පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව
පොදු යුගයේ 33 වසරේ පෙන්තකොස්තයේ දී යේසුස් වහන්සේගේ ගෝලයින් 120 දෙනෙකු මත ශුද්ධාත්මය වගුරුවනු ලැබුයෙන්, ඔවුහු බොහෝ භාෂාවන්ගෙන් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන කථා කිරීමට පටන් ගත්හ. මෙය ක්‍රිස්තියානි සභාවේ ආරම්භය විය. එදින 3000ක් පමණ නව ගෝලයින් බව්තීස්ම කරනු ලැබී ය.—ක්‍රියා, පරිච්ඡේද 2.
ප්‍රේරිතයන් සහ අන්‍යයන් දේව වචනය නිර්භීත ලෙස දිගට ම කථා කරන අතර, විවිධ ප්‍රදේශයන්හි සභාවෝ ගණනින් වැඩි වූහ. ක්‍රියා පොතෙහි වාර්තා කර ඇති පරිදි, දේශනා සේවය, බබිලෝනිය සහ උතුරු අප්‍රිකාවේ සිට රෝමය සහ සමහර විට ස්පාඤ්ඤය දක්වා වූ, මධ්‍යධරණි ප්‍රදේශය පුරා ඉක්මනින් පැතිර ගියේ ය.—රෝම 15:18-29; කොලොස්සි 1:23; 1 පේතෘස් 5:13.
ජනයා ගෝලයින් බවට පත් වූ කොතැන වුවද, ඔවුහු සභාවන් ඇති කළහ. සභාවන්හි හරි ඉගැන්වීම් සහ හැසිරීමේ ප්‍රමිති පවත්වා ගැනීම සඳහා සුදුසුකම්ලත් මේරූ මනුෂ්‍යයන් වැඩිමහල්ලන් හෝ ආවේක්ෂකයින් ලෙස පත් කරනු ලැබී ය. නමුත් ඔවුන් පූජක පන්තියක් ලෙස පිහිටුවනු නොලැබූ අතර, ඔවුහු දේව සේවකයින් සහ දේව රාජ්‍යය සඳහා හවුල් වැඩකරුවෝ වූහ.—ක්‍රියා 14:23; 20:28; 1 කොරින්ති 3:5; 5:13; කොලොස්සි 4:11; 1 තිමෝති 3:1-15; හෙබ්‍රෙව් 13:17; 1 පේතෘස් 5:1-4.
ප්‍රේරිතයෝ සහ අනෙකුත් කිට්ටු හවුල් සේවකයෝ පාලක මණ්ඩලයක් ලෙස සේවය කළහ. ඔවුහු දේශනා සේවයේ පෙරමුණ ගත්හ. ඔවුහු යෙරුසලෙම් සභාවේ ගැටලු විසඳාලූහ. ඔවුහු සමාරියට සහ අන්තියෝකියට, එහි නව ඇදහිලිවන්තයන් දිරිමත් කරනු සඳහා සුදුසුකම්ලත් සහෝදරයන් යැව්වෝ ය. තම තීරණය සියලු සභාවන්ට පිළිපැදීම සඳහා යවමින්, ඔවුහු චර්මඡේදනය ගැන වූ ආරවුලක් විසඳා ගත්හ. එනමුත් මෙම මනුෂ්‍යයෝ අන්‍යයන් කෙරෙහි ස්වාමිවරුන් නොව, නමුත් මුළු සභාවේ ම දාසයන් සහ හවුල් වැඩකරුවන් වූහ.—ක්‍රියා 4:33; 6:1-7; 8:14-25; 11:22-24; 15:1-32; 16:4, 5; 1 කොරින්ති 3:5-9; 4:1, 2; 2 කොරින්ති 1:24.
මුල් ගෝලයෝ ක්‍රිස්තියානින් ලෙස හඳුන්වනු ලැබූහ. එලෙස නම් කරනු ලැබ තිබුණේ දිව්‍ය සැපයුමෙන් ය. ඔවුන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබූ ඉගැන්වීම් ද ඔවුන්ට තිබිණ; මේවා නම් කරනු ලැබුයේ ප්රේරිතයින්ගේ ඉගැන්වීම් ලෙස ය, නැතහොත් සාර වූ වචනවල ආදෘශය වශයෙන් ය. මෙම ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම සත්‍යය ලෙසත් ප්‍රසිද්ධ විය.—යොහන් 17:17; ක්‍රියා 2:42; 11:26; රෝම 6:17; 1 තිමෝති 4:6; 6:1, 3; 2 තිමෝති 1:13; 2 පේතෘස් 2:2; 2 යොහන් 1, 4, 9.
