22 පාඩම
බලපෑමෙන් යුත් හැදින්වීම්
1-3. කථාවක හැඳින්වීමේ දී විෂය පිළිබඳ උනන්දුව අවදි කර විය හැක්කේ කුමන ක්‍රමවලින් ද?
1 උනන්දුව අවදි කරවීම. කථාවක හැඳින්වීමේ කාර්යය විය යුත්තේ විෂය පිළිබඳ ව උනන්දුව අවදි කර වීමයි. එය ඔබේ අසන්නන්ගේ සිත් ඇද ගැනීමටත් පසු ව කියන්නට යන දේ පිළිබඳ හිතකර ලෙස සලකා බැලීම සඳහාත්, ඔවුන් සූදානම් කිරීමට සමත් විය යුතු ය. මෙම අරමුණ ඉටු කිරීමට නම්, ඔබේ විෂය පිළිබඳ වටිනාකම අසන්නන්ට පහදා දිය යුතු ය.
2 කථාවක් පිළිබඳ උනන්දුව අවදි කළ හැකි හොඳ ම ක්‍රමය ඔබේ අසන්නන් එයට සම්බන්ධ කර ගැනීමයි. ඔබ ඉදිරිපත් කරන තොරතුරු ඔවුන්ට අත්‍යවශ්‍ය බවත්, එය ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ බවත්, අවබෝධ කර ගැනීමට සලස්වන්න. මෙසේ කිරීම සඳහා ඔබ අසන්නන්ගේ මට්ටමේ සිට ආරම්භ කළ යුතු ය. ඔබ පවසන දෙය අසන්නන්ගේ සාමාන්‍ය දැනුම තුළ තිබිය යුතු දෙයක් බව මින් අදහස් කෙරේ. එය උපමාවක් හෝ ගැටලුවක් හෝ ප්‍රශ්න මාලාවක් හෝ විය හැකි ය. කුමක් වුවත්, එය ඔබේ අසන්නන් විසින් වටහා ගෙන තමන්ට ම අදාළ කර ගත හැකි සුපුරුදු දෙයක් විය යුතු ය.
3 ඇතැම් අවස්ථාවල දී, ඔබේ හැඳින්වීමෙන්, අගතිය බිඳ දැමීමට අවශ්‍ය විය හැකි ය. මෙය විශේෂයෙන් ම සැබෑ වන්නේ සාකච්ඡා කරනු ලබන විෂය දැඩි මතභේදාත්මක එකක් වූ විට ය. එවැනි අවස්ථාවල දී ඔබේ කරුණු සනාථ කරන තර්ක සම්පූර්ණයෙන් ම ඉදිරිපත් කරන තෙක් ඔබේ අසන්නන්ගේ අවධානය රඳවා ගැනීමට ඔබේ හැඳින්වීම සමත් විය යුතු ය. බොහෝ විට ගෙයින්-ගෙට සේවයේ සාමාන්‍යයෙන් ඉදිරිපත් වන විරෝධතා ප්‍රථමයෙන් උපායශීලී ව සඳහන් කොට, ඉන් පසු ඔබ සාකච්ඡා කරන්නට යන කරුණු ඉදිරිපත් කළ හැක.
4-6. අපේ හැඳින්වීම් උනන්දුව අවදි කරවන සුලු එකක් කර ගැනීමට උපකාර වන අනෙකුත් සාධක මොනවා ද?
4 ඔබ කියන දෙය නිතර ම මූලික වැදගත්කමක් ගනියි. එහෙත් ඔබේ හැඳින්වීම තුළින් උනන්දුව අවදි කරවීමට නම් ඔබ කියන්නේ කෙස් ද කියන එක කථාවේ අන් කිසි ම කොටසකට වඩා මෙහි දී වැදගත් තැනක් ගන්නවාට නිසැක ය. මේ හේතුවෙන් ඔබේ හැඳින්වීමෙන් ඔබ කියන්නට යන දේ කුමක් ද යන්න ගැන පමණක් නොව ඔබ එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන ද සැලකිලිමත් පෙර සූදානමක් අවශ්‍ය ය.
