ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 12 පාඩම 34-37 පි.
  • හිටිවන සහ ක්ෂණික කථා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිටිවන සහ ක්ෂණික කථා
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • හිටිවන ඉදිරිපත් කිරීම්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • දළ සටහනක් භාවිත කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සූදානම් වීමේ වටිනාකම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සභා සම්බන්ධය සහ සටහන් භාවිතය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 12 පාඩම 34-37 පි.

12 පාඩම

හිටිවන සහ ක්ෂණික කථා

1, 2. යෙහෝවඃ වහන්සේ අපට කථා කිරීමට උපකාර කරන්නේ කෙසේ ද?

1 “නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙල්ලා. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය [ආත්මයය NW].” (මතෙ. 10:19, 20) එම වචන යේසුස් වහන්සේගේ මුල් ගෝලයන්ට කෙතරම් ආශ්චර්යවත් සහතිකයක් ගෙන දෙන්නට ඇත් ද, රාජ්‍ය නිලධාරින් ඉදිරියේ සාක්ෂියක් දැරීමට සිදු වූ විට, අද දින පවා ශුභාරංචියේ දේව සේවකයන් ව එම වචන මගින් ශක්තිමත් කරනු ලැබේ. එහෙත් ප්‍රථම-ශතවර්ෂයේ ක්‍රිස්තියානින්ට මෙන් අද දින යෙහෝවඃ වහන්සේගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ට “ප්‍රඥාවේ වචනයද” “දැනගැනීමේ වචනයද” ප්‍රාතිහාර්යයක් මගින් ලැබෙන බවට මෙය අදහස් නොකරයි. (1 කොරි. 12:8) කෙසේ වුවත් අප අනගි දිව්‍යාණ්ඩු අධ්‍යාපනයක් භුක්ති විඳින අතර පොරොන්දු වී ඇති ප්‍රකාරයට අවස්ථා එළඹෙන විට, දෙවියන් වහන්සේගේ ආත්මය අපට පිළිතුරු මතක් කරයි.

2 බයිබල් පාඩම්වල දී, දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී සහ වෙනත් සභා රැස්වීම්වල දී ඔබ ලබන පුහුණුව හේතු කොට ගෙන ඔබ විශාල දැනුම් සම්භාරයක් රැස් කර ගන්නෙහි ය. ධර්මිෂ්ඨකම පිළිබඳ ව ද ඔබ මූලික ප්‍රතිපත්ති ඉගෙන ගන්නා අතර, ඒවා ඔබේ ජීවිතයේ විවිධ තත්ත්වයන්ට යොදා ගන්නා ආකාරය පිළිබඳ ව ද දැනුමක් ලබන්නෙහි ය. ඉන් පසු ක්ෂේත්‍ර සේවයේ නිරත වීමෙන් ඔබ අන් අයට කථා කිරීම පිළිබඳ ව අද්දැකීමක් ලබන්නෙහි ය. ඔබ මෙසේ කථා කරන්නේ හිටිවන හෝ ක්ෂණික විලාසයකින් ය.

3. හිටිවන සහ ක්ෂණික (සීඝ්‍ර) කථා අතර වෙනස පැහැදිලි කරන්න.

3 එකිනෙකාට ඉතා කිට්ටු ලෙස සම්බන්ධ වුවත්, මෙම කථා වර්ග දෙක සර්ව සම නොවේ. සමහර විට මෙම වෙනස වටහා ගැනීමට උදාහරණයක් උපකාර විය හැක. ඔබ නිවැසියෙක් වෙතට ගොස් සුදානම් කළ කථාවක් ඔහුට ඉදිරිපත් කිරීමට පටන් ගන්නේ යයි සිතන්න. මෙම කථාවේ සැකිල්ලක් දැනටමත් ඔබේ මනසේ ස්ථිර ලෙස තැන්පත් කර ඇත. මෙම සැකිල්ලට අමතර ව එම කරුණු ඉදිරිපත් කිරීමට ඔබ භාවිතා කරන්නට යන වචන යනාදිය ඔබ කට පාඩම් කර නැත. ඔබ කථා කරන්නේ හිටිවන ක්‍රමයට ය. එහෙත් නිවැසියා ඔබ බලාපොරොත්තු නොවූ විරුද්ධ අදහසක් මතු කරයි, මේ සඳහා ඔබ නිශ්චිත ලෙස සූදානම් වි නැත. කෙසේ වෙතත්, රාජ්‍යය ශාලාවේ දී ඔබ ලබා ඇති පුහුණුව නිසා බයිබලය පිළිබඳ ව ඔබේ දැනුම් උපයෝගි කර ගනිමින් යම් විස්තරයක් හෝ පැහැදිලි කිරීමක් ඔබ කරන්නෙහි ය. මේ අවස්ථාවේ ඔබ කරන කථාව එම මොහොතට ගැළපෙන විදිහට සකස් කොට ඉදිරිපත් කරනු ලබන ක්ෂණික කථාවක් යයි කිව හැක.

