ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 49
  • ඉර නවතියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉර නවතියි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යොෂුවා සහ ගිබියොන්වරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 49
ඉර නවතින්න කියලා යොෂුවා ඉල්ලනවාl

කතන්දර 49

ඉර නවතියි

යෝෂුවා දිහා බලන්න. එයා කියන්නේ ‘ඉර, නවතින්න!’ කියලයි. ඉර ඇත්තටම නවතිනවා. මුළු දවසක්ම ඒක අහස මැද නැවතිලා තියෙනවා. යෙහෝවායි මෙහෙම වෙන්න සලස්වන්නේ! ඒ වුණාට ඉර දිගටම පායන්න යෝෂුවාට ඕන කළේ ඇයි කියලා බලමු.

කානාන් දේශයේ ඉන්න නරක රජවරු පස්දෙනා ගිබියොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න පටන්ගන්නවා. එතකොට ගිබියොන්වරු මිනිසෙක්ව යවනවා යෝෂුවාගෙන් උදව් ඉල්ලන්න. ‘ඉක්මනට එන්න! අපව බේරගන්න! ඔයාගේ වැඩකාරයන්ට විරුද්ධව යුද්ධ කරන්න කඳු රටේ හැම රජ කෙනෙක්ම ඇවිත්’ කියලා එයා කියනවා.

ඒ මොහොතේම යෝෂුවා එයාගේ යුද්ධ භටයන් හැමෝම එක්ක යනවා. මුළු රෑ පුරාම ඒගොල්ලො ගමන් කරනවා. ගිබියොන් දේශයට ආවාම, අර රජවරු පස්දෙනාගේ යුද්ධ භටයන් භය වෙලා දුවන්න පටන්ගන්නවා. එතකොට යෙහෝවා අහසෙන් ලොකු ගල් වැස්සක් වස්සවනවා. යෝෂුවාගේ යුද්ධ භටයන් අතින් මැරෙන අයට වඩා වැඩිදෙනෙක් මේ ගල් වැස්සෙන් මැරෙනවා.

යෝෂුවාට තේරෙනවා දැන් තව ටිකකින් ඉර බහින්නයි යන්නේ කියලා. රෑ වුණාම, නරක රජවරු පස්දෙනාගේ යුද්ධ භටයින්ගෙන් හුඟදෙනෙක් පැනලා යන්න පුළුවන්. ඒ නිසයි යෝෂුවා යෙහෝවාට යාච්ඤා කරලා, ‘ඉර, නවතින්න!’ කියලා කියන්නේ. ඉර පායලා තියෙද්දී ඉශ්‍රායෙල්වරුන්ට පුළුවන් වෙනවා යුද්ධයෙන් ජයගන්න.

දෙවිගේ සෙනඟට වෛර කරන තවත් රජවරු හුඟදෙනෙක් කානාන් දේශයේ ඉන්නවා. ඒ දේශයේ රජවරුන් 31දෙනෙක්ව පරාජය කරන්න යෝෂුවාටයි එයාගේ හමුදාවටයි අවුරුදු හයක් විතර ගත වෙනවා. මේක කළාට පස්සේ, ඉන්න තැනක් නැති ගෝත්‍රවලට යෝෂුවා කානාන් දේශය බෙදලා දෙනවා.

අවුරුදු ගානක් ගත වුණාට පස්සේ යෝෂුවා මැරෙනවා. මැරෙනකොට එයාගේ වයස අවුරුදු එකසිය දහයයි. එයයි එයාගේ යාළුවනුයි ජීවත් වෙලා ඉන්න කල් මිනිස්සු යෙහෝවාට කීකරු වෙලා ඉන්නවා. ඒත් මේ හොඳ අය මැරුණාට පස්සේ මිනිස්සු නරක දේවල් කරන්න පටන් අරගෙන කරදරවලට වැටෙනවා. ඒගොල්ලන්ට ඇත්තෙන්ම දෙවිගේ උදව් උපකාර ඕන වෙන්නේ එතකොටයි.

යෝෂුවා 10:6-15; 12:7-24; 14:1-5; විනිශ්චයකාරයන් 2:8-13.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න