ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 42
  • බූරුවෙක් කතා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බූරුවෙක් කතා කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • බූරුවෙක් කතා කරයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • බූරුවා නැතුවම බැරි සම්පතක්
    2006 පිබිදෙව්!
  • යේසුස් රජෙකු මෙන් එයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ගණන් කතාව පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 42
දේවදූතයා පාර හරස් කරගෙන ඉන්න නිසා බූරුවා බාලාම්ට කතා කරනවා

කතන්දර 42

බූරුවෙක් කතා කරයි

බූරුවෙක් කතා කෙරුවා කියලා ඔයා කවදාහරි අහලා තියෙනවාද? ‘මොනවා! සතුන්ට කතා කරන්න බැහැනේ’ කියලා ඔයා කියයි. හැබැයි කතා කෙරුව බූරුවෙක් ගැන බයිබලයේ කියලා තියෙනවා. බලමුද මේක වුණේ කොහොමද කියලා?

දැන් ඉශ්‍රායෙල්වරු කානාන් දේශයට යන්න ඔන්න මෙන්න කියලයි තියෙන්නේ. මෝවබ් දේශයේ රජ ඒ කියන්නේ බාලාක්, ඉශ්‍රායෙල්වරුන්ට භයයි. ඉතින් එයා බාලාම් කියන නුවණැති මිනිසාට කියනවා ඇවිත් ඉශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න කියලා. එහෙම කෙරුවොත් බාලාම්ට සල්ලි ගොඩක් දෙනවා කියලත් බාලාක් පොරොන්දු වෙනවා. ඉතින් බාලාම් එයාගේ බූරුවා පිට නැඟලා බාලාක්ව හමු වෙන්න යනවා.

යෙහෝවා කැමති නැහැ බාලාම් ඔහුගේ සෙනඟට ශාප කරනවට. ඒ හින්දා පාර මැද හිටගෙන බාලාම්ව නවත්වන්න, දිග කඩුවක් එක්ක දේවදූතයෙක්ව ඔහු යවනවා. බාලාම්ට දේවදූතයාව පේන්නේ නැහැ. ඒ වුණාට එයාගේ බූරුවාට පේනවා. ඉතින් බූරුවා හදනවා දේවදූතයාගෙන් අයින් වෙන්න. බැරි වෙන කොට අන්තිමේදී ඌ පාරේ ඉඳගන්නවා. බාලාම්ට ගොඩක් තරහ ගිහින් එයා කෝටුවකින් බූරුවාට හොඳටම තළනවා.

එතකොට යෙහෝවා බාලාම්ට එයාගේ බූරුවා කතා කරනවා වගේ ඇහෙන්න සලසනවා. ‘ඇයි මට මෙහෙම ගහන්නේ, මම ඔයාට කරපු වරද මොකක්ද’ කියලා බූරුවා අහනවා.

‘මම මෝඩයෙක් කියලා පෙන්නන්නනේ මේ හදන්නේ. මං ළඟ කඩුවක් තිබුණා නම් මම උඹව මරනවා’ කියලා බාලාම් කියනවා.

‘මම මීට ඉස්සෙල්ලා කවදාවත් ඔයාට මෙහෙම සලකලා තියෙනවාද’ කියලා බූරුවා අහනවා.

‘නැහැ’ කියලා බාලාම් උත්තර දෙනවා.

එතකොට යෙහෝවා කඩුව අරන් පාර මැද ඉන්න දේවදූතයාව බාලාම්ට පෙනෙන්න සලස්වනවා. දේවදූතයා කියනවා: ‘ඇයි ඔයා ඔයාගේ බූරුවාට ගැහුවේ? ඔයා ඉශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න යන නිසා ඒක නවත්වන්නයි මම ඇවිල්ලා ඉන්නේ. ඔයාගේ බූරුවා මගෙන් අයින් වුණේ නැත්නම්, තව ටිකෙන් මම ඔයාව මරලා දාන්න තිබුණා. ඒ වුණාට මම ඔයාගේ බූරුවාට තුවාල කරන්නේ නැහැ.’

එතකොට බාලාම් කියනවා: ‘මම වරදක් කළා. මම දැනගන හිටියේ නැහැ ඔබ පාර මැද ඉන්නවා කියලා.’ දේවදූතයා බාලාම්ට යන්න ඉඩ දෙනවා. බාලාම් යනවා බාලාක්ව හමු වෙන්න. ඔහු තාමත් හදන්නේ ඉශ්‍රායෙල්වරුන්ට ශාප කරන්නයි. ඒ වෙනුවට, ඉශ්‍රායෙල්වරුන්ට තුන් වරක් ආශීර්වාද කරන්න යෙහෝවා එයාව පාවිච්චි කරනවා.

ගණන් කථාව 21:21-35; 22:1-40; 23:1-30; 24:1-25.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න