4. කාර්ය සාධක හිටිවන කථාවක් සඳහා අවශ්‍ය වන්නේ කුමන සූදානමක් ද?

4 හිටිවන කථාව. ගෙයින්-ගෙට කරන ලද කථාවක් හෝ වේදිකාවේ දේශනයක් වුවත්, හිටිවන කථාවකට අවශ්‍ය ප්‍රධානතම අංගය වන්නේ සූදානම ය. ඔබ හිටිවන කථාවක් ඉදිරිපත් කරන්නට යන්නේ නම්, වර්ධනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් අඩංගු හොඳ සැකිල්ලක් සූදානම් කර ගන්න. සැබවින් ම තොරතුරු සහිත කථාවක් ඉදිරිපත් කිරීමට සුදානම් ව සිටීම සඳහා ප්‍රධාන කරුණු යටතේ ආධාරක අදහස්, ඔප්පු කිරීමට ශුද්ධ ලියවිලි පද සහ උපහැරණ යනාදිය ඔබ පෙළ ගස්වා ගන්න. ඔබ භාවිතා කරන්නට යන වචන හැර අනෙක් සෑම දෙයක් ම කලින් සූදානම් කර ගන්න.

5-7. හිටිවන කථාවේ වාසි සඳහන් කරන්න.

5 හිටිවන කථාවකට ප්‍රයෝජන කිහිපයක් ඇත. එකක් නම්, නම්‍යතාවයයි. අත් පිටපත කියවීමේ දී හෝ කට පාඩම් කළ යමක් ඉදිරිපත් කිරීමේ දී මෙන් වෙනස් නොකළ හැකි තරමට ම දැඩි ලෙස සකස් කොට නැත. අවසාන මොහොතේ දී වුවත් සැලසුම් කළ දේශනයේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය හැක. ඔබ වේදිකාවට නගින්නට ඔන්න මෙන්න කියා තිබිය දී බලාපොරොත්තු නොවූ විදිහට නවකයන් විශාල සංඛ්‍යාවක් සිටින බව ඔබට දැනගන්නට ලැබෙන්නේ යයි අපි සිතමු. ඔවුන්ට ඔබේ තර්ක සම්පූර්ණයෙන් ම වටහා ගත හැකි විධියට ඔබේ කථාව සකස් කර ගැනීමට හිටිවන ක්‍රමය ඉඩ සලසයි. එසේ නැත්නම්, පාසල් වයසේ යෞවනයන් බොහෝ දෙනෙක් සිටින බව ඔබ දකින්නෙහි ය. එවිට ඔවුන්ගේ ජීවිත කෙරෙහි ඔබේ කරුණු බලපාන ආකාරය ඔවුන් විසින් වටහා ගත හැකි පරිදි, ඔබේ උපහැරණ හා පැහැදිලි කිරීම් ඔබට සකස් කර ගත හැකි වනු ඇත.

