ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 74
  • භය නැති මිනිසෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භය නැති මිනිසෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා
    දූපුතුන්ට කියා දෙන්න
  • “අවසාන කාලයේ” දෙවිට සේවය කරන අපට වැදගත් තොරතුරු
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙරෙමියා දිගටම දේශනා කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 74
යෙරෙමියා ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවද්දී එයාලා යෙරෙමියාට හිනා වෙනවා

කතන්දර 74

භය නැති මිනිසෙක්

බලන්න මේ තරුණයාට මිනිස්සු විහිළු කරන හැටි. එයා කවුද කියලා ඔයා දන්නවාද? මේ යෙරෙමියා. එයා දෙවිගේ හොඳ අනාගතවක්තෘවරයෙක්.

යොෂියා රජ දේශයෙන් රූප විනාශ කරන්න පටන් අරන් ටික කාලයක් ගියාට පස්සේ, යෙහෝවා යෙරෙමියාට කියනවා ඔහුගේ අනාගතවක්තෘවරයා හැටියට සේවය කරන්න කියලා. ඒ වුණාට අනාගතවක්තෘවරයෙක් වෙන්න එයා පොඩි වැඩියි කියලයි යෙරෙමියා හිතන්නේ. නමුත් යෙහෝවා කියනවා ඔහු එයාට උදව් කරනවා කියලා.

යෙරෙමියා ඉශ්‍රායෙල්වරුන්ට කියනවා නරක දේවල් කරන එක නවත්වන්න කියලා. ‘අනික් ජාතීන් නමස්කාර කරන්නේ බොරු දෙවිවරුන්ටයි’ කියලා එයා කියනවා. ඒ වුණාට සැබෑ දෙවි යෙහෝවාට නමස්කාර කරනවාට වඩා රූපවලට නමස්කාර කරන්නයි ඉශ්‍රායෙල්වරු කැමති. ඒගොල්ලන්ගේ නපුරුකම නිසා දෙවි ඒගොල්ලන්ට දඬුවම් කරන්න යනවා කියලා යෙරෙමියා මිනිස්සුන්ට කියනකොට ඒගොල්ලන් එයාව ගණන් ගන්නේ නැතුව හිනා වෙනවා.

අවුරුදු ගානක් පහු වෙනවා. යොෂියා මැරිලා මාස තුනකට පස්සේ එයාගේ පුතා යෙහෝයාකිම් රජකමට පත් වෙනවා. යෙරෙමියා මිනිස්සුන්ට දිගටම මෙහෙම කියනවා: ‘ඕගොල්ලන්ගේ නරක හැසිරීම නැවැත්තුවේ නැත්නම්, යෙරුසලම විනාශ වෙයි.’ පූජකවරු යෙරෙමියාව අල්ලාගෙන ‘මේ වාගේ දේවල් කියනවට ඔයාව මරන්න වටිනවා’ කියලා කෑගහනවා. ඊට පස්සේ ඒගොල්ලන් ඉශ්‍රායෙල් දේශයේ අධිපතීන්ට කියනවා: ‘යෙරෙමියා අපේ නගරයට විරුද්ධව කතා කරපු නිසා, එයාව මරන්න’ කියලා.

දැන් යෙරෙමියා මොකක්ද කරන්න යන්නේ? එයා නම් භය නෑ! එයා ඒ හැමදෙනාටම මෙහෙම කියනවා: ‘ඕගොල්ලන්ට මේ දේවල් කියන්න මාව එව්වේ යෙහෝවාමයි. ඕගොල්ලන්ගේ නරක හැසිරීම වෙනස් කළේ නැත්නම්, යෙහෝවා යෙරුසලම අනිවාර්යයෙන්ම විනාශ කරනවා. හැබැයි මේක මතක තියාගන්න: ඕගොල්ලන් මාව මැරුවොතින්, ඕගොල්ලන් මරන්නේ කිසි වරදක් කරපු නැති මිනිහෙක්වයි.’

ඉතින් අධිපතීන් යෙරෙමියාට ජීවත් වෙන්න ඉඩ දෙනවා. ඒ වුණාට ඉශ්‍රායෙල්වරු ඒගොල්ලන්ගේ නරක හැසිරීම වෙනස් කරන්නේ නැහැ. පස්සේ කාලෙක නෙබුකද්නෙශර් කියන බබිලෝනියේ රජ ඇවිත් යෙරුසලමට විරුද්ධව සටන් කරනවා. අන්තිමේදී නෙබුකද්නෙශර් ඉශ්‍රායෙල්වරුන්ව එයාගේ සේවකයන් හැටියට ගන්නවා. එයා දහස් ගණනක්ව බබිලෝනියට අරන් යනවා. ඔයා අඳුනන්නේ නැති අය ඇවිත් ඔයාව ඔයාගේ ගෙදරින් අමුතු රටකට අරගෙන ගියොත් ඒක මොන වගේ අද්දැකීමක් වෙයිද කියලා හිතලා බලන්න!

යෙරෙමියා 1:1-8; 10:1-5; 26:1-16; 2 රාජාවලිය 24:1-17.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න