ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 17 පාඩම 46 පි.-47 පි. 2 ¶
  • මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ළදරු මෝසෙස් බේරුණ හැටි
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙමාපියන්ගේ ඇදහිල්ලට විපාක ලැබේ
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 17 පාඩම 46 පි.-47 පි. 2 ¶
පාරාවෝගේ දුව පුංචි මෝසෙස්ව ගද්දී මිරියම් ඒ දිහා බලන් ඉන්නවා

17වෙනි පාඩම

මෝසෙස් යෙහෝවාට සේවය කරන්න තෝරගත්තා

ඊජිප්තුවේ මිනිස්සු යාකොබ්ගේ පවුලේ අයට කිව්වේ ඊශ්‍රායෙල්වරු කියලයි. කාලයක් යද්දී යාකොබ් සහ යෝසෙප් මැරුණා. ඊටපස්සේ ඊජිප්තුවේ රජ වුණේ වෙන පාරාවෝ කෙනෙක්. ඊශ්‍රායෙල්වරු බලවත් ජාතියක් වෙයි කියලා එයා බය වුණා. ඒ නිසා පාරාවෝ එයාලව වහලුන් කරගෙන එයාලට කියලා ගඩොල් හදාගත්තා. වතුවල වැඩට දැම්මා. එච්චර දේවල් කරලත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ තව තවත් වැඩි වුණා. ඒ ගැන කේන්තියෙන් හිටපු පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කිව්වා. ඊශ්‍රායෙල්වරු කොච්චර බය වෙන්න ඇද්ද!

යොකෙබෙද් කියන ඊශ්‍රායෙල් කාන්තාවට ලස්සන පුතෙක් ඉපදුණා. එයාව ආරක්ෂා කරන්න ඒ අම්මා එයාව කූඩෙක දාලා නයිල් ගඟ ළඟ තිබුණු බට පඳුරු අස්සේ හැංගුවා. දරුවාගේ අක්කා මිරියම් ළඟ ඉඳන් වෙන දේ බලාගෙන හිටියා.

පාරාවෝගේ දුව ගඟේ නාන්න ආවා. එයා කූඩේ දැකලා ඒක ඇරලා බලද්දී පුංචි පුතෙක් අඬඅඬ ඉන්නවා දැකලා එයාට දුක හිතුණා. එතකොටම මිරියම් ඇවිත් ඇහුවා ‘දරුවාට කිරි දෙන්න අම්මා කෙනෙක් හොයාගෙන එන්නද’ කියලා. පාරාවෝගේ දුව හා කිව්වා. මිරියම් දුවගෙන ගිහින් එයාගෙම අම්මාව එක්කන් ආවා. පාරාවෝගේ දුව එයාට කිව්වා ‘දරුවාව අරන් ගිහින් කිරි දීලා බලාගන්න. මං ඔයාට සල්ලි දෙන්නම්’ කියලා.

මෝසෙස් දුවනවා

දරුවා ටිකක් ලොකු වුණාම යොකෙබෙද් එයාව පාරාවෝගේ දුවට දුන්නා. එයා දරුවාට මෝසෙස් කියන නම තියලා එයාගෙම පුතෙක් වගේ බලාගත්තා. ඊජිප්තුවේ කුමාරයෙක් විදිහට හැදුණත් මෝසෙස්ට යෙහෝවාව අමතක වුණේ නැහැ. එයා තෝරගත්තේ යෙහෝවාට සේවය කරන්න.

වයස 40ක් වුණාම මෝසෙස් තීරණය කළා එයාගේ සෙනඟට උදව් කරන්න. ඊජිප්තු ජාතිකයෙක් ඊශ්‍රායෙල් වහලෙක්ට ගහනවා දැකලා මෝසෙස් ඊජිප්තුවේ කෙනාට ගහලා මැරුවා. පස්සේ එයාව වැලි යට හැංගුවා. පාරාවෝ ඒක දැනගෙන මෝසෙස්ව මරන්න හදද්දී මෝසෙස් මිදියන් දේශයට පැනලා ගියා. එහෙදී යෙහෝවා එයාව බලාගත්තා.

‘මෝසෙස්ට තිබුණ විශ්වාසය නිසා පාරාවෝගේ දුවගේ පුතා කියලා එයාව හඳුන්වනවාට එයා කැමති වුණේ නැහැ. දෙවියන්ගේ සෙනඟ එක්ක දුක් විඳින්න එයා තෝරගත්තා.’—හෙබ්‍රෙව් 11:24, 25

ප්‍රශ්න: ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවේදී සැලකුවේ කොහොමද? මෝසෙස් ඊජිප්තුවෙන් පැනලා ගියේ ඇයි?

උත්පත්ති 49:33; නික්මයාම 1:1-14, 22; 2:1-15; ක්‍රියා 7:17-29; හෙබ්‍රෙව් 11:23-27

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න