තව දැනගමු.

  • වතුරේ තියෙන අපිරිසිදු දේවල් අයින් කරන හැකියාව පස්වලට තියෙනවා. වතුරවල තියෙන නයිට්‍රජන්, පොස්ෆරස් සහ පළිබෝධ නාශක වගේ දේවල් අයින් කරන්න තෙත් බිම්වල තියෙන සමහර ශාකවලට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.

  • වතුර පිරිසිදුව තියාගන්න උදව් වෙන ස්වාභාවික ක්‍රියාවලි ගැන විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. උදාහරණයකට වතුර ගලාගෙන යද්දී ඒකේ තියෙන අපද්‍රව්‍ය කුඩා අංශුවලට කැඩෙනවා. ඊටපස්සේ වතුරේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් ඒ අංශු තවත් කුඩා කෑලිවලට කඩලා වතුර පිරිසිදු කරනවා.

  • මිරිදියේ ඉන්න බෙල්ලන් සහ මට්ටීන්ට පුළුවන් වතුරවල තියෙන සමහර හානිකර රසායනික ද්‍රව්‍ය දවස් කීපයකින් ඉවත් කරන්න. ජලය පිරිසිදු කරන බලාගාරවලටවත් බැහැ එච්චර වේගයෙන් සහ සාර්ථකව ඒ ක්‍රියාවලිය කරන්න.

  • පෘථිවියේ තියෙන ජලය පෘථිවියෙන් පිටතට යන එක වළක්වන්න ජල චක්‍රය සහ තවත් ස්වාභාවික ක්‍රියාවලි උදව් වෙනවා.

    ඔයා දැනගෙන හිටියාද?

    සොබාදහමේ ජල පෙරනය

    පොළොව මතුපිටට වැටෙන වතුර පස් හරහා පොළොව යටට යද්දී පස පෙරනයක් විදිහට ක්‍රියා කරනවා. ඒකෙන් ජලයේ තියෙන ලෝහ, විෂ රසායනික ද්‍රව්‍ය සහ කාබනික අපද්‍රව්‍ය ඉවත් වෙනවා. ඒ විදිහට පෙරිලා අන්තිමට භූගත ජලයට එකතු වෙද්දී ඒ වතුර බොන්න පුළුවන් තරමටම පිරිසිදු වෙනවා.

    පස්වලින් වතුරේ තියෙන අපද්‍රව්‍ය පෙරෙන විදිහ පෙන්වන පැතිකඩක්. පස්, ගල් සහ මැටි අතරින් වැසි වතුර පෙරිලා භූගත ජලධරවලට එකතු වෙනවා.

    පළවෙනි පෙරනය

    වැලි සහ පුංචි ගල් කැබලිවලට පුළුවන් වතුරේ තියෙන සමහර අපද්‍රව්‍ය ඉවත් කරන්න.

    දෙවෙනි පෙරනය

    පසේ ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවීන්ට පුළුවන් වතුරේ තියෙන විෂ රසායනික ද්‍රව්‍යවල විෂ ඉවත් කරන්න. සමහර ක්ෂුද්‍ර ජීවීන් විෂ සහිත තෙල් කාබන්ඩයොක්සයිඩ්වලට සහ වතුරවලට හරවනවා.

    තුන්වෙනි පෙරනය

    සුළු විදුලි ආරෝපණයක් තියෙන පස්වලට පුළුවන් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් තියෙන විෂ රසායනික ද්‍රව්‍ය ජලයෙන් ඉවත් කරන්න. උදාහරණයකට සෘණ ආරෝපිත මැටි අංශුවලට පුළුවන් ජලයේ තියෙන ධන ආරෝපිත ඇමෝනියම් උරාගන්න.

තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!

පින්තූර එකතුවක්: 1. කෙනෙක් එයාගේ කාර් එකේ තෙල් කාන්දුවක් සකස් කරනවා. කාන්දු වෙන තෙල් එකතු කරන්න එයා භාජනයක් පාවිච්චි කරනවා. 2. කෙනෙක් රසායනික අපද්‍රව්‍ය තියෙන භාජන ප්‍රතිචක්‍රීකරණය කරන තැනකට ගෙනියලා නිවැරදි විදිහට ඉවත් කරනවා.

තෙල් කාන්දු වෙන තැන් හදලා, විෂ රසායන ද්‍රව්‍ය හරි විදිහට ඉවත් කරනවා නම් ජල සම්පත රැකගන්න අපිට පුළුවන්

ජල අර්බුදයට හොඳම විසඳුම අරපිරිමැස්මෙන් වතුර පාවිච්චි කරන එකයි. ඒ වගේම තෙල් කාන්දු වෙන තැන් හරිගස්සන එක, පාවිච්චි නොකරන බෙහෙත් වැසිකිළි හරහා ඉවත් නොකරන එක සහ විෂ රසායනික ද්‍රව්‍ය කාණුවලට හළන්නේ නැතුව ඉන්න එක වගේ දේවල් අපිට කරන්න පුළුවන්.

වතුරවල තියෙන ලුණු ඉවත් කරන්න පුළුවන් අලුත් ක්‍රම ඉංජිනේරුවන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ හරහා මුහුදු වතුරත් පාවිච්චියට ගන්න පුළුවන් තත්වයට ගේන එකයි එයාලාගේ ඉලක්කය.

ඒත් ඒ ක්‍රියාවලියේ අඩුපාඩු නැතුවම නෙවෙයි. උදාහරණයකට වතුරවලින් ලුණු ඉවත් කරන්න ලොකු මුදලක් වගේම බලශක්තියක් වැය වෙනවා. 2021දී ජල කළමනාකරණය ගැන නිකුත් කරපු වාර්තාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වේ “ලෝකේ පුරාම ජලය සුරකින්න කරන දේවල් දෙගුණ කළේ නැත්නම් ඉක්මනින්ම දරුණු ජල හිඟයක් ඇති වෙනවා” කියලයි.

තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!

“දෙවි දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගත් පසු පොළොවට වැසි වස්සවා පින්නද වැටෙන්න සලස්වන්නේය. වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්නේය. වර්ෂාව නොඅඩුව පොළොවට ඇද හැළෙන්නේය.”—යෝබ් 36:26-28.

පෘථිවියේ ජලය රැකගන්න උදව් වෙන ස්වාභාවික චක්‍රයන් ඇතුවයි දෙවියන් පොළොව නිර්මාණය කළේ.—දේශනාකාරයා 1:7.

මේ ගැන හිතන්න: ජලය ස්වාභාවිකවම පිරිසිදු කරන ක්‍රියාවලියක් ඇතුව මේ පොළොව නිර්මාණය කරලා තියෙනවා නම් ඒ නිර්මාතෘට බැරිද මිනිස්සු නිසා මිරිදිය වතුරට වෙලා තියෙන හානිය හරිගස්සන්න? 15වෙනි පිටුවේ තියෙන “පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!” කියන ලිපිය බලන්න.

තවත් දැනගන්න

ජල අංශු කීප ගුණයකින් විශාලනය කරලා.

ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍යය ඇයි කියලා දැනගන්න ‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ - ජලය’ කියන වීඩියෝ එක jw.org වෙබ් අඩවියෙන් බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න