ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 6
  • හොඳ පුතෙක් හා නරක පුතෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ පුතෙක් හා නරක පුතෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • වෙනස් ආකල්පයන් ඇති කරගත් සහෝදරයෝ
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කේන්තිය හරිම භයානකයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවාට පිළිගත හැකි පූජා ඔප්පු කිරීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔහුගේ විශ්වාසය තවමත් කතා කරයි’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 6
යෙහෝවාට තෑග්ගක් විදිහට කායින් එළවළු ගෙනාවා. ආබෙල් බැටළුවෙක්ව ගෙනාවා

කතන්දර 6

හොඳ පුතෙක් හා නරක පුතෙක්

කායින් හා ආබෙල් දිහා බලන්න. ඒ දෙන්නාම දැන් ලොකු වෙලා. කායින් දැන් ගොවියෙක්. එයා ධාන්‍ය, පලතුරු, ඒ වගේම එළවළු වගා කරනවා.

ආබෙල් බැටළුවන් බලාගන්න කෙනෙක්. පුංචි බැටළු පැටව් බලාගන්න එයා හරිම ආසයි. උන් ටික ටික ලොකු වෙනවා. ඉතින් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ආබෙල්ට බලාගන්න බැටළු රැළක්ම ඉන්නවා.

දවසක්දා කායින් හා ආබෙල් දෙවිට තෑග්ගක් ගේනවා. කායින්, එයා වගා කරපු එළවළු ටිකක් අරන් එනවා. ආබෙල් අරන් එන්නේ එයා ළඟ ඉන්න හොඳම බැටළුවාවයි. ආබෙල් ගැනත් එයාගේ තෑග්ග ගැනත් යෙහෝවට හරිම සන්තෝෂයි. ඒ වුණාට කායින් ගැනවත් එයාගේ තෑග්ග ගැනවත් ඔහු සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

ආබෙල්ගේ තෑග්ග කායින්ගේ එකට වඩා හොඳ නිසාම නෙමෙයි. නමුත් ආබෙල් හොඳ මිනිසෙක් නිසයි. එයා යෙහෝවාටත් එයාගේ අයියාටත් ආදරෙයි. හැබැයි කායින් නරකයි. එයා, එයාගේ මල්ලිට ආදරේ නැහැ.

කායින් ආබෙල්ව මරලා එතනින් පිට වෙලා යනවා

මේ නිසා, දෙවි කායින්ට කියනවා, එයාගේ හැසිරීම වෙනස් කරගන්න අවශ්‍යමයි කියලා. නමුත් කායින් ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙවි එයාට වඩා ආබෙල්ට කැමති වුණ නිසා, එයා ඉන්නේ හරිම තරහෙන්. ඉතින් කායින් ආබෙල්ට කියනවා, ‘අපි කෙතට යං’ කියලා. ඒගොල්ලන් තනියෙන් ඉන්නකොට, කායින් එයාගේ මල්ලිට, මැරෙන තරමටම හයියෙන් ගහනවා. කායින් මෙහෙම කරන එක හරිම නරකයි නේද?

ආබෙල් මැරුණත්, දෙවිට තාමත් එයාව මතකයි. ආබෙල් හොඳ මිනිසෙක්. යෙහෝවා ඒ වගේ අයව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ නිසා, කවදාහරි යෙහෝවා දෙවි ආබෙල්ව ආයෙත් ජීවත් කරාවි. ඒ කාලෙදී, ආබෙල්ට ආයේ කවදාවත්ම මැරෙන්න වෙන්නේ නැහැ. මේ පොළොවේ සදාකාලයටම ජීවත් වන්න එයාට පුළුවන් වේවි. ආබෙල් වගේ අයව අඳුනගන්න පුළුවන් වෙන එක හොඳයි නේද?

නමුත් දෙවි, කායින් වගේ හැසිරෙන අයට කැමති නැහැ. ඉතින් කායින් එයාගේ මල්ලිව මරපු නිසා දෙවි එයාට දඬුවම් කරනවා. ඒ දඬුවම තමයි එයාව එයාගේ පවුලෙන් ඈත් කරන එක. කායින් පොළොවේ වෙන තැනක ජීවත් වෙන්න යද්දී, එයා එයාගේ නංගි කෙනෙක්වත් අරන් යනවා. ඊට පස්සේ, ඇය එයාගේ භාර්යාව වෙනවා.

කාලයකට පස්සේ, කායින්ටයි එයාගේ භාර්යාවටයි ළමයි ලැබෙනවා. ආදම් හා ඒවගේ අනිත් ළමයිනුත් විවාහ වෙලා. ඒගොල්ලන්ටත් ළමයි ලැබෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා පොළොවේ මිනිස්සු ගොඩයි. ඒගොල්ලන්ගෙන් සමහර අය ගැන අපි දැන් ඉගෙනගමුද?

උත්පත්ති 4:2-26; 1 යොහන් 3:11, 12; යොහන් 11:25.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න