ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 62
  • දාවිත්ගේ පවුලේ කරදර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත්ගේ පවුලේ කරදර
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • දාවිත් රජ කරපු වරද
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2 සාමුවෙල් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 62
අනාගතවක්තෘ නාතාන් දාවිත් රජු එක්ක කතා කරමින්

කතන්දර 62

දාවිත්ගේ පවුලේ කරදර

දාවිත් යෙරුසලමේ පාලනය කරන්න පටන්ගත්තාට පස්සේ, ඒගොල්ලන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න පටන්ගන්නවා. ඉතින් යෙහෝවා එයාගේ හමුදාවට ජයග්‍රහණ ගොඩක් ලබා දෙනවා. යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට කානාන් දේශය දෙනවා කියලා පොරොන්දු වුණා. ඉතින් අන්තිමේදී ඒගොල්ලන්ට දෙන්න පොරොන්දු වුණ මුළු දේශයම යෙහෝවාගේ උපකාරය නිසා ඒගොල්ලන්ට දැන් අයිති වෙනවා.

දාවිත් හොඳ පාලකයෙක්. එයා යෙහෝවාට ආදරෙයි. ඉතින් යෙරුසලම අල්ලගත්තාට පස්සේ එයා මුලින්ම කරන දේවල්වලින් එකක් වෙන්නේ යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය එහෙට ගේන එකයි. ඒක තැන්පත් කරන්න දේවමාළිගාවක් හදන්නත් එයාට ඕන වෙනවා.

දාවිත් වයසින් වැඩි වෙද්දී, එයා ලොකු වරදක් කරනවා. දාවිත් හොඳටම දන්නවා වෙන කෙනෙකුට අයිති දෙයක් ගන්න එක වැරදියි කියලා. ඒ වුණාට දවසක්දා, හවස් වරුවේ එයා එයාගේ මාළිගාවේ උඩ තට්ටුවේ ඉඳන් පහත බලන කොට එයා ලස්සන ස්ත්‍රියක්ව දකිනවා. ඇගේ නම බැත්-ෂෙබා. උරියා කියන ඇගේ පුරුෂයා දාවිත්ගේ භටයෙක්.

දාවිත්ට බැත්-ෂෙබාව කොච්චර ඕන වුණාද කිව්වොත් ඇයව එයාගේ මාළිගාවට ගෙන්නගත්තා. මේ වෙලාවේ ඇගේ පුරුෂයා දුර පළාතක යුද්ධ කරමිනුයි හිටියේ. ඉතින් දාවිත් ඇය එක්ක නිදාගත්තා. ඊට පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා තමන්ට දරුවෙක් ලැබෙන්න යනවා කියලා. දාවිත් දැන් ගොඩක් කලබල වෙනවා. ඉතින් එයා යෝවාබ් කියන එයාගේ හමුදාවේ නායකයාට පණිවුඩයක් යවලා කියනවා, යුද්ධ කරනකොට උරියාව හමුදාවේ මුලටම දාන්න කියලා. එයා දන්නවා එතකොට එයා මැරෙයි කියලා. උරියා මැරුණාම, දාවිත් බැත්-ෂෙබාව විවාහ කරගන්නවා.

දැන් යෙහෝවාට දාවිත් එක්ක හරි තරහයි. ඉතින් එයා කෙරුව පව් ගැන එයාට පහදලා දෙන්න යෙහෝවා තම සේවකයෙක් වන නාතාන්ව යවනවා. නාතාන් දාවිත්ට වැරැද්ද පහදලා දෙන හැටියි ඔයාට මේ පින්තූරෙන් පේන්නේ. එයා කරලා තියෙන දේ ගැන දාවිත් ගොඩක් දුක් වෙනවා. මේ නිසා යෙහෝවා එයාව මරන්නේ නැහැ. ඒ වුණාට යෙහෝවා මෙහෙම කියනවා: ‘ඔයා මේ නරක දේවල් කරලා තියෙන නිසා ඔයාගේ පවුලට කරදර ගොඩක් ඇති වෙන්න යනවා.’ කිව්ව විදිහටම දාවිත්ට ඇති වෙන කරදර කොයිතරම්ද!

මුලින්ම, බැත්-ෂෙබාගේ පුතා මැරෙනවා. ඊට පස්සේ දාවිත්ගේ ලොකුම පුතා අම්නොන්, එයාගේ සහෝදරී තාමර් තනියෙන් ඉන්නකොට එයාව අල්ලගෙන, ඈත් එක්ක බලෙන් නිදාගන්නවා. දාවිත්ගේ පුතා ඒ කියන්නේ අබ්සලොම්ට මේ ගැන කොයිතරම් කේන්ති යනවද කිව්වොත් එයා අම්නොන්ව මරනවා. පස්සේ කාලෙක, අබ්සලොම් මිනිස්සු හුඟදෙනෙකුගේ කැමැත්ත දිනාගෙන එයාම රජ වෙනවා. අන්තිමේදී, දාවිත් අබ්සලොම්ට විරුද්ධව යුද්ධ කරලා දිනනවා. මේ යුද්ධයේදී අබ්සලොම් මැරෙනවා. ඔව්, දාවිත්ට කරදර ගොඩක් ඇති වෙනවා නේද?

මේ අතරේදී බැත්-ෂෙබාට සාලමොන් කියලා පුතෙක් ලැබෙනවා. දාවිත් වයසට ගිහින් ලෙඩ වුණාම, එයාගේ පුතා අදොනියා උත්සාහ කරනවා රජ වෙන්න. මේ වෙලාවේ දාවිත් ශාදොක් කියන පූජකයාට කියලා සාලමොන්ගේ ඔළුවට තෙල් වත් කරනවා. මේකෙන් පෙන්නන්නේ සාලමොන් රජ වෙන්න යනවා කියන එකයි. ටික කාලෙකට පස්සේ, ඒ කියන්නේ දාවිත්ට වයස අවුරුදු 70ක් වෙන කොට එයා මැරෙනවා. එයා අවුරුදු 40ක් පාලනය කළා. හැබැයි දැන් ඉශ්‍රායෙල්වරුන්ගේ රජ සාලමොන්.

2 සාමුවෙල් 11:1-27; 12:1-18; 1 රාජාවලිය 1:1-48.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න