ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 75
  • බබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පරීක්ෂා කළත් යෙහෝවාට ඇදහිලිවන්ත බව ඔප්පු වෙයි!
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් පොතෙන් විශේෂාංග
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 75
දානියෙල්, ෂද්‍රක්, මේෂක් හා අබේද්නෙගෝ නෙබුකද්නෙශර් රජ දෙන කෑම සහ වයින් එපා කියනවා

කතන්දර 75

බබිලෝනියේ පිරිමි ළමයි හතරදෙනෙක්

නෙබුකද්නෙශර් රජ හොඳට ඉගෙනගෙන තියෙන ඉශ්‍රායෙල්වරුන්ව බබිලෝනියට ගෙනියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙනුත් පෙනුමෙන් හොඳම, නුවණින් වැඩිම තරුණයන්වයි එයා තෝරාගන්නේ. ඒ අයගෙන් හතරදෙනෙක් තමයි මේ පින්තූරයේ ඉන්නේ. එක්කෙනෙක් දානියෙල්. අනික් තුන්දෙනාට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ කියලා බබිලෝනිවරුන් නම් දාලා තියෙනවා.

එයාගේ මාළිගාවේ සේවය කරන විදිහයි නෙබුකද්නෙශර් මේ තරුණයන්ට උගන්වන්න හිතාගෙන ඉන්නේ. අවුරුදු තුනක් ඉගැන්නුවාට පස්සේ ප්‍රශ්න විසඳන්න එයාට උදව් කරන්න එයා තෝරාගන්න යන්නේ නුවණින් වැඩිම අය විතරයි. ඒගොල්ලන්ට උගන්වන කාලය පුරාම මේ තරුණයන් හැඩි දැඩි ශක්තිමත් අය වෙලා ලෙඩක් නැතුව ඉන්නවා දකින්නයි රජු කැමති. ඉතින් එයායි එයාගේ පවුලේ අයයි කන බොන රස දේවල්ම ඒ හැමදෙනාටමත් දෙන්න කියලා එයා එයාගේ සේවකයන්ට අණ කරනවා.

තරුණ දානියෙල් දිහා බලන්න. අෂ්පෙනස් කියන නෙබුකද්නෙශර්ගේ සේවකයන්ගේ නායකයාට එයා කියන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද? රජුගේ මේසයෙන් රස කෑම කන්න එයා කැමති නැහැයි කියලයි දානියෙල් එයාට කියන්නේ. ඒ වුණාට අෂ්පෙනස් මේ ගැන කලබල වෙනවා. ‘ඕගොල්ලන් කන්න බොන්න ඕන දේවල් රජ තීරණය කරලා ඉවරයි. ඕගොල්ලන් අනික් තරුණයන් වගේ හොඳ සනීපෙන් ඉන්නවා දැක්කේ නැත්නම් එයා මාව සමහරවිට මරලා දායි’ කියලා එයා කියනවා.

ඉතින් දානියෙල්ව හා එයාගේ යාළුවන් තුන්දෙනාව බලාගන්න කියලා අෂ්පෙනස් භාර දීලා තියෙන භාරකාරයා ළඟට දානියෙල් ගිහින් මෙහෙම කියනවා: ‘අපිට දවස් 10ක් ඉඩ දීලා බලන්නකෝ. අපිට කන්න එළවළු ටිකකුයි බොන්න වතුරයි දෙන්න. ඊට පස්සේ රජුගේ කෑම කන අනික් තරුණයන් එක්ක තියලා බලන්න කාටද හොඳ පෙනුමක් තියෙන්නේ කියලා.’

මේක කරන්න භාරකාරයා කැමති වෙනවා. දවස් 10 ඉවර වුණාට පස්සේ මෙන්න බලන්න! දානියෙල් හා එයාගේ යාළුවන් අනික් හැම තරුණයෙකුටම වඩා සනීපෙන් ඉන්නවා කියලා පේනවා. ඉතින් රජු දෙන කෑම කන්නේ නැතුව ඒගොල්ලන්ට දිගටම එළවළු කන්න භාරකාරයා ඉඩ දෙනවා.

අවුරුදු තුන ඉවර වුණාම තරුණයන් හැමදෙනාවම නෙබුකද්නෙශර් ඉදිරියට ගෙනියනවා. ඒ හැමදෙනා එක්කම කතා කළාට පස්සේ රජුට තේරෙනවා දානියෙල් හා එයාගේ යාළුවන් තුන්දෙනා තමයි නුවණින් වැඩිම අය කියලා. ඉතින් එයාට මාළිගාවේ උදව් කරන්න ඒගොල්ලන්ව තියාගන්නවා. දානියෙල්, ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝගෙන් රජ ප්‍රශ්නයක් අහන නැත්නම් විසඳන්න අමාරු ප්‍රශ්න ඉදිරිපත් කරන ඕනෑම වෙලාවක, රජුගේ පූජකයින්ටත් නුවණ ඇත්තන්ටත් වඩා 10ගුණයකටත් වඩා වැඩියෙන් උත්තර දන්නවා.

දානියෙල් 1:1-21.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න