5 සාමාන්‍යයෙන්, ඔබේ හඳින්වීමේ අරමුණ ඉටු කර ගැනීමට කෙටි, සරල වාක්‍යය වඩා යෝග්‍ය ය. හැඳින්වීම සඳහා ලැබෙන කෙටි කාලය තුළ දී ඔබේ අරමුණ ඉටු කර ගැනීමට වාග් වරණය ඉතා වැදගත් වන නිසා ඔබ කියන්නට යන පළමුවන වගන්ති දෙක හෝ තුන ඉතා ප්‍රවේසමෙන් සූදානම් කර ගැනීම ඔබට ප්‍රයෝජනවත් විය හැකි ය. ඔබට කියවන්නට හැකි වන පරිදි ඔබේ සටහන්වල ඒවා ලියා ගන්න, එසේ නැත්නම්, අවශ්‍ය හා සුදුසු ප්‍රමාණයට ඔබේ ආරම්භක වචන බලපෑමෙන් යුක්ත ව කීමට හැකි වන පරිදි ඒවා කට පාඩම් කර ගන්න. එපමණක් නොව මෙසේ කිරීමෙන් ආරම්භයේ දී ම ඔබට ආත්ම විශ්වාසයක් ද හිටිවන ආකාරයෙන් කථාව පවත්වා ගෙන යාමට අවශ්‍ය සන්සුන්භාවය ලබා ගැනීමේ අවස්ථාව ද ලැබෙනු ඇත.
6 ඔබගේ හැඳින්වීම ඉදිරිපත් කිරීම පිළිබඳ ව තවත් වචන ස්වල්පයක් පවසනවා නම්, මෙම කථික ගුණාංගය සම්බන්ධයෙන් ඔබගේ උපදේශක මෙම කරුණු සැලකිල්ලට නොගනු ඇත. ඔබට සබකෝලයක් හෝ ලැජ්ජාවක් පහළ වුවහොත් ඔබේ වේගය අඩු කොට පහත් ස්වරයෙන් කථා කරන්න. ආත්ම විශ්වාසයෙන් යුක්ත ව කථා කරන්න, එහෙත්, දැඩි මතධාරියෙක් යන හැඟීම දීමෙන් වළකින්න. එවැනි ස්වභාවයක් පෙන්නුම් කිරීමෙන් මුල දී ම ඔබේ සවන් දෙන්නන් ඈත් වීමටත් කලකිරීමටත් ඉඩ තිබේ.
7. ඔබේ හැඳින්වීම ඔබ සූදානම් කළ යුත්තේ කිනම් අවස්ථාවේ ද?
7 කථාවක හැඳින්වීම ප්‍රථමයෙන් ඉදිරිපත් කරනු ලැබුවත් එය ඉතාමත් සඵල ලෙස සූදානම් කළ හැක්කේ කථාවේ ශරීරය හොඳින් සංවිධානය කළායින් පසු ව ය. මෙසේ කිරීමෙන් ඔබ සූදානම් කළ කරුණු සුදුසු ලෙස හඳුන්වාදීමට හොඳ ම ක්‍රමය කුමක් දැයි දැනගැනීමට හැකි වේ.
**********
8-10. අපේ හැඳින්වීම් තේමාවට ගැළපෙන ලෙස සකස් කර ගත හැක්කේ කෙසේද?
8 තේමාවට ගැළපෙන හැඳින්වීම. ඔබේ හැඳින්වීම, විෂයට සඵල ලෙස මඟ පෙන්වන්නේ එය තේමාවට ගැළපෙනවා නම් පමණි. ඔබේ කථාවේ අරමුණට දායක වන කරුණු පමණක් හැඳින්වීමේ සඳහන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු ය. එය රාජ්‍යය පණිවුඩයේ උදාරත්වයට ගැළපෙන පරිදිත් සභාවේ සිටින අමුත්තන්ගේ සිත් නොරිදවන ආකාරයකින් සකස් විය යුතු බවත් නොකිවමනා ය.