ඔවුහු ප්‍රේමයෙන් එක්සත් වුණු ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක් වූහ. අන් රටවල සිටින තම සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ඔවුහු උනන්දුව පෙන්වූහ. විදේශයන්හි සංචාරය කරන විට, සෙසු ඇදහිලිවන්තයෝ ඔවුන් ව තම ගෙවලට සාදරයෙන් පිළිගත්හ. ලෝකයෙන් වෙන් වූ, ශුද්ධ සෙනඟක් ලෙස සදාචාරමය හැසිරීමේ උසස් ප්‍රමිතියක් පවත්වා ගත්හ. ඔවුහු යෙහෝවඃ වහන්සේගේ දවස පැමිණීමේ කාලය, මනසේ කිට්ටුවෙන් තබා ගෙන උද්යෝගිමත් ලෙස තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.—යොහන් 13:34, 35; 15:17-19; ක්‍රියා 5:42; 11:28, 29; රෝම 10:9, 10, 13-15; තීතස් 2:11-14; හෙබ්‍රෙව් 10:23; 13:15; 1 පේතෘස් 1:14-16; 2:9-12; 5:9; 2 පේතෘස් 3:11-14; 3 යොහන් 5-8.
කෙසේ වුවද, පුරෝකථනය කළ පරිදි, දෙවන හා තුන්වන සියවස් තුළ දී බලවත් ධර්මභේදයක් වර්ධනය වීමට පටන්ගතී. ඉගැන්වීම, හැසිරීම, සංවිධානය, ලෝකය කෙරෙහි ස්ථාවරය, පිළිබඳ පළමු ක්‍රිස්තියානි සභාවේ පරිශුද්ධත්වය පවත්වා නොගත්, විශාල පල්ලි ක්‍රම එහි ප්‍රතිඵලය විය.—මතෙව් 13:24-30, 37-43; 2 තෙසලෝනික පරිච්ඡේද 2.
එනමුත් දේවල පිළිවෙළේ අවසානයේ දී, සත්‍ය නමස්කාරයේ නැවත පිහිටු වීමක් ඇති වන බව යේසුස් වහන්සේ පුරෝකථනය කළ සේක. යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයට අවුරුදු 1900කට පමණ පසු, අපේ කාලයේ දී, ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකම් තුළ මෙම නැවත පිහිටු වීම දැකීමට හැකි බව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. පසුව එන පිටු, මක්නිසාදැයි පැහැදිලි කරනු ඇත.
• ක්‍රිස්තියානි සභාව ආරම්භ වූයේ කෙසේ ද? එය වර්ධනය වූයේ කෙසේ ද?
• එම සභාව අවේක්ෂණය කරන ලද්දේ කෙසේ ද?
• පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානින් පැහැදිලි ලෙස වෙන් කර දැක් වූ දේවල් මොනවා ද?
[7වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
කළු මුහුද
කැස්පියන් මුහුද
මධ්‍යධරණී මුහුද
පර්සියානු බොක්ක
රතු මුහුද
පළමු ශතවර්ෂයේ දී ශුභාරංචිය පතිත වූ ප්‍රදේශ
ඉතාලිය
රෝමය
බිතීනිය
ගලාතිය
ග්‍රීසිය
ආසියාව
කැපදෝකිය
මෝල්ටාව
කිලීකිය
මෙසපොතේමියාව
ක්‍රීතය
සයිප්‍රසය
සිරියාව
ඊශ්‍රායලය
බබිලෝනියාව
යෙරුසලම
මෙම ප්‍රදේශවලින් සමහරු ඇදහිලිවන්තයන් වූහ
ඉල්ලුරිකිය
මේදය
පාර්තියාව
ඒලාම්
ලිබියාව
ඊජිප්තුව
අරාබිය
ඉතියෝපියාව
[7වන පිටුවේ පින්තූර]
පළමු ක්‍රිස්තියානිහු දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස දේශනා කළහ
කොතැනකට ගමන් කළත් ක්‍රිස්තියානින් සෙසු ඇදහිලිවන්තයින්ගේ ගෙවලට සාදරයෙන් පිළිගැණුනි