31වෙනි පාඩම
යොෂුවා සහ ගිබියොන්වරු
යෙරිකෝවේදී වුණු දේ කානාන්වල අනිත් ජාතීන්ටත් ආරංචි වුණා. ඒ නිසා ඒ රජවරු කතා වුණා ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න ඕනෙ කියලා. ඒත් ගිබියොන්වරු පරණ ඇඳුම් ඇඳගෙන යොෂුවා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘අපි ආවේ හුඟක් දුර ඉඳන්. යෙහෝවා ඊජිප්තුවේදීත් මෝවබ්වලදීත් කරපු දේවල් අපිට ආරංචි වුණා. අනේ, අපිට කරදර කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. අපි ඔයාලට යටත් වෙලා සේවය කරන්නම්.’
යොෂුවා පොරොන්දු වුණා එයාලට කරදර කරන්නේ නැහැ කියලා. හැබැයි දවස් තුනකට පස්සේ එයාලා කානාන් දේශයේ අය කියලා දැනගත්තාම යොෂුවා ඇහුවා ‘ඇයි බොරු කිව්වේ’ කියලා. එතකොට ගිබියොන්වරු මෙහෙම කිව්වා. ‘අපි බය වුණු නිසයි එහෙම කිව්වේ. අනේ, අපිව මරන්න එපා. යෙහෝවා දෙවියන් ඔයාලා වෙනුවෙන් සටන් කරනවා කියලා අපි දන්නවා.’ පොරොන්දු වුණු විදිහටම යොෂුවා එයාලට කරදරයක් කළේ නැහැ.
කානාන් දේශයේ රජවරු පස්දෙනෙක් ගිබියොන්වරු එක්ක සටනට එන්න යනවා කියලා දැනගත්තාම යොෂුවා එයාගේ හමුදාවත් එක්ක ගිබියොන්වරුන්ව බේරගන්න ගියා. පහුවෙනිදා උදෙන්ම එයාලා සටන පටන්ගත්තාම කානානිවරු කලබලෙන් එහේ මෙහේ දුවන්න පටන්ගත්තා. හැබැයි යෙහෝවා හිම කැට වැස්සක් ගෙනත් එයාලට පහර දුන්නා. යොෂුවා යෙහෝවාට කිව්වා මුළු දවසේම ඉර පායලා තියන්න කියලා. එයා එහෙම කිව්වේ එයාට යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසයි. ඊශ්‍රායෙල්වරු කානානිවරුන්ව පරද්දන කල්ම ඉර පායලා තිබුණා.
“ඔයාලා දෙයක් ‘කරන්නම්’ කිව්වොත් ඒක කරන්න. දෙයක් ‘කරන්නේ නැහැ’ කිව්වොත් ඒක කරන්න එපා. මොකද කෙනෙක් ඊට වඩා දෙයක් කියන්න පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.”—මතෙව් 5:37