9 ඔබේ හැඳින්වීම මඟ පෙන්විය යුත්තේ ඔබ සාකච්ඡා කරන්ට යන විෂයට පමණක් නොව, ඊට අමතර ව, ඔබ කියන්නට යන කරුණුවල විශේෂ අංගය පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට ද එය සමත් විය යුතු ය. මේ නිසා ඔබේ විෂය සුවිශේෂ තේමාවකට සීමා කිරීමටත් යම් ආකාරයකින් එම තේමාව ඔබේ හැඳින්වීම තුළ පෙන්නුම් කිරීමටත් අවශ්‍ය වේ. ඔබ ඔබේ තේමාව විශේෂයෙන් සඳහන් නොකළත් ඇතැම් අවස්ථාවල දි ප්‍රධාන වචන හෝ තේමා වචන හැඳින්වීමේ දී සඳහන් කළ හැකි ය. මේ ආකාරයෙන් විෂය පිළිබඳ ව ඔබේ කථාවේ මාතෘකාවෙන් ඇඟවිය හැකි, වෙන යම් කරුණු සාකච්ඡා කරනු ඇතැයි බලාපොරොත්තු වීමට ඔබේ අසන්නන්ට ඉඩක් නැත.
10 සියලු ම කථාවල ඒකාබද්ධතාවය තිබිය යුතුයි, එනම් එක් දෙයකින් ආරම්භ කොට තවත් දෙයකින් අවසන් නොකළ යුතු ය. මීට අමතර ව, තේමාවට ගැළපෙන හැඳින්වීම සමඟ උනන්දුව ඇති කරවන හැඳින්වීම තුලනය විය යුතු ය. වෙනත් වචනවලින් කිවහොත් ආරම්භයේ දී ම රසවත් කථාවක් නිසා තේමාව පරිත්‍යාග නොකළ යුතු ය. ඔබ තෝරා ගන්නා කරුණු පාලනය විය යුත්තේ ඔබේ කථාවේ අරමුණෙන් ය. එමෙන් ම ඔබ තෝරා ගන්නා හැඳින්වීම ඔබේ කථාවේ ශරීරය සමඟ ගැළපිය යුතුයි, එමෙන් ම අනුසන්ධාන විය යුතු ය.
**********
11-14. හැඳින්වීම සුදුසු ප්‍රමාණයෙන් යුත් එකක් ද කියා අපට තීරණය කළ හැක්කේ කුමන ආකාරයෙන් ද?
11 සුදුසු ප්‍රමාණයෙන් යුත් හැඳින්වීම. හැඳින්වීම කොපමණ දීර්ඝ විය යුතු ද? සෑම අවස්ථාවකට ම ගැළපෙන සුවිශේෂ පිළිතුරක් නැත. හැඳින්වීමේ ප්‍රමාණය තීරණය වන්නේ විෂය සඳහා වෙන් කර ඇති කාලය, කථාවේ අරමුණ, සම්බන්ධ වන අසන්නන් පිරිස ආදී වෙනත් කරුණු බොහොමයකින් ය.
12 ඇත්ත වශයෙන් ම, කථාව කොපමණ අඛණ්ඩ විය යුතු ද කිවහොත් අසන්නාට එම කථාවේ හැඳින්වීම සහ ශරීරය අතර වෙනසක් දැකීමට නොහැකි විය යුතු ය. ඔබේ කථික උපදෙස් පත්‍රිකාවේ සඳහන් මෙම ගුණය ගැන උපදෙස් දීමේ දී උපදේශකයාට තිබෙන ගැටලුව මෙයයි. සෑම ශිෂ්‍යයෙක් ම තමන්ගේ කථාව පටන් ගන්නා විට, යම් ආරම්භක කරුණු කිහිපයක් සඳහන් කරයි. එහෙත්, උපදේශකයා මේ කාරණය ගැන උනන්දුව දක්වයි: එනම් ඔබේ හැඳින්වීම කොපමණ වැල්වටාරම් සහිත දීර්ඝ විස්තරයක් ද කිවහොත් ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන තර්කවලට පැමිණෙන්නටත් කලින් ඔබට සවන්දෙන්නන් නොසන්සුන් වනවා ද?
