ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 43 පාඩම 104 පි.
  • දාවිත් රජ කරපු වරද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් රජ කරපු වරද
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දාවිත්ගේ පවුලේ කරදර
    මගේ බයිබල් කතන්දර පොත
  • ජීවිතයේ වෙනස්කම් සිදු වන විට දෙවිගේ ආත්මය කෙරෙහි රඳා සිටින්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වරද හෙළි කිරීමෙන් ආත්මිකව සුවයක් ලබාගත හැක
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 43 පාඩම 104 පි.
අනාගතවක්තෘ නාතන් දාවිත්ට උපදෙස් දෙමින්

43වෙනි පාඩම

දාවිත් රජ කරපු වරද

දාවිත් රජ වුණේ අවුරුදු 30දී. දවසක් රෑ මාලිගාවේ උඩ තට්ටුවේ ඉද්දී එයා ලස්සන ගෑනු කෙනෙක්ව දැක්කා. එයා ගැන විස්තර හොයලා බැලුවාම දාවිත් දැනගත්තා එයා උරියා කියන සෙබළාගේ බිරිඳ වන බැත්ෂෙබා කියලා. දාවිත් එයාව මාලිගාවට ගෙන්නගෙන ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ නිසා බැත්ෂෙබාට දරුවෙක් ලැබෙන්න හිටියා. වෙච්ච දේ අනිත් අය දැනගන්නවාට දාවිත් කැමති වුණේ නැහැ. එයා හමුදාවේ නායකයෙක්ට කිව්වා සටන් කරද්දී උරියාව සතුරන් ඉස්සරහටම යවන්න කියලා. උරියා මැරුණාම දාවිත් බැත්ෂෙබාව විවාහ කරගත්තා.

දාවිත් රජ සමාව ඉල්ලලා යාච්ඤා කරමින්

වෙච්ච හැම දේම යෙහෝවා දැක්ක නිසා ඔහු අනාගතවක්තෘ නාතන්ව දාවිත් ළඟට යැව්වා. නාතන් මෙහෙම කිව්වා. ‘බැටළුවන් හුඟක් හිටිය පොහොසත් කෙනෙකුත් පුංචි බැටළුවෙක් විතරක් හිටිය දුප්පත් කෙනෙකුත් හිටියා. හැබැයි දවසක් පොහොසත් කෙනා ඒ බැටළුවාව ගත්තා.’ ඒක අහලා දාවිත්ට හොඳටම කේන්ති ගිහින් කිව්වා ‘ඒ මිනිහාව මරන්න ඕනේ’ කියලා. එතකොට නාතන් කිව්වා “ඔයා තමයි ඒ මිනිහා” කියලා. ඒ වෙලේ දාවිත් හරිම දුකෙන් කිව්වා “මම යෙහෝවා දෙවියන්ට විරුද්ධව පව් කළා” කියලා. දාවිත් කරපු වරද නිසා එයාටත් පවුලේ අයටත් දුක් විඳින්න වුණා. හැබැයි දාවිත් අවංක, නිහතමානී කෙනෙක් නිසා දෙවියන් එයාට ජීවත් වෙන්න ඉඩ දුන්නා.

දේවමාලිගාවක් හදන්න දාවිත්ට ලොකු ආසාවක් තිබුණත් යෙහෝවා ඒකට තෝරගත්තේ දාවිත්ගේ පුතා වුණු සලමොන්ව. දාවිත් ඒකට ඕන කරන දේවල් ලෑස්ති කළාට පස්සේ මෙහෙම කිව්වා. ‘යෙහෝවාට හදන දේවමාලිගාව ලස්සනට තියෙන්න ඕනේ. සලමොන් තාම පොඩියිනේ. ඒ නිසා ඕන කරන දේවල් ලෑස්ති කරලා මං එයාට උදව් කරන්නම්.’ දාවිත් එයාගේ සල්ලි ගොඩක් ඒ වෙනුවෙන් දුන්නා. දක්ෂ වැඩකරුවන්වත් හොයාගත්තා. ඇති තරම් රත්තරන්, රිදී වගේම තීර්, සීදොන් කියන දේශවලින් දේවදාර ලීත් එකතු කරගත්තා. එයා මැරෙන්න කලින් දේවමාලිගාව හදන්න ඕන විදිහ ගැන සලමොන්ට කියලා දීලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා තමයි මේ තොරතුරු මට කිව්වේ. ඔහු ඔයාට උදව් කරයි. බය වෙන්න එපා. වැඩේ පටන්ගන්න.’

දේවමාලිගාව හදන විදිහ ගැන දාවිත්, සලමොන් එක්ක කතා කරමින්

“තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ. ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.”—හිතෝපදේශ 28:13

ප්‍රශ්න: දාවිත් කරපු වරද මොකක්ද? දාවිත් සලමොන්ට උදව් කළේ කොහොමද?

2 සාමුවෙල් 5:3, 4, 10; 7:1-16; 8:1-14; 11:1–12:14; 1 ලේකම් 22:1-19; 28:11-21; ගීතාවලිය 51:1-19

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න