ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 6 පාඩම 17-19 පි.
  • ‘ප්‍රසිද්ධ කියවීමේ යෙදී සිටින්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ප්‍රසිද්ධ කියවීමේ යෙදී සිටින්න’
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • කියවීමට අවධානය යොමු කරන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කියවා මතක තබා ගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ප්‍රධාන අදහස් අවධාරණය කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • අර්ථය නිසි ලෙස කාවැද්දීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 6 පාඩම 17-19 පි.

6 පාඩම

‘ප්‍රසිද්ධ කියවීමේ යෙදී සිටින්න’

1, 2. ප්‍රසිද්ධ කියවීම සඳහා අපට ප්‍රස්තාවන් ළඟා වන්නේ කිනම් අවස්ථාවල දී ද?

1 ප්‍රසිද්ධ “කියවීමෙහිද . . . යෙදී සිටින්ට බලා ගනින්න” යයි ප්‍රේරිත පාවුල් තිමෝතිට අනුශාසනා කළේ ය. එමෙන් ම මෙය ඇතුළු ව සේවයට අවශ්‍ය වෙනත් සුදුසුකම් ද සෙසු ක්‍රිස්තියානි සේවකයන්ට උගන්වන හැටියට ඔහු තිමෝතිට උපදෙස් දුන්නේ ය. (1 තිමෝ. 4:13) දේවානුභාවයෙන් ලියන ලද එම උපදේශය අද පවා එක් එක් දේව සේවකයාට උචිත වන අතර, එය පිළිපැදීම අපට යහපත සලසයි.

2 බොහෝ විට දිව්‍යාණ්ඩු දේව සේවකයාට ප්‍රසිද්ධියේ කියවීමට අවස්ථා එළඹෙයි. මුරටැඹ පාඩමේ දී සහ සභා පොත් පාඩමේ දී බයිබල් පද, ඡේද කියවීමට සිදු වෙයි. සේවා රැස්වීමේ දී සහ දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී මෙන් ම ක්ෂේත්‍ර සේවයේ දී ද බයිබල් පද කියවනු ලැබේ. ඒ නිසා, හොඳ ප්‍රසිද්ධ කියවන්නෙක් වීම සේවකයාට මෙන් ම ඔහුට සවන් දෙන්නාට ද ප්‍රයෝජනවත් ය.

3. සූදානම වැදගත් වන්නේ මන්ද?

3 ප්‍රසිද්ධ කියවීම යනු අන් අයගේ ප්‍රයෝජනය සඳහා ශබ්ද නගා කියවීම ය. එහෙත් කියවන්නා වචන හරි හැටි ශබ්ද කිරීමට නොදන්නේ නම්, තව ද නුසුදුසු වාක්‍ය ඛණ්ඩ හෝ අදහස් අඳුරු කරවන විධියේ අනුචිත අවධාරණයන් උපයෝගි කර ගන්නේ නම්, සවන් දෙන්නෝ සම්පූර්ණයෙන් ප්‍රයෝජනය ලබනු ඇත් ද? ඔහු ඌන උද්‍යෝගයෙන් යුක්ත ව එක ම ස්වරයෙන් කියවන්නේ නම්, ඔවුන් කිනම් අවධානයක් දෙනු ඇත් ද? සමූහයක් ඉදිරියෙහි හොඳින් කියවීමට නම් සූදානම අවශ්‍ය ය. නියමිත කොටස කියවීමෙන් තොරව, පැවරුමකට මෙන්ම සභා පොත් පාඩමක කියවීමකට පවා යාම කිසිවිට සුදුසු නොවේ. එසේ නැත්නම්, සභාව ලැබිය හැකි ප්‍රයෝජන නොලබන අතර ම, කියවන්නාගෙන් වැරදි උච්චාරණයන් පවා ඔවුන් ඉගෙන ගත හැක. සැබවින් ම, සෑම දේව සේවකයෙක් ම ප්‍රසිද්ධ කියවන්නෙක් වීමට තමා ව ම යෙදීම අවශ්‍ය ය.—හබ. 2:2.

4, 5. සබය උත්තේජනය කොට ඔවුන් විසින් පහසුවෙන් වටහා ගනු ලැබීම සඳහා කරන ප්‍රසිද්ධ කියවීමට අවශ්‍යයෙන් ම තිබිය යුතු ගුණාංග මොනවා ද?

