ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 28
  • ළදරු මෝසෙස් බේරුණ හැටි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළදරු මෝසෙස් බේරුණ හැටි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 28
මෝසෙස්ගේ අක්කා මිරියාම් ඵාරාවෝගේ දුවත් එක්ක කතා කරනවා

කතන්දර 28

ළදරු මෝසෙස් බේරුණ හැටි

බලන්න මේ ස්ත්‍රියගේ ඇඟිල්ල අල්ලගෙන අඬන පුංචි දරුවා දිහා. මේ තමයි මෝසෙස්. මේ ලස්සන ස්ත්‍රිය කවුද කියලා ඔයා දන්නවාද? ඇය ඊජිප්තුවේ කුමාරියක්. ඵාරාවෝගේම දුව.

මෝසෙස්ගේ අම්මා ඇගේ දරුවාව ඊජිප්තුවරුන්ට මරන්න ඉඩ දෙන්න කැමති වුණේ නැහැ. ඉතින් දරුවට මාස තුනක් වෙනකම් එයාව හංගගෙන හිටියා. ඒ වුණාට ඇය දැනගත්තා ඒගොල්ලන් කවදාහරි මෝසෙස්ව හොයාගනී කියලා. ඉතින් දරුවාගේ ජීවිතය බේරන්න ඇය කළේ මෙයයි.

පන් පෙට්ටියක් අරගෙන, ඒක ඇතුලට වතුර යන්නේ නැති වෙන විදිහට හැදුවා. ඊට පස්සේ ඇය මෝසෙස්ව ඒක ඇතුලට දාලා, මේ පන් පෙට්ටිය නයිල් ගං ඉවුර ළඟ උස බට ගස් අතර තිබ්බා. මෝසෙස්ගේ අක්කාට ඒ කියන්නේ මිරියාම්ට කිව්වා ළඟපාතක ඉඳලා වෙන්නේ මොනවද කියල බලන් ඉන්න.

පන් පෙට්ටියේ අඬඅඬ ඉන්න පුංචි මෝසෙස්

ටික වේලාවකට පස්සේ, ඵාරාවෝගේ දුව ආවා නයිල් ගඟේ නාන්න. එකපාරටම ඇය දැක්කා උස බට ගස් අතරේ තියෙන ඒ පන් පෙට්ටිය. ඇගේ සේවිකාවකට කතා කරලා ඇය කිව්වා ‘යන්න. ගිහින් අර පන් පෙට්ටිය අරං එන්න’ කියලා. කුමරිය පෙට්ටිය අරිද්දී හරිම ලස්සන දරුවෙක්වයි ඇය දැක්කේ! පුංචි මෝසෙස් අඬ අඬ හිටපු නිසා කුමරියට දුක හිතුණා. එයාව මරලා දානවාට ඇය කැමති වුණේ නැහැ.

එතකොට මිරියාම් එතැනට ආවා. ඔයාට පින්තූරයේ ඇයව පේනවා නේද? මිරියාම් ඵාරාවෝගේ දුවගෙන් ඇහුවා ‘මේ දරුවාට කිරි දෙන්න ඉශ්‍රායෙල් ජාතියේ ස්ත්‍රියක් මම එක් කරගෙන එන්නද?’ කියලා.

‘අනේ, කරුණාකරලා එහෙම කරන්න’ කියලා කුමරිය කිව්වා.

ඉතින් මිරියාම් ඉක්මනට දිව්වා අම්මාට මේක කියන්න. මෝසෙස්ගේ අම්මා කුමරිය හමු වෙන්න ආවාම, කුමරිය කිව්වා ‘මේ දරුවාට කිරි දෙන්න. මම ඔයාට කුලියක් ගෙවන්නං’ කියලා.

ඉතින් මෝසෙස්ගේ අම්මා ඇගේම දරුවාව බලාගත්තා. ඊට පස්සේ මෝසෙස් තරමක් ලොකු වුණාම එයාව ඵාරාවෝගේ දුවට භාර දුන්නා. ඇගේම පුතා හැටියට මෝසෙස්ව ඇය හදාගත්තා. එහෙම තමයි මෝසෙස් ඵාරාවෝගේ ගෙදර වැඩුණේ.

නික්මයාම 2:1-10.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න