13 ඔබේ හැඳින්වීම උනන්දුව ඇති කර වන ගුණාංග කැප නොකොට ස්ථිර ව ක්‍රමානුකූල ව අදහස්වල වේගවත් අනුක්‍රමිකතාවයකින් යුක්ත ව විෂයට පිවිසිය යුතු ය. එය හිඩැස් නැති අංග සම්පූර්ණ එකක් විය යුතු ය. මේ සඳහා සුපරීක්ෂාකාරී විය යුතු ය. මක්නිසා ද ඔබේ හැඳින්වීම දීර්ඝ, සවිස්තර, පැහැදිලි කිරීමක් අවශ්‍ය වන තරමට මාතෘකාවෙන් ඈත් වී ඇත්නම්, එවිට ඔබේ හැඳින්වීම සංශෝධනය කිරීමත්, නව ආරම්භක කරුණක් යොදා ගැනීමත් වඩා සුදුසු වනු ඇත.
14 හැඳින්වීමත් කථාවේ ශරීරයත් අතර කැපී පෙනෙන වෙනසක් දැක ගැනීම අපහසු නම්, බොහෝ විට ඔබේ හැඳින්වීම සුදුසු ප්‍රමාණයෙන් යුත් එකක් වීමට ඉඩ තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ අසන්නන්ට කොපමණ හොඳින් කරුණු ඉදිරිපත් කර ඇත් ද කිවහොත්, නොදැනුවත් ව ම ඔවුන් ඔබේ තර්කවලට සවන් දෙමින් සිටින බවයි. අනික් අතට, ඔබ කාරණාවලට පිවිසෙන්නේ කුමන අවස්ථාවක දී දැයි ඔවුන් බලා සිටින්නේ නම් ඔබේ හැඳින්වීම ප්‍රමාණයට වඩා දීර්ඝ බව ස්ථිර වශයෙන් ම කිව හැක. මෙම දුර්වලතාවය විශේෂයෙන් ම කැපී පෙනෙන්නේ ගෙයින්-ගෙට දේශනා සේවයෙහි දී ය, ඊට හේතුව ගෙයින්-ගෙට යාමේ දී ඔබේ හැඳින්වීමේ ප්‍රමාණයන් එකිනෙකට වෙනස් කිරීමට අවශ්‍ය වීම ය.
15, 16. කථාව, කථා මාලාවක කොටසක් නම් එහි හැඳින්වීම කොපමණ දීර්ඝ විය යුතු ද?
15 සමහර විට වැඩසටහනේ තිබෙන්නේ ඔබේ කථාව පමණක් විය හැක, එසේ නැතිනම් ඔබේ කථාව ශිෂ්‍ය කථාවක් විය හැක, එවැනි අවස්ථාවල දී ඔබ යොදා ගන්නා හැඳින්වීම වෙනත් අවස්ථාවලට වඩා දීර්ඝ එකක් විය හැකි ය. එහෙත්, ඔබේ කථාව කථා මාලාවක හෝ සේවා රැස්වීමක එක් අංගයක් පමණක් වූ විට ඔබ යොදා ගන්නා හැඳින්වීම කෙටි, මාතෘකාවට කෙළින් ම අදාළ එකක් විය හැකි ය. ඊට හේතුව ඔබේ කථාව දැනටමත් හඳුන්වා දී ඇති, ඒකාබද්ධ වැඩසටහනක එක අංගයක් පමණක් වීමයි. දීර්ඝ පැටලිලි සහිත හැඳින්වීම් යොදා ගැනීමෙන් වටිනා කාලය අනවශ්‍ය ලෙස ගත වේ. ඔබ ඉදිරිපත් කරන්නට යන අදහස් ගෙන හැර දක්වන්නේ කථාවේ ශරීරයෙන් ය.
16 සාරාංශයක් වශයෙන් කිවහොත්, ඔබේ හැඳින්වීමේ අරමුණ වන්නේ සම්බන්ධය පිහිටුවීමටත්, උනන්දුව අවදි කිරීමටත්, ඔබ සාකච්ඡා කරන්නට යන විෂයට මඟ පෑදීමටත් ය. හැකි තරම් ඉක්මනින් මේ කාර්යය ඉටු කිරීමෙන් පසු ඔබේ විෂයේ සැබෑ හරයට බසින්න.