4 අවශ්‍ය කරන ගුණාංග. කියවන විට, උද්‍යෝගීමත් වන්න. වචනවලින් විස්තර වන හැඟීම් පිළිබිඹු කරමින් ඔබේ ඉදිරිපත් කිරීමට උණුසුම කාවද්දන්න. මෙසේ ඔබට උදාසීන සහ අප්‍රාණික ඉදිරිපත් කිරීම වැළැක්විය හැක. ඔබේ සබයට වැදගත් කොටස් නොඇසී යන තරමට ඔබේ ශබ්දය අඩු නොකරන්න. භාවිතා කරනු ලබන කාමරයේ හෝ ශ්‍රවණාගාරයේ සියලු ම කොටස්වලට විහිදෙන විධියට ඔබේ ශබ්දය ප්‍රමාණවත් විය යුතු ය. එක් වචනයක්වත් ග්‍රහණය කිරීමට කිසිවෙකු හට ආයාසයක් දැරීම අනවශ්‍ය විය යුතු ය.

5 අපැහැදිලි වන විධියට වචන ලිස්සා ශබ්ද නොකොට, සමහරක් වචනවල කොටස් ගිල නොගෙන ඒවා පැහැදිලි ලෙස ශබ්ද කිරීම අවශ්‍ය ය. අනෙක් අතට, ඔබ ඉදිරිපත් කරන පණිවුඩයෙන් අවධානය වෙනතකට යොමු කරන විධියට ඔබගේ කියවීම ඕනෑවට වඩා නිවැරදි බවක් පෙන්වීමට උත්සාහ නොකළ යුතු ය. හොඳින් උච්චාරණය කරන ලද කියවීමෙන් අදහස් කරන්නේ ඔබ කියවන වචන ගැන ශ්‍රාවකයන්ට කිසි ම සැකයක් නැති බව ය. බොහෝ විට, අපැහැදිලිකමට හේතු වන්නේ කියවන්නා තමාගේ කට හඬ ශ්‍රාවකයන් දෙසට විහිදු වීමට අසමත්වීම ය, ඒ නිසා, ඔබ කියවන විට හිස ඍජු ව තබා ගැනීමට පුහුණු වන්න. බාධාවකින් තොර ව ඔබේ කට හඬ විහිදෙන විධියට කට ඇර කියවන්න.

6. සුදුසු අවධාරණය තීරණය වන්නේ කෙසේ ද, එමෙන් ම විරාමයන් අවධාරණයට දායක වන්නේ කුමන ආකාරයෙන් ද?

6 සුදුසු අවධාරණය වැදගත් ය. ඇත්ත වශයෙන් ම, ඔබ කියවන දේ වටහා ගැනීමට ප්‍රධානතම සාධකය එයයි. අවධාරණය වෙනස් කිරීමෙන් ශ්‍රාවකයන්ට සම්පූර්ණයෙන් ම වෙනත් අදහසක් දිය හැකි බව හොඳින් දන්නා කරුණකි. සමහර විට, තනි වචනයක් විශේෂයෙන් බර කළ යුතු වන නමුත්, බොහෝ විට එසේ අවධාරණය කළ යුත්තේ වචන සමූහයක්, එනම් සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩයකි. අවධාරණය යෙදිය යුතු තැන තීරණය වන්නේ ඉදිරිපත් කිරීමට ඇති අදහස මගින් ය, එමෙන් ම, එය පාලනය වන්නේ වගන්තියේ ඉතිරි කොටස පමණක් මගින් නොව, සම්පූර්ණ තර්කය මගින් ය. සුදුසු තැන විරාමය යෙදීම අවධාරණයේ අති වැදගත් කොටසකි. වචන අර්ථවත් ලෙස ගොනු කිරීමටත් ප්‍රධාන අදහස් වෙතට අවධානය යොමු කිරීමටත් කෙටි විරාමයන් උපකාරී වෙයි; තර්කයේ ප්‍රධාන කොටස අවසන් වූ බව දිගු විරාමවලින් දැක්වේ.

7. කියවීම සම්භාෂණයක ස්වරයක් දැරීමට උපකාර කරන්නේ කුමක් ද?

7 ඔබ හොඳින් කියවීමට වෑයම් කරන විට තාරතාවයේ සහ වේගයේ විවිධත්වය ද සැලකිල්ලට ගත යුතු ය. ඒවායෙන් තොර ඉදිරිපත් කිරීම උදාසීන, සිත් නොගන්නා එකක් වනු ඇත. එහෙත් සුදුසු ලෙස උපයෝගි කළ විට, ඔබේ කියවීම වඩා ස්වාභාවික ප්‍රාණවත් සම්භාෂණයක ස්වරූපයක් බවට පත් කිරීමට එම විවිධත්වය බොහෝ සේ ප්‍රයෝජනවත් වෙයි.

8. අත් පිටපතකින් කථාවක් සුදුසු ලෙස ඉදිරිපත් කළ හැක්කේ කුමන අවස්ථාවක දී ද?