6 හිටිවන කථාවේ දෙවන වාසියක් නම්, ඔබේ මනස උත්තේජනය කිරීමට එයට හැකියාවක් තිබීමයි. නව සිතුවිලි වර්ධනය කිරීමට එය ඔබට සෑහෙන ඉඩ ප්‍රස්තාවක් සලසයි. බොහෝ විට, ඔබේ කථාව අගය කරන, එයට ප්‍රතිචාරය දක්වන සබයක් ඔබට මුණ ගැසුණු විට, ඔබේ හදවත ඔවුන් වෙත ඇදී ගොස් ඔබේ මනසට නව අදහස් ගලා එයි. මෙම නව අදහස් ඉතා පහසුවෙන් හිටිවන කථාවකට ඇතුළත් කළ හැක.

7 මෙවැනි කථාවක තුන්වන වාසිය නම්, ඔබේ ඇස් ඔබට සවන් දෙන්නන් මත රඳවා ගැනීමට ඉඩ සැලැස්වීමයි. ඔවුන් සමඟ සන්නිවේදනයක් ඇති කර ගැනීමට එය ඔබට උපකාර වේ. මෙහි ප්‍රතිඵලය විය හැක්කේ ඔබ කියන දෙයට ඔවුන් වඩා කිට්ටු අවධානයක් යොමු කිරීම ය. එමෙන් ම මුළු කාලය තුළ ම යම් කිසි ලිඛිත ද්‍රව්‍යයක් මත ඔබගේ ඇස් යොමු කිරීමට අවශ්‍ය නොවන නිසා, ඔබ ඔබේ විෂය ගැන හොඳින් දන්නවා යන හැඟීමක් සවන් දෙන්නන් තුළ හට ගනී. මීට අමතර ව, සබයේ ප්‍රතික්‍රියා අවධානය කිරීමට ඔබට හැකි වනු ඇත. ඔවුන්ගේ උනන්දුව අඩු වන බව ඔබට පෙනී ගියහොත්, මෙම ගැටලුව විසඳීමට ඔබට පියවර ගත හැක. මේ අනුව කථාව ඉදිරිපත් කිරීම උණුසුම් සම්භාෂණ ස්වරූපයෙන් යුත් හදවත් අතර සැබෑ අදහස් හුවමාරුවකට මඟ පාදයි.

8-10. හිටිවන කථා සම්බන්ධයෙන් උගුල් මඟ හරින්නේ කෙසේ ද?

8 එහෙත් හිටිවන කථා සම්බන්ධයෙන් උගුල් කිහිපයක් ඇත; නමුත් මේවා මඟ හැරිය හැක. උදාහරණයක් හැටියට, තම කාලය ඉක්මවා යන තරමට කථිකයා විසින් අමතර අදහස් විශාල ප්‍රමාණයක් තම කථාවට ඇතුළත් කළ හැකි ය. එමෙන් ම, මනසට ඉබේ ගලා එන අදහස් හඳුනා දීමට ඇති නිදහස නිසා, කථිකයා කලින් සැලසුම් කළාට වඩා වැඩි කාලයක් සමහර අදහස්වලට මිඩංගු කළ හැක. කථාවේ එක් එක් කොටස සඳහා වෙන් කළ කාලය පිළිබඳ ව කථා සැකිල්ලේ සටහන් කර ගැනීමෙන් ඔබට මින් ආරක්ෂා විය හැක. ඉන් පසු මෙම කාල සටහන ඉතා ප්‍රවේසමෙන් අනුගමනය කරන්න.

9 තවත් අවදානමක් නම්, කාරණා අතපසු කිරීමත්, අසම්පූර්ණ හෝ වැරදි ප්‍රකාශනයක් කිරීමත්, ප්‍රමාණවත් ආධාරක සාක්ෂි නැතුව ඇතැම් ප්‍රකාශනයන් කිරීමත් ය. ඔබ විටින් විට ඉක්මන්කමින් තොර ව ඔබේ සටහන් දෙස බලන්නේ නම් කරුණු අතපසු කිරීමෙන් සහ වැරදි ප්‍රකාශන කිරීමෙන් වැළකිය හැක. ආධාරක සාක්ෂි සහ ශුද්ධ ලියවිලි පද ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් අඩංගු සැකිල්ලක් සකස් කර ගැනීමෙන් අත්‍යන්ත ප්‍රකාශ කිරීමෙන් ඔබට වැළකිය හැක.

