ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 48
  • නුවණක්කාර ගිබියොන්වරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නුවණක්කාර ගිබියොන්වරු
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යොෂුවා සහ ගිබියොන්වරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ගිබියොන්වරුන්ගෙන් පාඩමක්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඉර නවතියි
    මගේ බයිබල් කතන්දර පොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 48
ගිබියන්වරු එයාලගේ වැරහැලි අඳුම් සහ වේළුණු, පරණ පාන් යොෂුවාට පෙන්නනවා

කතන්දර 48

නුවණක්කාර ගිබියොන්වරු

කානාන් දේශයේ නගර කිහිපයක මිනිස්සු ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න දැන් ලෑස්ති වෙලායි ඉන්නේ. ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ට දිනන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ළඟ තියෙන ගිබියොන් නගරයේ මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලන් විශ්වාස කරන්නේ දෙවි ඉශ්‍රායෙල්වරුන්ට උදව් කරනවා කියලයි. ඉතින් ඒගොල්ලන් කැමති නැහැ දෙවිට විරුද්ධව යුද්ධ කරන්න. ඉතින් ඔයා දන්නවාද ගිබියොන්වරු මොනවාද කරන්නේ කියලා?

තමන් ජීවත් වෙන්නේ හුඟක් ඈත ප්‍රදේශයක බව පෙන්නන්න ඕනේ කියලා ඒගොල්ලෝ හිතාගන්නවා. ඉතින් සමහරදෙනෙක් වැරහැලි ඇඳගෙන ගෙවිච්ච සපත්තුත් දාගන්නවා. ඒගොල්ලන්ගේ බූරුවන් පිට පරණ ගෝනි පටවාගෙන, වේළුණු පරණ පාන් කෑලි ටිකකුත් අතට ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලො යෝෂුවා ළඟට ගිහිල්ලා කියනවා: ‘අපිට ඕගොල්ලන්ගේ උතුම් දෙවි යෙහෝවා ගැන අහන්න ලැබිලා අපි ගොඩක් දුර රටකිනුයි ආවේ. ඔහු ඊජිප්තුවේදී ඕගොල්ලන් වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපේ නායකයන් කිව්වා ගමනට ඕන කරන කෑම ලෑස්ති කරගෙන ගිහින් ඔයාව හම්බ වෙලා මෙහෙම කියන්නයි කියලා: “අපි ඕගොල්ලන්ගේ වැඩකාරයෝ. අපිත් එක්ක ඕගොල්ලන් යුද්ධ කරන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න.” මේ දුර ගමනෙන් අපේ ඇඳුම් ගෙවිලා ගිහිල්ලා තියෙන හැටිත්, අපේ පාන් ටික පරණ වෙලා වේළිලා තියෙන හැටිත් ඕගොල්ලන්ට පේනවා ඇතිනේ.’

යෝෂුවා හා අනික් නායකයන් මේ ගිබියොන්වරුන්ව විශ්වාස කරනවා. ඉතින් ඒගොල්ලන් පොරොන්දු වෙනවා මේ අයට විරුද්ධව යුද්ධ කරන්නේ නැහැයි කියලා. හැබැයි දවස් තුනකට පස්සේ ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා ඒ ගිබියොන්වරු ඇත්තටම ඉන්නේ ළඟපාතකයි කියලා.

යෝෂුවා ඒගොල්ලන්ගෙන් අහනවා, ‘ඇයි ඕගොල්ලන් අපිට කිව්වේ ඕගොල්ලන් ඈත රටක ඉඳං ආවයි කියලා?’

ගිබියොන්වරු මෙහෙම උත්තර දෙනවා: ‘ඕගොල්ලන්ගේ දෙවි යෙහෝවා ඕගොල්ලන්ට මේ මුළු කානාන් දේශයම දෙනවා කියලා පොරොන්දු වුණ බව අපි දැනගෙන හිටියා. ඒ නිසා අපි භයෙන් හිටියේ ඕගොල්ලන් අපිව මරලා දායි කියලා. ඒ නිසයි අපි එහෙම කෙරුවේ.’ කොහොම වුණත් ඉශ්‍රායෙල්වරු ඒගොල්ලන්ගේ පොරොන්දුව කඩ කරලා ගිබියොන්වරුන්ව මරන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ව වැඩකාරයෝ කරගන්නවා.

ගිබියොන්වරු ඉශ්‍රායෙල්වරුන් එක්ක මෙහෙම සමාදාන වුණ එක ගැන යෙරුසලමේ රජට තරහ යනවා. ඉතින් එයා වෙන රජවරු හතරදෙනෙක්ට කතා කරලා කියනවා, ‘එන්න, ගිබියොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න මට උදව් කරන්න’ කියලා. ගිබියොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න මේ රජවරුන්ට ඕන වුණ නිසා, ඇත්තටම ගිබියොන්වරු ඉශ්‍රායෙල්වරුන් එක්ක මෙහෙම සමාදාන වුණ එක නුවණක්කාර දෙයක් වුණාද? අපි බලමු.

යෝෂුවා 9:1-27; 10:1-5.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න