8 අත් පිටපත් කියවීම. පිටපත් කථාවක් ඉදිරිපත් කිරීම ප්‍රසිද්ධ කියවීමට සම්බන්ධ වන වඩා වැදගත් තත්ත්වයන්ගෙන් එකකි. මෙවැනි ඉදිරිපත් කිරීම්වලට සුදුසු තැනක් ඇත. නිදසුනක් හැටියට, එක ම තොරතුර එක ම වේලාවට එක්තරා රටක දෙවියන් වහන්සේගේ සභාවල සෙනඟට ඇසීමට කලින් කලට සංවිධානය විධිවිධාන සැලැස්විය හැක. එමෙන් ම, සමුළු වැඩසටහන්වල දී පිටපත් කථාවලට තැනක් ලැබේ, සමහර විට කථාවේ උපුටා ගත් කොටස් ජන මාධ්‍යය මගින් උපුටා දැක්විය හැක, නැතහොත් කරුණු රාශියක් නිවැරදි ලෙස ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පැන නැගිය හැක.

9, 10. අත් පිටපත් කථාවක් ඉදිරිපත් කිරීමේ දී විසඳිය යුතු ප්‍රධාන ගැටලුව කුමක් ද, තව ද එය කළ හැක්කේ කෙසේ ද?

9 අත් පිටපත් කියවීමේ දී විසඳීමට තිබෙන ප්‍රධාන ගැටලුව නම් එහි ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩ සම්භාෂණ ශෛලියකින් ඇසෙන්නට සැලැස්වීම ය. කෙසේ වුවත්, ස්වරය සැලකිය යුතු තරමින් විශාල කිරීමට අවශ්‍ය ය. සාමාන්‍යයෙන් රචනාවේ වාක්‍ය රටාව ඔබ දින පතා කරන ශෛලියට වඩා වෙනස් ය, සමහර විට වාක්‍යයන් වඩා දිග එමෙන් ම වඩා සංකීර්ණ ඒවා විය හැක. ඔබේ සාමාන්‍ය ස්වාභාවික කථාවට වඩා වෙනස් විධියේ වාග් වරණයක් හා රිද්මයක් තිබිය හැක. කරුණු ඔබේ ම වචනවලින් සඳහන් කිරීමෙන් ඊට වඩා හොඳින් ඉදිරිපත් කළ හැකි යයි ඔබට හැඟෙන්නට පුළුවන. එහෙත් පුහුණුව සහ පළපුරුද්ද අත් පිටපත් කථා ඉදිරිපත් කිරීම ගැන විශාල වර්ධනයක් ඇති කර ගැනීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.

10 සාර්ථකත්වයේ රහස නම්, පූර්ව සූදානමයි. අත් පිටපත හුරු කර ගැනීමට කාලය අවශ්‍ය ය. ප්‍රධාන අදහස් මනසින් පැහැදිලි ව වටහා ගැනීම සඳහා ඔබ එය කිහිප වාරයක් කියවිය යුතු ය. ඔබට නුපුරුදු වචන ඇත්නම්, ඒවා හොඳ අකාරාදියකින් බලා නිවැරදි උච්චාරණය අත් පිටපතේ සටහන් කර ගන්න. ඉන් පසු මුල් ලේඛකයාගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය හොඳින් හුරු කර ගැනීම සඳහා කථාව ශබ්ද නගා කියවීමෙන් පුහුණු වන්න. කැඩපතක් ඉදිරියේ ශබ්ද නගා කථාව කියවීමෙන් හොඳ සභා සම්බන්ධයක් ඇති කර ගැනීමට උපකාර වන බව සමහර කියවන්නන්ට පෙනී ගොස් ඇත. කථාව ඉදිරිපත් කරනු ලබන්නේ කුඩා ශ්‍රවණාගාරයක නම්, මෙම සභා සම්බන්ධය ඉතා වැදගත් ය.

11. අත් පිටපතක කිනම් ලකුණු කිරීම් උපකාරවත් වේවි ද?

11 ඔබ අවධාරණය කිරීමට කැමති වචන ලකුණු කර ගැනීම හෝ ඒවාට යටින් ඉරි ඇඳ ගැනීම ප්‍රයෝජනවත් වේ. අත් පිටපතේ වාක්‍ය ඛණ්ඩ කුඩා සිරස් ඉරකින් වෙන් කර ගැනීම ආධාරයක් බව සමහර කියවන්නන්ගේ හැඟීම ය. මීට අමතර ව, වාක්‍ය ඛණ්ඩය අවසාන වන තෙක් විරාමයක් නොගත යුතු යයි ඔබට මතක් කිරීම සඳහා එකට කිය විය යුතු අපහසු හෝ අසමාන වචන සමූහ, නැමි ඉරකින් සම්බන්ධ කර ගත හැක. අස්වාභාවිකත්වය හෝ අර්ථය නැති වීම මෙයින් වළක්වා ගත හැකි ය. සාධාරණ දිග විරාමයන් උචිත වන තැන් අත් පිටපතේ ලකුණු කර ගැනීම ගැන ද සිත යොමු කළ හැකි ය. බලාපොරොත්තුව ඇති කිරීමටත් අවධාරණය දීමටත්, කරුණු වටහා ගැනීමට අවශ්‍ය කාලය ලබා දීමටත්, විරාමයන් සමත් වේ. කථාවේ උච්චාවස්ථා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ඔබට හොඳ උච්චාවස්ථාව කරා ක්‍රමයෙන් නැගී යාමට හැකි වන විධියට මේවා ලකුණු කළ හැකි ය. ඉන් පසු වේගය වෙනස් කරන්න.