10 හිටිවන කථාවක සෑම වචනයක් ම කට පාඩම් කර ගැනීම අනවශ්‍ය වුවත්, උචිත වාක්‍ය ඛණ්ඩ පුහුණු විය හැකි අතර, සිතුවිලි මාලාව මනසේ ස්ථිර ලෙස ධාරණය කර ගැනීමට ද ඔබට උපකාරයක් වනු ඇත. මේ අන්දමට ඔබට බාල භාෂාව සහ දුර්වල වාග් වරණය මඟ හැරිය හැක. එමෙන් ම ඔබේ එදිනෙදා සම්භාෂණයේ දී හොඳ භාෂාව භාවිතා කරන්නේ නම්, කථාවක් ඉදිරිපත් කිරීමේ දී එය වඩා පහසු වනු ඇත. එහෙත්, එවිට පවා අත් පිටපත් කථාවක් මෙන් හොඳ ම යෙදුම් සහ ව්‍යාකරණ නිරවද්‍යතාවය නොතිබිය හැකි බව සැබෑ වුවත්, මෙම අඩු පාඩුව ඔබේ සම්භාෂණ ශෛලියෙන් මඟ හරවා ගත හැක. ඊට අමතර ව, කථාව ඉදිරිපත් කිරීමට කලින් එය කිහිප වරක් පුනරීක්ෂණය කරලීම සිරිතක් කර ගන්න. සමහර අයට මෙය නිශ්ශබ්ද ව තමන්ගේ ම මනසෙන් කිරීම ප්‍රමාණවත් වන බව පෙනේ. එහෙත් විශේෂයෙන් ම කාලය ගැන සලකන විට, මෙම පුහුණුව ශබ්ද නගා කිරීම බොහෝ දෙනෙකුට මහත් උපකාරයකි.

11, 12. සැකිල්ලක් තබා ගැනීම කථිකයාට ආරක්ෂාවක් වන්නේ මන්ද?

11 කල්යාමේ දී ඔබ ලබන පුහුණුව නිසා ඔබේ කථාවේ එක් එක් කරුණු වචන ස්වල්පයකින් සඳහන් කොට ඔබේ සැකිල්ල බොහෝ දුරට කෙටි කළ හැකි බව ඔබට පෙනී යනු ඇත. මෙම කරුණු සහ ඔබ භාවිතා කරන්නට යන ශුද්ධ ලියවිලි පද යන සියල්ලක් ම පහසුවෙන් බලාගත හැකි කාඩ් පතක හෝ කොළ කැබැල්ලක සඳහන් කරගත හැක. දිව්‍යාණ්ඩු පාසලේ ශිෂ්‍ය කථාවක් වැනි වඩා ලුහුඬු කථාවක සැකිල්ල කට පාඩම් කර ගැනීමට ඇතැම් අය කැමති වුවත්, යම් බාධාවක් හෝ ඔබේ සිතුවිලි මාලාවට අවහිරයක් ඇති වන විධියේ අමතක වීමක් සිදු වූ විට, ආධාරකයක් වශයෙන් ලුහුඬු සැකිල්ලක් ළඟ තබා ගැනීමේ වරදක් නැත. ප්‍රසිද්ධ කථාවක් වැනි වඩා දීර්ඝ කථාවක් ඉදිරිපත් කරන විට, බලා ගැනීම සඳහා සවිස්තර සැකිල්ලක් තබා ගැනීම ප්‍රඥාගෝචර ය.

12 ගෙයින්-ගෙට සේවය සඳහා හිටිවන කථා ශෛලිය ඉතා වටිනා එකකි. නිවැසියා විරුද්ධත්වයක් මතු කළ විට දී හෝ වෙන යම් අයුරකින් බාධා කළ විට, තාවකාලික ව සාකච්ඡා කරනු ලබන කරුණුවලින් ඈත් වී විරුද්ධත්වයකට පිළිතුරු දීමෙන් පසු කලින් සූදානම් කරන ලද කරුණු නැවත ඉදිරිපත් කිරීම ආරම්භ කළ හැක. කථාවේ වචනයක් වචනයක් පාසා කට පාඩම් කර ගෙන තිබිය දී එවැනි බාධා කිරීම්වලට මුහුණ දී නැවත කථාව ආරම්භ කිරීම අපහසු වනු ඇත.

