ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 7
  • නිර්භීත මිනිසෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත මිනිසෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ‘ඔහු දෙවිව සතුටු කළා’
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • ඒනොක් සියලු අවාසි හමුවේ නිර්භයව
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අභක්තික ලොවක දෙවි හා පා නැඟූ ඒනොක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කැලඹිලි සහිත මේ කාලයේදී දෙවි සමඟ ගමන් කරන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 7
ඒනොක්

කතන්දර 7

නිර්භීත මිනිසෙක්

පොළොවේ මිනිසුන්ගේ ගණන වැඩි වෙන්න වැඩි වෙන්න, ඒගොල්ලන්ගෙන් ගොඩක්දෙනෙක්, කායින් වගේ නරක දේවල් කරන්න පටන්ගත්තා. ඒ වුණාට එක මිනිසෙක් අනික් අයට වඩා වෙනස්. එයාගේ නම ඒනොක්. ඒනොක් නිර්භීත මිනිසෙක්. නරක දේවල් කරන මිනිස්සුන්ගෙන් ඒනොක් වට වෙලා හිටියත් එයා දිගටම දෙවිට සේවය කළා.

ඒනොක්ගේ කාලේ හිටපු නපුරු කෙනෙක් තවත් කෙනෙක්ව මරලා දාලා යනවා

ඒ කාලයේ හිටපු මිනිස්සු මෙච්චර නරක වැඩ කෙරුවේ ඇයි කියලා ඔයා දන්නවාද? ටිකක් හිතන්න. දෙවිට අකීකරු වෙලා දෙවි කන්න එපා කියපු ගෙඩිය කන්න කියලා ආදම් හා ඒවට කිව්වේ කව්ද? ඔව්, ඒ නරක දේවදූතයෙක්. බයිබලයේ එයාට කියන්නේ සාතන් කියලයි. එයා හැමෝවම නරක් කරන්නයි හදන්නේ.

දවසක්, යෙහෝවා දෙවි ඒනොක්ට කිව්වා, ඒ මිනිස්සු අහන්න අකමැති දෙයක් ඒ අයට කියන්න කියලා. ඒ තමයි ‘දෙවි කවදාහරි නරක මිනිස්සු හැමෝවම විනාශ කරන්න යනවා’ කියන එක. මේක අහපු මිනිස්සුන්ට ගොඩක් තරහ යන්න ඇති. ඒනොක්ව මරන්නත් හදන්න ඇති. ඒ නිසා, දෙවි කරන්න යන දේ ගැන මිනිස්සුන්ට කියන්න, ඒනොක්ට හුඟක් නිර්භීතකම අවශ්‍ය වුණා.

ඒනොක්ගේ කාලේ හිටපු මිනිස්සු නරක විදිහට ජීවත් වුණේ

ඒ නරක මිනිස්සු එක්ක වැඩි කාලයක් ජීවත් වෙන්න, දෙවි ඒනොක්ට ඉඩ දුන්නේ නැහැ. ඒනොක් ජීවත් වුණේ අවුරුදු තුන්සිය හැටපහක් විතරයි. “අවුරුදු තුන්සිය හැටපහක් විතරයි!” ඒ කාලයේ ජීවත් වුණ මිනිස්සු අද ඉන්න මිනිස්සුන්ට වඩා ශක්තිමත් නිසා, ඒගොල්ලන් හුඟ කාලයක් ජීවත් වුණා. ඒනොක්ගේ පුතා මෙතුසෙලා අවුරුදු නවසිය හැටනවයක් ජීවත් වුණා!

ඒනොක් මැරුණාට පස්සේ, මිනිස්සු තවත් නරක අතට හැරුණා. ‘ඒගොල්ලන් හිතපු හැම දේම නරකයි’ කියලත්, ‘කලබලවලින් පොළොව පිරුණා’ කියලත් බයිබලයේ කියනවා.

ඒ කාලයේ පොළොවේ මෙච්චර කරදර තියෙන්න එක හේතුවක් ඔයා දන්නවාද? මිනිස්සුන්ව නරක පැත්තට හරවන්න, සාතන්ට අලුත් ක්‍රමයක් තිබුණ නිසයි. අපි ඊළඟට, මේ ගැන ඉගෙනගමු.

උත්පත්ති 5:21-24, 27; 6:5; හෙබ්‍රෙව් 11:5; යූද් 14, 15.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න