12-15. බයිබලය කියවීමේ දී පූර්ව සූදානම විශේෂයෙන් වැදගත් වන්නේ මන්ද?

12 බයිබලය කියවීම. බාල මහලු සියලු දෙනාට ම බයිබලය කියවීම එක හා සමාන ව ම වැදගත් වේ. බොහෝ විට බයිබලය ශබ්ද නගා කිය විය යුතු අවස්ථා එළඹේ. කලින් කලට දිව්‍යාණ්ඩු සේවා පාසලේ ද මෙවැනි පැවරුම් තිබිය හැක. ඇරත් සේවයේ දී මිනිසුන්ට කථා කරන විට අපි ශුද්ධ ලියවිලි පද කියවමු. එහෙත් අපි ඒවා හොඳින් කියවන්නෙමු ද? අප බාධා නොවී අපේ තර්කයට ගැළපෙන කොටස නිසි ලෙස අවධාරණය කරමින් ස්වාභාවික ලෙස සම්භාෂණ ශෛලියෙන් ඒවා කියවීම සඳහා පුහුණු වී තිබෙනවා ද?

13 බයිබලය කියවීම සඳහා ඇත්ත වශයෙන් ම සූදානම අවශ්‍ය ය. මෙය දෙවියන් වහන්සේගේ වචනය බවත් අපූර්ව අලංකාරයෙන් සහ චිත්ත වේගයෙන් යුත් කොටස්වලින් මෙන් ම නිවැරදි සහ තර්කානුකූලත්වයෙන් එය පිරී ඇති බවත් මතක තබා ගන්න. සවන් දෙන්නන්ගේ ප්‍රයෝජනය සඳහා අපි එය සුදුසු ලෙස කියවීමට වෑයම් කළ යුත්තෙමු. අපට බයිබලය කියවීමට සිදු වන බව කලින් දන්නේ නම් අසාමාන්‍ය වචන, වාක්‍ය ඛණ්ඩ හෝ ප්‍රකාශන ශෛලියන් හමුවේ, පැකිලීමෙන් වැළකීම සඳහා සුපරීක්ෂාකාරී ව සූදානම් කළ යුතු ය.

14 තමන්ගේ දෙවියන් වහන්සේගේ වචනවලට ප්‍රීතිමත් අවධානයෙන් යුක්ත ව ඇහුම් කන් දීම සඳහා යෙරුසලමේ වතුර දොරටුව ඉදිරියේ පිහිටි ප්‍රසිද්ධ චතුරස්‍රයට එක්රැස් වූ වහල්කමින් නැවත පැමිණි ඊශ්‍රායෙල්වරුන්ගේ ඉමහත් ප්‍රීතිමත් අවස්ථාව ගැන සලකා බලන්න. එම පැවරුම ලත් ලෙවීවරු තමන්ගේ කියවීම කළේ සූදානම් රහිත උදාසීන අන්දමට ද? “මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත පැහැදිලිලෙස කියවා අර්ථය තෝරාදුන්නෝය, මිනිස්සුද කියෙවූ දේ තේරුම්ගත්තෝය” යයි වාර්තාව පිළිතුරු දෙයි. (නෙහෙ. 8:8) අති උත්තමයාණන්ගේ වචන තමන්ගේ සහෝදර වන්දනාකරුවන්ට පහදා දුන් එම කියවන්නන් තුළ උන් වහන්සේ කෙරෙහි ගැඹුරු ගෞරවයක් තිබිණ.

15 අපේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා හෝ පවුල් කවය තුළ දී හෝ රාජ්‍යය ශාලාවේ දී හෝ නිවැසියෙකුට හෝ අපට කියවීමට සිදු වූ විට, අපි එම මූලාශ්‍රයෙහි අන්තර්ගත කරුණුවල හැඟීම් සහ ඇදහිල්ල වර්ධනය කරන බලය එලෙස ම ඉදිරිපත් කිරීමේ අරමුණෙන් කියවමු. ප්‍රසිද්ධ කියවීමේ මෙම පෙලඹවීමේ බලය ප්‍රේරිත යොහන් විසින් ලියන ලද මෙම වචනවලින් හොඳින් අවධාරණය වෙයි: “මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.”—එළි. 1:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න