13-15. අප ක්ෂණික ලෙස කථා කරන්නේ කුමන අවස්ථාවල දී ද, එමෙන් ම ඒ සඳහා අවශ්‍ය වන්නේ කුමන සූදානමක් ද?

13 ක්ෂණික කථාව. “ක්ෂණික නොහොත් සීඝ්‍ර” යන වචනය නිර්වචනය කොට ඇත්තේ “සූදානම් රහිත, සැලකිලි නැති, ඒ මොහොතේ දී සාදා ගත්” යනුවෙනි. එහෙත් අදාළ මාතෘකා හෝ කරුණ ගැන කිසි ම සූදානමක් කර නැති බව මෙයින් අදහස් වේ ද? නැත. මක්නිසා ද සෑම අව්‍යාජ ඉගැන්වීමක් සඳහා ම සූදානමක් තිබිය යුතු බැවිනි. කෙසේ වුවත්, කිසි ම පූර්ව දැන්වීමකින් තොර ව යම් මාතෘකාවක් ගැන කථා කිරීමට ඔබට අවස්ථාවක් එළඹිය හැක. එවිට සුවිශේෂ සූදානමකින් තොර ව ඔබට ඒ ගැන කථා කිරීමට සිදු වේ. ගෙයින්-ගෙට දේශනා සේවයේ දී නිවැසියා නගන ප්‍රශ්න මෙවැනි අවස්ථාවක් විය හැක. එසේ නැත්නම්, නැවත හමුවීම්වල දී, ගෘහ බයිබල් පාඩම්වල දී, අනියම් ලෙස සාක්ෂි දරන විට දී, හෝ උසාවියක් හෝ මණ්ඩලයක් ඉදිරිපිට දී හෝ එසේ කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවල දී කරුණු පෙළ ගැස්වීම සහ වාක්‍ය රටාව සීඝ්‍රවත් කිරීමට සිදුවේ. එහෙත්, ඔබේ දිව්‍ය පුහුණුවෙන් ලබා ගත් පසුබිම් දැනුම ඔබ කියන දෙයට පදනමක් වනු ඇත. එබැවින් අප ක්ෂණික කථාවක් හැටියට හඳුන්වන දෙය පවා පූර්ව සූදානමක් මත පදනම් වන්නෙකි. එහෙත් මෙම සූදානම එම සුවිශේෂ අවස්ථාව සඳහා සැලසුම් කළ එකක් නොවිය හැක.—යෙසා. 50:4.

14 ඔබට යමක් කීමට තිබෙන බව විනාඩි කිහිපයකට කලින් හෝ දැන ගන්නට ලැබේ නම්, ඒ ගැන සූදානම් කිරීමක් හැටියට ඔබ විසින් ගත හැකි ප්‍රයෝජනවත් පියවර කිහිපයක් ඇත. පළමුකොට, ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන කරුණක් හෝ දෙකක් ගැන තීරණය කරන්න. ආධාරක තර්කයක් සහ සුදුසු ශුද්ධ ලියවිලි පද සමහරක් ද තෝරා ගන්න. ඉන් පසු කෙටි හැඳින්වීමක් ගැන සිත යොමු කරන්න. දැන්, අවශ්‍ය නම්, කථාව ආරම්භ කිරීමට ඔබ සූදානම් ය. උදාහරණයක් හැටියට, දිව්‍යාණ්ඩු සේවා පාසලේ ශිෂ්‍ය කථිකයෙක් වෙනුවෙන් අවසාන මොහොතේ දී ආදේශක කථිකයෙක් අවශ්‍ය වූ විට මෙවැනි අවස්ථාවක් එළඹිය හැක.

15 ක්ෂණික ව ම සත්‍යයට සාක්ෂි දැරීමට යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ට සිදු වූ අවස්ථා පිළිබඳ නිදසුන් ශුද්ධ ලියවිලිවල අඩංගු වී ඇත. ස්තේපන් මෙවැනි කෙනෙකි. බලහත්කාරයෙන් ඔහු යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගොස් බොරු සාක්ෂිකරුවන් විසින් චෝදනා නගනු ලැබී ය. ඔහුගේ ප්‍රබෝධවත් ක්ෂණික කථාව ක්‍රියා පොතේ 7වන පරිච්ඡේදයේ කියවීමට තිබේ. ප්‍රේරිත පාවුල් ව අතීනසයන් විසින් ඇරියෝපගය වෙත ගෙන ගොස් ඔහුගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරනු ලැබී ය. ඔහුගේ විශිෂ්ට ක්ෂණික සාකච්ඡාව ක්‍රියා පොතේ 17වන පරිච්ඡේදයේ අඩංගු වේ.

16-18. අත් පිටපතක් පාවිච්චි කිරීම හෝ තමන්ගේ කථා කට පාඩම් කිරීම හෝ වෙනුවට ශිෂ්‍යයන් හිටිවන ලෙස කථා කිරීමට පුහුණු විය යුත්තේ මන්ද?

16 හොඳ ම ක්‍රමය. සමහර විට නවකයෝ තමන්ගේ ශිෂ්‍ය කථා සඳහා අත් පිටපතක් පාවිච්චි කිරීමට කැමති වෙති. සාමාන්‍යයෙන් මෙය හොඳ ම ක්‍රමය නොවන අතර, එය සබය සමඟ සම්බන්ධය සහ සම්භාෂණ ශෛලියට බාධාවක් වන නිසා ඉක්මනට ම එම පුරුද්දෙන් ගැලවීමට ඔහු වෑයම් කළ යුතු ය. අප අත් පිටපත් කථා පාවිච්චි කරන අවස්ථා ඇතත්, කියවීම් පැවරුම් ලැබෙන විට, ඔබ ඒවා සඳහා පුහුණුවක් ලබන්නෙහි ය. ඔබේ කථා සඳහා සටහන්වලින් නිදහසේ කථා කිරීමට පුහුණු වන්න.

17 සම්පූර්ණයෙන් ම සටහන්වලින් නිදහස්වීමේ අරමුණින් සමහර ශිෂ්‍යයෝ තමන්ගේ කථා කට පාඩම් කර ගනිති. එහෙත් අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට නොහැකි වීම, ස්වාභාවිකත්වයෙන් තොර වීම සහ ඉතා වැදගත් කොටසක් අමතක වීමට ඉඩ කඩ තිබීම වැනි නිශ්චිත අවාසි, කට පාඩම් කර ගත් කථාවල දක්නට තිබේ. හැඳින්වීම හෝ අවසානය සඳහා භාවිතා කරන්නට යන වාක්‍යය කිහිපයක් කට පාඩම් කර ගැනීම සුදුසු වුවත් මුළු කථාවට ම එය යෝග්‍ය නොවේ.

18 සාමාන්‍යයෙන් හිටිවන ලෙස කථා කිරීමට පුරුදු වීම හොඳ ම ක්‍රමයයි. ක්ෂේත්‍ර සේවයේ දී භාවිතා කරනු ලබන්නේ ද මෙම ක්‍රමයයි. එහි දී අපි නිවැසියා ඉදිරියේ සිට ගෙන කල්පනා කිරීමට පුහුණු වන්නෙමු. එමෙන් ම, සභා රැස්වීම්වල දී ද නිතර භාවිතා කරනු ලබන්නේ හිටිවන කථා ය, විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන විධියට අවංක ලෙසත් ඍජු ලෙසත් අපේ පණිවුඩය ඉදිරිපත් කිරීමට මෙම ක්‍රමය ඉඩ කඩ සපයයි. ඒ නිසා එය නිතර පුහුණු වන්න. සමහර විට අපට ක්ෂණික කථාවක් ඉදිරිපත් කිරීමට සිදු වුවත්, එයටත් අපි සූදානම් ව සිටිමු. මක්නිසා ද යත් හිටිවන සහ ක්ෂණික යන දෙකට ම අප ව සූදානම් කිරීමට යෙහෝවඃ වහන්සේ වගබලා ගන්නා සේක. අපේ සේවයේ දී මෙම කථා වර්ග දෙකට ම සුදුසු තැනක් ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න